ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන භාරතීය ජනතා පක්ෂයේ නායකත්වය, හින්දු ජාතිකවාදී දැඩිමතධාරී දේශපාලඥ නරේන්ද්‍ර මෝඩිට හිමිවීමත් සමඟ, එහි ජ්‍යෙෂ්ඨ නායකයා ලෙස කටයුතු කළ එල්.කේ. අද්වානී සිය තනතුරුවලින් ඉල්ලා අස් වීමට ඉකුත් 10 වැනිදා තීරණය කළත් පෙරේදා (11) සවස ඔහු එම තීරණය වෙනස් කළේය.
85 හැවිරිදි අද්වානී, භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු කමිටුවෙන්, ජාතික විධායක කමිටුවෙන් සහ මැතිවරණ කමිටුවෙන් ද ඉල්ලා අස් වීමට තීරණය කර සිටි බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබුණි.
ඔහු එම තීරනය වෙනස් කළේ මෝඩි සහ පක්ෂයේ සෙසු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සමඟ කළ සාකච්ඡාවකින් ද පසුවය.
මෝඩිට පක්ෂ නායකත්වය හිමිවුණේ ඉකුත් 9 වැනිදාය. වසර ගණනාවක් ගුජරාඨ ප‍්‍රාන්තයේ මහ ඇමැති ලෙස, එම ප‍්‍රාන්තය සමෘද්ධිමත් කළ මෝඩි, 2014 වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අද්වානී දිගටම භාරතීය ජනතා පක්ෂයේ
ප්‍රසන්න Friday, 14 June 2013 05:47 AM
දැන් ඉතින් ඉන්දියාවේ ඉන්න මුස්ලිම් වරුන්ට දෙයියන්ගේම පිහිටයි. මොහු මුස්ලිම් විරෝදියෙක්. ඊශ්‍රායලයත් එක්ක සමීපව වැඩකරනවා.(නදී)