IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අත්වැරැද්දෙන් 52 ක් මිය යති

නැගෙනහිර නයිජීරියාවේ පිහිටි රන් නමින් හැඳින්වෙන සරණාගත කඳවුරට නයිජීරියා  යුද හමුදා ජෙට් යානයකින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම නිසා 52ක් මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.  නයිජීරියා  රජය පවසන්නේ මෙය අත්වැරදීමක් නිසා සිදුවූ බවයි.

මියගිය අය අතර සහන සේවකයින් ද සිටින බව වාර්තා වී ඇත. රතු කුරුස සංවිධානය පවසන්නේ ඔවුන්ගේ සංවිධායේ සාමාජිකයින් හයදෙනකු මියගොස් ඇති බවයි.  තුවාල වූ 200ක පමණ පිරිසට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය පහසුකම් අවශ්‍ය බව සහනාධාර කණ්ඩායම් දැනුම් දී ඇත.

බෝකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම් මර්දනය කිරීමේ අවසන් අදියරට එළඹ සිටින තම හමුදාවන් අතින් වැරදීමෙන් සිදුවූ මෙම ප්‍රහාරයට කණගාටුව ප්‍රකාශ කරන නයිජීරියාවේ ජනාධිපතිවරයා පවසන්නේ මෙවැන්නක් සිදුවූයේ ප්‍රථම වතාවට බවයි. ජනතාවට සන්සුන්ව සිටින ලෙස ද ඔහු ආයාචනා කර ඇත. 



අදහස් (0)

අත්වැරැද්දෙන් 52 ක් මිය යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site