IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අනාගත රොබෝට හිතකුත් දෙයි

රොබෝවරුන්ටත් මිනිසුන් සේම සිතීමේ දැනීමේ හා කතාබහ කිරීමේ හැකියාව ලබා දීමට ගූගල් සමාගම සැරසේ.

මේ සම්බන්ධයෙන් වන පර්යේෂණයන් සිදුකිරීමට ලොව විශාලතම කෘතිම බුද්ධි පර්යේෂණාගාරය ඉදිකිරීමේ කටයුතුද මේ දිනවල සිදුවේ.

රොබෝවරුන් හා සම්බන්ධ නිමැවුම් නිශ්පාදනය කරනා සමාගම් කිහිපයක්ම ගූගල් සමාගම තම සමාගම් ජාලයට ඇතුළත් කරගෙන තිබේ.තම ඉලක්කය කරා යාමට එම සමාගම් වල සොයාගැනීම්ද ගූගල් සමාගම යොදාගනු ඇතැයි සදහන්ය.

ගූගල් සමාගමේ නව ඉංජිනේරු අධ්‍යක්ෂක රෙයි කුර්ස්වෙල් පවසන ආකාරයට 2029 වන විට රොබෝවරුන් බුද්ධිය අතින් මිනිසුන් පරදවනු ඇත.

‘‘ලෝක චෙස් ශූරයාද පරිගණකයකට පරාජය වන දිනය වැඩි ඈතක නොවේ.‘‘ ඔහු කියයි.

‘‘ගූගල් සමාගමේ අපට වුවමනා කරන්නේ පරිගණක හා රොබෝවරුන් මිනිසුන්ට තවත් කිට්ටු කරවන්න.උදාහරණයක් කියන්නම්.මිනිහෙකුට කවදාවත් බැහැ අන්තර්ජාලයේ තිබෙන සියලූ දේවල්,විශේෂයෙන් ලිපි ආදිය මතකයේ තබා ගන්න.නමුත් පරිගණකයකට හෝ රොබෝවෙකුට ඒක සුලූ දෙයක්.දැන් මේ දේවල් ඒවායින් එළියට ගන්නේ කොහොමද?.අපිට පුලූවන් අවශ්‍ය දේ කියලා තොරතුරු ගන්න.නමුත් කොහොමද පරිගණකය හෝ රොබෝවා සමග බුද්ධිමය සංවාදයක නියැලෙන්න අපට පුලූවන් වුනොත්?.හරියට අපි මිනිසුන් එකිනෙකා හා කතාබහ කරගන්නවා වගේ?.අන්න ඒක තමයි අපේ ඉලක්කය‘‘ කුර්ස්වෙල් පවසයි.



අදහස් (0)

අනාගත රොබෝට හිතකුත් දෙයි

ෂිලා Tuesday, 25 February 2014 04:22 AM

ගුගල් ඇමරිකන් නිසා අපට එපා....(අ)

:       0       0

සේන Tuesday, 25 February 2014 04:23 AM

කෝ ඒ කාලේ ලංකාවේ රහතන් වහන්සේලා මිට වඩා දේවල් කරා කියල කවුරුත් පුරාජේරු පාරක් තාම කියල නැහැනේ... ඒ මොකෝ....(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site