IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


දවස් 30 කින් ඉල්ලා අස්වෙනවා: යේමන ජනපතිගෙන් පොරොන්දුවක්

වසර 33 ක තම පාලනය අවසන් කරමින් දින 30 ඇතුළතදී ධුරයෙන් ඉල්ලා අස්වන බව යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ පවසයි. ජනාධිපති සාලේ එම තීරණයට එළැඹුණේ පෙරේදා (23)  ගල්ෆ් රටවල නායකයන්ගෙන් සමන්විත ‘ගල්ෆ් සහයෝගීතා මණ්ඩලය’ සමඟ සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමෙන් අනතුරුවය. එම සාකච්ඡා පැවැත්වූයේ සෞදි අරාබියේ රියාද් නුවර සෞදි රජ මාලිගාවේදීය. ඒ, සෞදි රජු අබ්දුල්ලාගේ අනුග‍්‍රහයෙනි. ජනාධිපති සාලේ ඔහුගේ දෙවැනියා වන අබ්ද් රාබූ මන්සූර් හාඞී ට බලය පවරා දී ඉවත් වීමට එහිදී එකඟ වූයේය. කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවටත් නව ජනපතිවරයකු පත් කර ගන්නා තෙක් බලතල කිසිවක් පාවිච්චි නොකොට ධුරයේ රැඳී සිටීමටත් ජනාධිපති සාලේ එකඟ වූයේය. යේමනයට නව සන්ධාන රජයක් පිහිටුවීමට තමාගේ පූර්ණ සහාය ලබා දෙන බව ද සාලේ වැඩි දුරටත් පවසා ඇත. එල්ල වී ඇති සියලූ වැරදිවලින් සාලෙ නිදොස් කිරීමටත් ඔහුට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු නොකිරීමටත් නව පාලන තත්ත‍්‍රය ඒකඟවී ඇත. යේමනයේ විරෝධතා හට ගත්තේ ද ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ විරෝධතා රැල්ල ආරම්භ වූ අවස්ථාවේදීය. මාස 10 ක් තිස්සේ යේමන විපක්ෂ කණ්ඩායම් සහ ගෝති‍්‍රක කණ්ඩායම් එක්වී රට පුරා දැවැන්ත විරෝධතා පැවැත්වූ අතර ජනාධිපති සාලේ එම විරෝධතා මර්දනය කළේ පොලිස් සහ හමුදා බලය යොදවමින්ය. එහිදී විරෝධතාකරුවෝ යේමනයේ ආයුධ සන්නද්ධ ගෝති‍්‍රක සටන්කාමීන්ගේ සහය ලබා ගත්හ. දෙපිරිස අතර අවස්ථා ගණනාවකදී දරුණු ගැටුම් හටගත් අතර දේශපාලන විචාරකයන් පැවැසුවේ යේමනයේ සිවිල් යුද්ධයක් හටගෙන ඇති බවය. එක් අවස්ථාවකදී ගෝති‍්‍රක සටන්කාමීන් එල්ල කළ රොකට් ප‍්‍රහාරයකින් ජනාධිපති සාලේ තුවාල ලැබුවේය. යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් මර්දනය කිරීමට ඇමෙරිකාවට ජනාධිපති සාලේ ප‍්‍රමුඛ යේමන රජයේ සහාය නොඅඩුව ලැබුණි. යේමන අල් කයිඩාවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ඇමෙරිකා හමුදා අතින් ඝාතනය වීමත් සමඟ යේමන අල් කයිඩා සංවිධානය දුර්වල විය. එම අවස්ථාවේ ඇමෙරිකා රජය ජනාධිපති සාලේ ට කියා සිටියේ විරෝධතාකරුවන්ගේ ඉල්ලීමට ඉඩ දී ධුරයෙන් වහා ඉවත් ව යන ලෙසය. ලිබියාව හෝ සිරියාව හෝ මෙන් නොව යේමනය ඇමෙරිකා හිතවාදියකු වීම නිසා ජනාධිපති සාලේට ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට අත්වූ ඉරණමට මුහුණ දීමට සිදු නොවූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ජනපති සාලෙ (දකුණේ) සෞදි රජු හමු වෙමින්...  



අදහස් (0)

දවස් 30 කින් ඉල්ලා අස්වෙනවා: යේමන ජනපතිගෙන් පොරොන්දුවක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පුටින්ගේ දිවුරුම්දීමට යන්නේ නෑ
2024 මැයි මස 07 285 0

පසුගිය මාර්තු මාසයේ පැවැති රුසියන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි කරගත් ව්ලැදිමීර් පුටින් අද (7) දිවුරුම් දෙයි.


චීන ජනපති ජින්පින් ප්‍රංශ ජනපති හමුවෙයි
2024 මැයි මස 07 89 0

ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණ සිටින, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ


මෝදි ඡන්දය දමයි
2024 මැයි මස 07 652 1

අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (7) උදෑසන ආරම්භ වූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරා


ධවල මන්දිරයට මෝටර් රථයක් කඩා වදී
2024 මැයි මස 06 263 0

ආරක්ෂක අංශ සාමාජිකයන් කලබලයට පත් කරමින්, ඇමෙරිකන් ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරයේ ගේට්ටුවට මෝටර් රථයක් කඩා වැදුණි.


අතුරු මැතිවරණයෙන් අගමැති සුනාක්ට අවාසියි
2024 මැයි මස 06 245 0

බ්‍රිතාන්‍ය නගරසභා මැතිවරණය පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර, එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ ‘කොන්සවර්ටිව්’ පාලක පක්ෂය පරාජයට පත් විය.


සටන් විරාම යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි
2024 මැයි මස 06 111 0

ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය මැදිහත් වී, හමාස් සංවිධානය ද හවුල් කර ගනිමින් සකස් කළ සටන් විරාම යෝජනාවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site