IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අතිශය රහස් ඇමෙරිකන් බුද්ධි වාර්තා ප්‍රසිද්ධ වෙලා

ඊශ්‍රායලය ඉරානයට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවත්, ඊශ්‍රායලය එම ප්‍රහාරය එල්ල කරන ආකාරය පිළිබඳවත්, ඇමෙරිකන් බුද්ධි අංශ සකස් කළ අතිශය රහස් වාර්තා දෙකක්, මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.

රහස් වාර්තා ප්‍රසිද්ධ වීමත් සමඟ මහත් ආන්දෝලනයක් නිර්මාණය වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම අතිශය රහස් වාර්තා ඇමෙරිකන් බුද්ධි අංශ විසින් සකස් කරනු ලැබ ඇත්තේ පසුගිය ඔක්තෝබර් 15 සහ 16 වැනිදාය. පසුගිය දා ඒවා ප්‍රසිද්ධියට පත්වූයේ ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ, ඉරාක හිතවාදීන් අතරේය. 

මෙම අතිශය රහස් වාර්තා ප්‍රසිද්ධියට පත්වූයේ කෙසේදැයි යන්න සෙවීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ මේ වනවිටත් කඩිනමින් විමර්ශන ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතරේ යුද්ධයක් හටගනීවි යැයි බියක් පවතී. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත.

ඊශ්‍රායලය මෙම අනතුරු ඇඟවීම කළේ ඉරානය පසුගිය පළමු වැනිදා ඊශ්‍රායලයට මිසයිල වරුසාවකින් ප්‍රහාර දීමට උත්සාහ ගැනීමෙන් පසුවය. එම මිසයිල ප්‍රහාරය ව්‍යර්ථ කර ගැනීමට ඊශ්‍රායල හමුදාව සමත් විය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (3)

අතිශය රහස් ඇමෙරිකන් බුද්ධි වාර්තා ප්‍රසිද්ධ වෙලා

Channa Monday, 21 October 2024 10:11 AM

මීයෙක් ඉඳලද ?තැපෑලෙන් එවලද ?පැය කීයක් දීලද ?

:       5       8

පිටරටවැසියා Monday, 21 October 2024 11:27 AM

එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි. හොල්මන්පිලලා ලෝකෙ හැමතැනම...!!!

:       4       11

kamal Koyrala Monday, 21 October 2024 11:30 AM

ගම්මන්පිළද දන්නේ නැහැ එළිකළේ...?

:       4       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site