පාර්ලිමේන්තුව සති පහකට කල් තැබීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගත් තීරණය නීතිවිරෝධී යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 11 දෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් ඒකමතිකව එම තීන්දුව දුන්නේය.
බ්‍රිතාන්‍ය අගමැතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ යැයි යැයි විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කළ අතර බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තිබෙන මොහොතක අගමැතිවරයාගේ තීරණය නීතිවිරෝධී සහ පාර්ලිමේන්තුවට වගකීමෙන් බැහැර වීමට ගන්නා ලද උත්සහායක් යැයි ද ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය පසුගියදා තීන්දු කළේය.
එම තීන්දුවට එරෙහිව බ්‍රිතාන්‍ය ආණ්ඩුව අභියාචනයක් ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (24) විභාගයට ගැනුණේ එම අභියාචනයයි.
“ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට සිදු වූ බලපෑම ඉතා ප්‍රබල” යැයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති ලේඩි හේල් මහත්මිය සඳහන් කළාය.
“කිසිදු සාධාරණ හේතුවකින් තොරව අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කටයුතු කරගෙන යෑමට තිබෙන හැකියාව නවත්වමින් පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීමට ගත් තීරණය නීතිවිරෝධී බවට මහ රැජිණට දැනුම් දෙන බව” ල්ඩි හේල් මහත්මිය ප්‍රකාශ කළාය.
තීන්දුවට කිසි ලෙසකින් වත් එකඟ නොවන නමුත් ඊට ගරු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පැවැසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සමඟ බොරිස් ජොන්සන්ට බි්‍රතාන්‍ය අගමැති ධුරය අහිමි වීමේ අවදානමක් ද හටගෙන තිබේ.
ඒ.එෆ්.පී/බී.බී.සී. ඇසුරිනි/රොයිටර්ස්
055
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගමැති ජොන්සන් පාර්ලිමේන්තුව අත්හිටුවීම නීතියට පටහැණිය
රවින් Wednesday, 25 September 2019 04:21 AM
මෙම බොරිස් ජෝන්ස් පොදු නීති උල්ලංඝනය කිරීම්, කට වාචාල දෙඩීම් ඇතුළු සෑහෙන චෝදනාවලට ලක් වුණු පුද්ගලයෙක් නේද?
rasika Wednesday, 25 September 2019 04:17 PM
තමන්ට ඕන දේ කෙසේ හෝ කරන්නට දක්ෂයෝ.....