IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


අඟහරු ග‍්‍රහයා ගවේෂණයට ඉන්දියාවෙනුත් රොබෝ යානයක්

අඟහරු ග‍්‍රහලොව ගවේෂණයට රොබෝ යානයක්  යැවීමට ඉන්දියාව සූදානම් වන බව අගමැති මන්මෝහන් සිං පවසයි. ඉන්දීය අගමැතිවරයා මේ බව අනාවරණය කළේ පෙරේදා (15) ඉන්දීය නිදහස් දින දා කළ විශේෂ දේශනයේදීය. ”අප රොබෝ ගවේෂණ යානයක් අඟහරු වෙත යවනවා. එය අඟහරු කක්ෂයේ රැඳී සිට අඟහරු වටේ යමින්, තොරතුරු ලබා ගනීවි” යැයි අගමැතිවරයා කියා සිටියේය. එය තාක්ෂණික වශයෙන් ඉන්දියාව ලබා ගන්නා විශාල ජයග‍්‍රහණයක් වනු ඇති බවත්, ඉන්දියානුවන් සෑම දෙනාටම ආඩම්බර විය හැකි කරුණක් වනු ඇති බවත් අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. අඟහරු වෙත ගවේෂණ යානයක් යැවීමට තමන් සූදානමින් සිටින බව ඉන්දීය ගගන පර්යේෂණ ආයතනයද මීට සති කිහිපයකට පෙර පවසා තිබුණි. ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය පවසන්නේ අඟහරු මෙහෙයුමට ඉන්දීය රුපියල් බිලියන 5 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 70 ක් 90 ක් අතර මුදලක්) වැය වනු ඇතැයි කියාය. මේ වනවිට අඟහරු ගවේෂණ යානයේ ඉදිකිරීම් කටයුතු සහ අත්හදා බැලීම් සිදුවන බවත් ලබන වසරේ නොවැම්බර් මාසයේ දී එය අඟහරු වෙත යැවීමට බලාපොරොත්තු වන බවත් ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය පවසයි. ඉන්දියාව මීට වසර තුනකට පෙර සඳ ගවේෂණයට රොබෝ යානයක් පිටත් කර හැරියේය. සඳේ ජල අංශු ඇති බව අනාවරණය කර ගැනීමට හැකි වූයේ එම අවස්ථාදීය. 2016 වසරේ ඉන්දීය ගගනගාමියකු සඳ මත පය තැබීමට ද නියමිතය. ඇමෙරිකාවේ නාසා ආයතනය මීට දින කීපයකට පෙර අඟහරු මතුපිට ගොඩ බැස්ස වූ ‘කියුරියෝසිටි’ නමැති රොබෝ යානය මේ වන විට අඟහරුගේ ති‍්‍රමාණ වර්ණ ඡායාරූප රැසක් පෘථිවියට එවා ඇත.



අදහස් (0)

අඟහරු ග‍්‍රහයා ගවේෂණයට ඉන්දියාවෙනුත් රොබෝ යානයක්

සමන් Saturday, 18 August 2012 06:40 AM

ඉංග්‍රීසි ජාතිය ලෝකයම මන්කොල්ලකාගෙන ප්‍රාථිහාර පෙන්වන් හදනවා. ඉංදියාව ලෝකයෙන්ම හිඟා කාගෙන ප්‍රාථිහාර පෙන්වන්න හඳනවා. අනේ මෙහෙමත් ජාතියක්.(ස)

:       0       0

නිමල් Friday, 17 August 2012 04:14 PM

ඉන්දියාවේ ජනතාවගෙන් 1/4 කට ප්‍රමාණවත් වැසිකිලි පහසුකම්වත් නෑ.ඉස්සෙල්ලා ඒ පහසුකම් සලාසා දීලා ඉන්න...(ස)

:       0       0

සුබසිංහ Friday, 17 August 2012 10:44 AM

රටෙන් භාගයක්ම බඩගින්නේ ඉන්න අවස්ථාවක ඔය සල්ලිකාර රටවල් එක්ක රොකට් අරින එක හරිද? (නි)

:       0       0

රාජා Sunday, 19 August 2012 04:10 PM

ඉන්දියාවට තියෙන්නේ කොලනි මානසිකත්වය, සුද්දන්ව අනුගමනය කරන. ඔයිට වැඩිය ජනතා සුභ සිද්ධිය පිණිස කළ යුතු කොතරම් දේවල් තියෙනවද ඉන්දියාවේ ? (නි)

:       0       0

බණ්ඩාර Friday, 17 August 2012 06:53 PM

කන්න බොන්න නැති, ඉන්න ගෙවල් නැති, වැසිකිළි නැති කී දාහක් ජනතාව ඉන්නවද ඉන්දියාවේ? ඒ අය දැන් ලෝකයට විහිලු සපයන්න හදනවා. (නි)

:       0       0

නිරෝෂි Monday, 20 August 2012 10:18 AM

ඒක හොඳයි . ඉන්දියාව කොහොමත් ලොකු වැඩ කරන්න කැමතියි නේ....ඒකත් හොදයි .චීනෙත් එක්ක තරඟෙට එන්න ඒ වගේ දේවල් ඕන..(ස)

:       0       0

සේන Friday, 17 August 2012 07:05 PM

මට ඉන්දියාවේ දක්ෂතාවය ගැන ආඩම්බරයි. (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Sunday, 19 August 2012 09:48 AM

නිදහස් මාධ්‍යක් තිබෙන්නේ මනුෂයන්ගේ වරදක් පෙන්වලා දෙන්න. එහෙත් ඇත්ත තිත්තයි, බොරැව පැණි රසයි. නිදහස් මාධ්‍ය තිබෙන්නේ සාධාරණව යමක් තේරුම් ගන්න බැරි පුද්ගලයකුට යමක් කියලා දෙන්න. යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද? මේ ලෝකයේ රට රටවල් අල්ලාගෙන බලයෙන් පාලනය කරගෙන ඉන්නේ ලොකු පල්හොරඅ කට්ටියක්. සිංහල ජාතියට හිමිකම් ඇති ලංකාද්වීපය සිංහල ජාතියට අහිමිවුණහොත් දැනට ඉන්න රටේ පාලකයන් සියලු දෙනාම මේවට වග කියන්න ඕනේ. (නි)

:       0       0

සුපුන් Sunday, 19 August 2012 11:38 AM

සමන් රොහාන්, ආගම්වාදී, ජාතිවාදි, කුලවාදී, පන්තිවාදී සහ තවත් නොයෙකුත් බෙදීම් ඇති නිසයි ලොකු ලොකු රටවල් අපේ රටට අත දාන්න එන්නේ. (නි)

:       0       0

නීලා Sunday, 19 August 2012 11:50 AM

සමන්, අනික් අය හදන්න කලින් අපි හැදෙන්න බලමු. සුද්දා ගිහින් දැන් අවුරුදු 60කත් වැඩියි. තාම අපේ කට්ටියට හරිහමන් පාරක්වත් හදාගන්න පුලුවන් වුණාද? (නි)

:       0       0

සුජීව Sunday, 19 August 2012 11:56 AM

සමන් රෝහණ, සුද්දන් සිංගප්පූරුවට, ජපානෙට අතදාන්නේ නැත්තේ ඇයි? අපි බෙදිච්ච රටක් නිසයි සුද්දන් අපේ රටට අත දාන්නේ. මතකනේ යුද්ධය කාලයේ වෙච්ච දේවල්. (නි)

:       0       0

සෙනරත් Sunday, 19 August 2012 09:59 PM

ඇමරිකාව මේක කඩාකප්පල් කළොත්? (නි)

:       0       0

මහී Monday, 20 August 2012 07:27 PM

ලංකාවටම ඕකත් කඩාගෙන වැටෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

මධු Friday, 17 August 2012 02:40 PM

ජය වේවා ඉන්දියා! (නි)

:       0       0

ගාමිණී Saturday, 18 August 2012 12:55 AM

කොහේ ගිහින් නවතියිද දන්නෙ නැහැ.හෙල්මට් එකක් ගත්තානං හොදයි වගේ.(ස)

:       0       0

සිරිනාත් Saturday, 18 August 2012 04:17 AM

ඔය කාර්යය කිරීමට ප්‍රථම ඔය ග්‍රහයන් ගැන මීට අවුරුදු 2500කට කලින් දේශනා කර ඇති දෙය බුදු බණෙන් අහලා හිටියොත් හොදයි. (නි)

:       0       0

ප්‍රසාද් Saturday, 18 August 2012 04:16 AM

කේරළ ප්‍රාන්තයෙන් යැවුවා නම් හරි නේද? (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Saturday, 18 August 2012 04:29 AM

ඉංග්‍රීසි ජාතිය ලෝකයම මංකොල්ලකාගෙන ප්‍රාතිහාර්ය පෙන්වන්න හදනවා. ඉන්දියාව පැත්තකින් ඉදගෙන ලෝකයටම ප්‍රාතිහාර්ය පෙන්වන්න හදනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඉන්දු පාකිස්තාන ගැටුම් අවසන්
2025 මැයි මස 10 330 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග


පුටින්ගේ සටන් විරාමය දීර්ඝ කරන්නැයි ට්‍රම්ප් ඉල්ලයි
2025 මැයි මස 09 146 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ


ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්
2025 මැයි මස 09 109 0

ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර


නව පාප්තුමාට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්
2025 මැයි මස 09 74 0

පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල්​ රොබට


නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 4599 4

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි
2025 මැයි මස 08 3380 1

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 613 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1382 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 354 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site