පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලබා ගන්නා වැටුප එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලබා ගන්නා වැටුපට වඩා වැඩි බව ‘පාකිස්තාන නිවුස් වෙබ් ඉන්ටර්නැෂනල්’ වෙබ් පුවත් අඩවිය වාර්තා කර තිබේ.
පාකිස්තාන ජනාධිපතිවරයාගේ වැටුප පාකිස්තාන රුපියල් 896,550 ක් බවත් අග්‍රාමාත්‍යවරයාගේ වැටුප පාකිස්තාන රුපියල් 201,574 ක් බවත් ‘පාකිස්තාන නිවුස් වෙබ් ඉන්ටර්නැෂනල්’ පෙන්වා දී ඇත.
පාකිස්තාන අගවිනිසුරුවරයාගේ වැටුප පාකිස්තාන රුපියල් 1,527,399 ක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු පාකිස්තාන රුපියල් 1,470,711 වැටුපක් ලබා ගන්නා බවත් ද පාකිස්තාන නිවුස් වෙබ් ඉන්ටර්නැෂනල් වෙබ් අඩවිය වැඩි දුරටත් සඳහන් කරයි.
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දත්ත පදනම් කර ගනිමින් ද නිව්ස් ඉන්ටර්නැෂනල් වෙබ් අඩවිය මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත.ඒ අනුව පාකිස්තානයේ වැඩිම වැටුපක් ලබා ගන්නා නිලධාරීන් අතර ප්‍රථම ස්ථානය අග විනිසුරුවරයාට හිමිවන බවත් දෙවැනි ස්ථානය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට හිමිවන බවත් තෙවැනි ස්ථානය ජනාධිපතිවරයාට හිමිවන බවත් ද වෙබ් අඩවිය සඳහන් කර තිබේ.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ වැටුප එරට අමාත්‍යවරයකුගේ වැටුපට වඩා අඩු බවද එම වෙබ් අඩවිය පෙන්වා දී ඇත. පාකිස්තාන අමාත්‍යවරයකු පාකිස්තාන රුපියල් 338,125 ක වැටුපක් ලබා ගන්නා බවද ද නිව්ස් ඉන්ටර්නැෂනල් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අගවිනිසුරුගේ වැටුප වැඩියි