IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


අන්තර්ජාල වෙදා ලෙඩෙක්

රෝග විනිශ්චය සදහා අන්තර්ජාලය භාවිතා නොකරන්නයි ඇමරිකා වෛද්‍යවරු පිරිසක් අනතුරු අගවති.

අප බොහෝ දෙනා කිසියම් රෝගයක් වැළදුණු විටදී එයට හේතුව හා පිළියම් ඉක්මනින් සොයාගැනීමට කැමති බවත් මේ සදහා වැඩි වශයෙන්ම භාවිතයට යොදා ගැනෙන්නේ අන්තර්ජාලය බවත් ඔවුහු කියති.

බහුලවම වැළදෙන රෝග කිහිපයක් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ,විශේෂයෙන් බොහෝ දෙනා තොරතුරු ලබා ගැනීම සදහා යොදාගන්නා විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝෂයේ තොරතුරු සොයාබැලු විට එම රෝග සම්බන්ධයෙන් ලියැවී තිබුණු ලිපි වල දෝෂ හා අසත්‍ය කරුණු රාශියක් තිබුණු බව සොයාගැනීමට හැකිවූයේ යැයි ඔවුහු පවසති.

විකිපීඩියා විශ්වකෝෂයේ ඇති ලිපි ඕනෑම අයෙකුට වෙනස් කිරීමේ හැකියාව තිබීම මෙම තත්ත්වයට හේතුවී ඇතැයි වෛද්‍ය පිරිස පෙන්වා දෙති.

එහි සදහන්ව තිබූ ඇතැම් ප්‍රතිකාර විධි ඒ අයුරින්ම ක්‍රියාත්මක කළහොත් කෙළවර වනු ඇත්තේ මරණයෙන් බව ඔවුහු කියති.

විකිපීඩියා විශ්වකෝෂයට මෙසේ චෝදනා නැගුණු පළමු අවස්ථාව මෙය නොවේ.බොහෝ ඖෂධ සමාගම් තම ඖෂධ වල තත්ත්වය සම්බන්ධයෙන් එහි පළ කර තිඛෙන ලිපි වල අන්තර්ගත වන ඇතැම් අවාසි සහගත කරුණු ඉවත් කිරීමේ නිරතව සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් නිිසි පියවරක් ගෙන නොමැති බවත් යන්න එයට එරෙහිව නැගෙන චෝදනා වලින් ප්‍රධාන එකකි.

අන්තර්ජාලයේ තොරතුරු හුවමාරුවේදී සියලූ දෙනාගේ දායකත්වය වැදගත්වුවද එය ආඩි හත්දෙනාගේ කැද හැළියක් වැනි තත්ත්වයට පත්වීමට වැඩි අවස්ථාවක් ඇතැයි වෛද්‍යවරු පිරිස පවසති.

මේ නිසා කළ යුතු හොදම දෙය රෝගයක් වැළදී ඇත්නම් zzගොඩ වෙදකම්zz නොකර වහාම පිළිගත් වෛද්‍යවරයෙක් හමුවීම යැයි ඔවුුහු උපදෙස් දෙති.



අදහස් (0)

අන්තර්ජාල වෙදා ලෙඩෙක්

සමන් Thursday, 29 May 2014 08:02 AM

මගෙත් යාලුවෙක් ඉන්නවා මොකක් හරි ලෙඩක් හැදුනම අන්තර්ජාලයේ හොයලා ෆාමසියෙන් බෙහෙත් ගන්න. (ස)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 29 May 2014 12:36 PM

දොස්තරලා කවුද ඔය වැඩේට කැමති වෙන්නේ.මිනිස්සු අන්තර්ජාලෙන් බේත් ගත්තොත් එයාලට තමයි බඩේ පාර වදින්නේ. (ස)

:       0       0

චාමික Thursday, 29 May 2014 01:38 PM

මෙවර ලිපිය හොදින් ලියා තිබෙනවා. කරුණුවල නිරවද්‍ය තාවය වගේම භාෂාවත් නිවැරදිව යොදාගෙන තිබෙනවා. (දිල්)

:       0       0

රේමන්ඩ් Tuesday, 03 June 2014 05:00 PM

වැරදි උපදෙස් තිබෙනවා නම් වහාම එම වෙබ් සයිට් නැවැත්විය යුතුය. නැත්නම් මිනිසුන් මේවා බලා මානසික රෝගීන් වනු ඇත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site