IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අතුරු මැතිවරණයේදී සූ කීට සහාය දෙනවා

මියන්මාරයේ සංචාරයක යෙදෙන තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා සහ මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී අතර විශේෂ හමුවක් පෙරේදා (21) පැවැත්වුණු අතර ඉදිරි මැතිවරණ කටයුතුවලදී සූ කීට සහාය ලබා දීමට තායිලන්ත අගමැතිනිය පොරොන්දු වූවාය.එම හමුව පැවැත්වූයේ මියන්මාරයේ යැංගොන් නුවර පිහිටි තායිලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදීය.මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයේදීසූ කී ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටින්නීය.දැනට මියන්මාර පාර්ලිමේන්තුවේ උභය මන්තී‍්‍ර මණ්ඩලවල ආසන 40 ක් පුරප්පාඩු වී ඇත. අතුරු මැතිවරණ පැවැත්වෙන්නේ එහෙයිනි.  එම මැතිවරණයවලින් සූ කීට නියත ජයක් හිමි වනු ඇතැයි ද තායිලන්ත අගමැතිනිය සූ කී හමුවූ අවස්ථාවේදී කියා සිටියාය. අසල්වැසි රාජ්‍යයන් දෙකක් වන මියන්මාරය සහ තායිලන්තය මුහුණ දී සිටින බෙදුම්වාදීන් අර්බුදය ගැනද සූ කී සහ අගමැතිනී යිංග්ලක් අතර කතාබහට ලක් වූ බව රොයිටර් පුවත් සේවය පවසයි.



අදහස් (0)

අතුරු මැතිවරණයේදී සූ කීට සහාය දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site