අධික සීතල දරා ගැනීමට නොහැකිව, ඇෆ්ගන් වැසියන් 70 දෙනකු සහ ගවයන් 70,000 ක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඇෆ්ගන් ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, ඇෆ්ගන් වැසියන් සහ ගවයන් මියගොස් ඇත්තේ පසුගිය සති දෙකක කාලයේය. ඇෆ්ගනිස්තානයට බලපෑ මෙම අධික සීතල මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය කිරීමට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.
ඇෆ්ගනිස්තානයේ පළාත් රැසක උණුසුම සෙල්සියස් අංශක රින 33 කෙන් අඩු වී ඇති බව පැවැසෙයි. අධික සීතලෙන් වැඩිපුරම බලපෑම් එල්ල වී ඇත්තේ ඝෝර් දිස්ත්‍රික්කයටය.
මෑත ඉතිහාසයේ ඇෆ්ගනිස්තානයට බලපෑ දැඩි සීතල කාලගුණ තත්ත්වය මෙය යැයි ද පැවැසෙයි. දේශීය ආහාර නිෂ්පාදන කටයුතුවලට ද අධික සීතලෙන් බලපෑම් එල්ල වී තිබේ. ඇෆ්ගන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ දැඩි සීතල කාලගුණය තව සති කීපයක් පවතිනු ඇති බවය.
(ඒ.එෆ්.පී.)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අධික සීතල දරා ගන්න බැරිව 70 ක් මැරිලා