
ගුවන් යානා අනතුරකින් දිවි ගලවා ගෙන, දින 40 ක්, කොලොම්බියාවට අයත් ඇමසන් වනාන්තරයේ අතරමං වී සිටි, කුඩා දරුවන් සිවුදෙනා සොයා ගැනීමට කොලොම්බියා හමුදාව සමත් විය.
අවුරුදු 13, 9, 4 සහ මාස 12 ක් වයසේ පසුවන ඔවුන් කොලොම්බියාවේ ‘හුවිටෝටෝ’ ආදිවාසී දරුවන් යැයි පැවැසෙයි.
දරුවන් ඔවුන්ගේ මව ද සමග ‘කැසෙනා 206’ නමැති කුඩා ගුවන් යානයෙන්, ඇරරකුවාරා පළාතේ සිට ගුවයිරේ පළාතේ සැන් හොසේ දෙල් ගුවයිරේ නගරය තෙක් පියාසර කරන්න වූයේ පසුගිය මැයි පළමු වැනිදාය. දරුවන් සිවුදෙනා සහ මවට අමතරව තවත් දෙදෙනකු යානයේ සිට ඇත. එම දෙදෙනාගෙන් එක් අයකු යානයේ නියමුවය.
පසුගිය මැයි පළමු වැනිදා අලුයම, ඇමසන් වැසි වන්නාතරයට ඉහළින් පියාසර කරමින් තිබූ යානය හිටිහැටියේ අතුරුදන් විය. යානය කඩා වැටුණු බව තහවුරු වීමෙන් පසු සුන්බුන් සොයා මෙහෙයුම් ආරම්භ විය. ඒ සදහා කොලොම්බියා හමුදාවේ සහාය පමණක් නොව ආදිවාසී ජනතාවගේ සහාය ද හිමිවිය.
සුන්බුන් සොයා ඝන වනාන්තරයට ගිය හමුදා කණ්ඩායමකට යානයේ සුන්බුන් හමුවූයේ මැයි 17 වැනිදාය. යානය කඩා වැටී තිබුණේ එහි ඇන්ජිමක දෝෂයක් නිසා බව පසුව අනාවරණය විය. දරුවන්ගේ මවගේත්, නියමුවාගේත් යානයේ සිටි අනෙක් තැනැත්තාගේත් මළසිරුරු යානය තුළින් හමුවිය. දරුවන් අනතුරින් දිවි ගලවා ගෙන උදවු සොයමින් වනාන්තරයේ ඈතට යන්න ඇති බවට පා සලකුණුවලින් තහවුරු විය.
කඩා වැටුණු කුඩා ගුවන් යානය හමුදා කණ්ඩායම සොයා ගත්තේ මැයි 17 වැනිදාය. එම අවස්ථාවේ, කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පේට්‍රෝ මාධ්‍ය හමුවේ කියා සිටියේ අනතුරින් දිවි ගලවා ගත් දරුවන් සිවු දෙනා ද හමුවුණු බවය.
කෙසේ නමුත් එම ප්‍රකාශය පසුව වෙනස් කිරීමටත් ඒ ගැන සමාව ඉල්ලීමටත් ඔහු කටයුතු කළේය. එම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අප්‍රසාදයට පත් විය. පසුව හමුදාව සහ ආදිවාසී ජනතාව එක් වෙමින් මහා වනාන්තරය පීරමින් දරුවන් සොයන්න වූ අතර, හෙලිකොප්ටර් යානා ද ඊට යොදා ගැණුනි.
දරුවන් සිවුදෙනා සොයා ගැනීමට හමුදාව සමත් වූයේ පසුගිය 9 වැනිදාය. දරුවන් සිවුදෙනා යහතින් සිටින බවත්, සර්පයන් සහ ජගුවරයන් පිරුණු ඇමසන් වන මැද සිටි ඔවුන් දිවි ගලවා ගැනීම ‘හාස්කමක්’ බවත් කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පේට්‍රෝ පසුව පැවැසුවේය.
දරුවන් හෙලිකොප්ටර් මාර්ගයෙන් බොගෝටා අගනුවරට රැගෙන ආ අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සිදුවිය. මවු සෙනෙහස අහිමි වුණු දරුවන්ට ඔවුන්ගේ සීයා සහ ආච්චිගේ රැකවරණය හිමිවනු ඇතැයි කොලොම්බියා ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා තිබේ.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අතරමං වුණු දරුවන් දින 40 කට පසු හමුවෙයි