තමන්ගේ අනාගතය අවිනිශ්චිත යැයි බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පවසයි. බ්‍රසීල ජනාධිපතිවරණය ලබන 2022 වසරේ පැවැත්වීමට නියමිත අතර, බොල්සරානෝ යළි ජනාධිපති ධුරය අපේක්ෂාවෙන් පසුවෙයි.
ජනාධිපතිවරණයෙන් තමන්ට ජයග්‍රහණය කිරීමට නොහැකි වුවහොත්, එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිරදඩුවම් විදීමට සිදුවනු ඇති බව හෙතෙම කියයි. ජනාධිපතිවරයා මෙසේ කියා ඇත්තේ එම චෝදනා සියල්ල දේශපාලන පළිගැනීම් බව ද පෙන්වා දෙමිනි. ඊට අමතරව, තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බැවින්, තමන්ට මියයෑමට පවා සිදුවනු ඇති බව ද ජනාධිපති බොල්සරානෝ පවසා ඇත.
'මගේ අනාගතය අවිනිශ්චිතයි. එක්කෝ මාව අත්අඩංගුවට ගනීවි. නැතිනම් මා මරා දමාවි. එහෙමත් නැතිනම් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්න මට හැකිවේවි. වෙන විකල්ප ඇත්තේ නැහැ. මෙයයි මගේ අනාගතය' යැයි 66 හැවිරිදි බොල්සරානෝ මෙසේ පැවැසුවේ ඔහුගේ පක්ෂ ආධාරකරුවන් අමතමිනි.
බොල්සරානෝ නියෝජනය කරන්නේ බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික බල කඳවුරය. ඔහුට මේවනවිටත් වාමාංශික බල කඳවුරට නායකත්වය දෙන හිටපු ජනාධිපතිවරයකු ද වන ලූලා ද සිල්වාගෙන් අභියෝගයක් එල්ල වී අවසන්ය. බ්‍රසීල වැසියන් බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත්තේ, දූෂණ චෝදනාවලට වරදකරු වී, සිරදඩුවම් විඳ යළි දේශපාලනයට පිවිසෙන ලූලා ද සිල්වා 2022 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ඇති බවය.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
අනාගතය අවිනිශ්චිත බව බ්‍රසීල ජනාධිපති කියයි
sachith Monday, 30 August 2021 03:56 PM
බ්‍රසීලයෙන් ඇහෙන්නේ...‘‘මම පැරදුණොත් මාව විදුලි පුටුවට ගෙනියන්න හදන්නේ හාමුදුරුවනේ...‘‘..
nihaal Tuesday, 31 August 2021 04:15 AM
මම මටම බණ ටිකක් කියාගත්තා