පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහාබාස් ෂරීෆ්ට ප්‍රමාණවත් අන්දමින් මාධ්‍ය ආවරණයක් ලබා නොදුන්නැයි පාකිස්තානයේ රාජ්‍යය පුවත් නාළිකාවක 17 දෙනකුගේ වැඩ තහනම් කර ඇත.
වැඩ තහනමට ලක් කර ඇත්තේ පාකිස්තානයේ ‘පී.ටීවී.’ පුවත් නාළිකාවේ මාධ්‍යවේදීන්, පුවත් නිවේදකයන්, නිෂ්පාදකවරුන්, කැමරා ශිල්පීන් ඇතුළු 17 දෙනකු යැයි පැවැසෙයි.
නව අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දීමෙන් පසු ෂෙහාබාස් ෂරීෆ්ට ඉකුත් දා ලාහෝර් නුවර සංචාරයක නියැලුණේය. එම සංචාරයේ දී නව අග්‍රාමාත්‍යවරයා ‘කොට් ලක්පාත්’ බන්ධනාගාරයත්, ‘රාමසාන් බසාර්’ වෙළෙඳ සංකීර්ණයත් නැරැඹීමට ගියේය.
පාකිස්තානයේ රජයේ පුවත් නාළිකා පමණක් නොව, පෞද්ගලික නාළිකා ද අග්‍රාමාත්‍යවරයාගේ මෙම ලාහෝර් සංචාරයට පුළුල් ප්‍රචාරයක් ලබා දුන් නමුත් ‘පී.ටීවී.’ පුවත් නාළිකාවෙන් ලැබුණු මාධ්‍ය ආවරණය ප්‍රමාණවත් නොවන බව අග්‍රාමාත්‍ය මධ්‍ය අංශය පෙන්වා දී ඇත.
එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ‘පී.ටීවී’ නාළිකාවේ ප්‍රධානීන් පිළිතුරු දෙමින් පවසා ඇත්තේ තම කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් ලැප්ටොප් පරිගණක නොමැති වීම නිසා අග්‍රාමාත්‍යවරයා සෑහීමකට පත් වන ආකාරයට මාධ්‍ය ආවරණයක් ලබා දීමට නොහැකි වුණු බවය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අගමැතිට ප්‍රසිද්ධියක් නොදුන්නැයි වැඩ තහනම්