
‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් රජය සහ සෞඛ්‍ය අංශ පැනැවූ නිරෝධායන නීතී උල්ලංඝනය කරමින්, අග්‍රාමාත්‍ය නිල නිවසේ මධුවිත සාද පැවැත්වීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එරෙහිව ලන්ඩන් මෙට්‍රෝපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අග්‍රාමාත්‍ය ජොන්සන් අවස්ථා කීපයකදී ලන්ඩනයේ අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසේ මෙසේ සාද පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇත.
එසේ සාද පැවැත්වූ එක් අවස්ථාවක, මහා බ්‍රිතාන්‍යය මුළුමනින්ම ලොක්ඩවුන් කර තිබුණු බව පැවැසෙයි. පිලිප් කුමරුගේ අවමංගල්‍යයට පැවැති දිනයේ සවස ද අග්‍රාමාත්‍යවරයා සිය නිල නිවසේ මධුවිත සාදයක් පවත්වා ඇතැයි බ්‍රිතාන්‍ය විපක්ෂය වන කම්කරු පක්ෂය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට චෝදනා කර තිබේ.
අග්‍රාමාත්‍ය ජොන්සන් මෙසේ සාද පවත්වා ඇත්තේ සිය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් බවත් පැවැසෙයි. එක් අවස්ථාවක අග්‍රාමාත්‍යවරයා සිය උපන් දිනය වෙනුවෙන් ද විශේෂ සාදයක් පවත්වා ඇතැයි තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ.
සෞඛ්‍ය නීති උල්ලංඝනය කළේ යැයි විපක්ෂයෙන් අග්‍රාමාත්‍ය ජොන්සන්ට පළමුවෙන් චෝදනා එල්ල වෙද්දී ඔහු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.
අග්‍රාමාත්‍ය ජොන්සන් අගමැති නිල නිවසේ සාද පැවැත්වීම ඔහුගේ ‘කොන්සවටිව්’ පක්ෂය පවා දැන සිටියේ නැත. සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙද්දී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන්ට එරෙහිව ජනතා අප්‍රසාදයක් ද ගොඩනැගෙන්න විය.
එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ජොන්සන් තමන් වරදක් කළ බව පිළිගත්තේය. ඒ අනුව, ඔහු විපක්ෂයෙන්, ඔහුගේ පක්ෂ සාමාජිකයන්ගෙන් සහ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලීමක් කළේය. එසේ වුවත් විපක්ෂය වන කම්කරු පක්ෂය දිගින් දිගටම අග්‍රාමාත්‍ය ජොන්සන්ට පවසා ඇත්තේ, අග්‍රාමාත්‍ය ධුරයෙන් වහා ඉවත් වන ලෙසටය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගමැති ජොන්සන්ට එරෙහි පොලිස් විමර්ශනයක්