දිටිමි වෙරළේ
රෝදපුටුවක හිඳි ළඳක්
බලමින් සිටිනු සයුර දෙස
මට එතැනම සිට ගැනුණි.
වැල්ලේ රැඳවුණු රෝදපුටුවේ දසුන
පෑය අමුත්තක්
ඒ විවර අවකාශයේ
නිදහස පතමින්
මැලි වීමි සිටගනුව ඇය ඉදිරිපිට
සිහි කරමින් ඇයට ඇයගේ දුබලතාව.
නොසිතීමි ගිල්වා මා දෙපා වතුරේ
දෙවන්නට ඒවාට සාපය ඇගේ
පිහිටුවා මා දෙපා වැල්ලේ
නැරඹුම් පමණකින් තුටු වීමි
මා නොපෙනෙන තැනක සිට
කීප මොහොතක් ගෙවුණු තැන
නැඟී සිටියා ඒ ළඳ
තැබුවා පියවර කීපයක්
රෝදපුටුවෙන් ඔබ්බට.
තිරව සිටගෙන සිය දෙපා මත
වැනසුවාය කවිය.
ඊජිප්තුවේ Gihan Omar කිවිඳියගේ On the Beach පද්‍යයේ පරිවර්තනය
1971දී ඊජිප්තුවේ ඉපිද ඇති කිවිඳියගේ , පළමු නමේ අරුත ' ලොව' හෝ 'විශ්වය ' යැයි කියවේ. කයිරෝ විශ්වවිද්‍යාලයෙන් දර්ශනය හදාරා උපාධියක් ලබා ඇත. නවකතා හා දර්ශනය පිළිබඳ කෘති කියවීමට වැඩි රුචියක් දක්වන ඈ , තමන්ගේ කවිය අනෙක් කලාවන්ගේ ප්‍රතිපලයක් සේ දක්වයි. තමන්ට නිශ්චිත යුගයක හෝ ප්‍රවණතාවක හෝ කවිවලට බැඳීමක් ඇතැයි නොසිතන කිවිඳිය , තමන් සියලු ශතවර්ෂවල කවිවලට අයත් යැයි කියන්නිය.
Light Feet ( 2005), Before we hate Paulo Coelho ( 2007 ) සහ Walking behind the mirror ( 2013 ) යන පද්‍ය එකතුන් පළ කර ඇත.
1964දී කාබුල් නගරයේ ඉපදී ඇති ශකිලා මධ්‍යම පාසල් සමයේ හා විශ්වවිද්‍යාල සමයේ සිට කෙටිකතා, කවි ලිවීම අභ්‍යාස කර ඇත්තීය. ඇගේ මව්බස වන Dari බසින් ලියන අන් කිවිඳිය
දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබිණි රත්පැහැගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
අරඹා නොතිබිණි පිය නැඟුම, මා දෙපා මුව කතා කෙරුම සිනහවීමේදී කොහෙත්ම අගයක් නොවිණි. එසේ තිබියදී පවා....
බැහැර කළ හැකි සියල්ල බැහැර කළ පසු මගේ ශුද්ධ බර කිලෝ හැත්තෑවයි ඒ හුදෙක් මා සිරුරයි
බංග්ලාදේශ කිවි, මාහ්තාබ් බංගලී ( Mahtab Bangalee ) ලියූ Love Merges as One කවියේ පරිවර්තනය
මනුවගේ තොටිල්ල ආත්මයේ ’’ බයෝබැබය ’’* ඔබේ තණබිම්වල හා ශුද්ධ වනාන්තරවල මරණයේ නර්තන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වෙරළේදී