IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අක්‍රිය වූ චන්ද්‍රිකාව අද පොළොවට වැටෙනවා

යුරෝපා අභ්‍යවකාශ ආයතනය, පෘථිවි කක්ෂයේ රඳවා තිබූ චන්ද්‍රිකාවක් අද (21) පොළොවට කඩා වැටීමට නියමිතය.

රාත්තල් 5,000 ක් බර මෙම පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාව, පෘථිවි කක්ෂයේ රැඳවූ චන්ද්‍රිකා අතරේ පුරෝගාමී චන්ද්‍රිකාවක් ලෙස සැලකෙයි. යුරෝපා විද්‍යාඥයන් ‘ඊආර්එස්2’ නමැති මෙම චන්ද්‍රිකාව, පෘථිවි කක්ෂයට යවා රැඳවූයේ 1995 දීය. අක්‍රිය වීමෙන් පසු චන්ද්‍රිකාව පහළ පෘථිවියට කඩා වැටීම ආරම්භ වූයේ 2011 වසරේ සිට යැයි පැවැසෙයි.

‘ඊආර්එස්2’ චන්ද්‍රිකාව, අද (21) දින අධික වේගයකින්, ගිනි ගෙන දැවෙමින්, පෘථිවියට කඩා වැටෙන බවත්, එයින් කිසිවකුටවත් අනතුරක් සිදු නොවනු ඇති බවත් යුරෝපා විද්‍යාඥයන් පවසා තිබුණි. පෘථිවි වායුගෝලයට පිවිස අධික වේගයෙන් පහළට එද්දී, චන්ද්‍රිකාවෙන් වැඩි කොටසක් ගුවනේදීම විනාශ වනු ඇතැයි ද යුරෝපා විද්‍යාඥයන් වැඩි දුරටත් පවසා තිබුණි.



අදහස් (0)

අක්‍රිය වූ චන්ද්‍රිකාව අද පොළොවට වැටෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site