IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


තණ්හාවෙි සැඩපහර

විදෙස් කවිය - 22

 

දවසක් මම ගෙයක් දුටිමි
එය ගින්නට හසුව තිබිණි
රත්පැහැගත් ගිනි ජාලා
එහි පියසින් උසට නැගුණි

එහි තුළ මම දනන් දුටිමි
දොර හැර හඬගා ඔවුනට
පිටවෙන්නැයි මම කීවෙමි.
එහෙත් එදන සැලුණේ නැත
හදිසි බවක් පෙන්වු⁣යේ නැත 
එක් අයකුගේ රැවුල පවා 
පිලිස්සෙද්දි ඔහු ඇසුවේ,

ගෙයින් පිටත මීට හොඳ ද? 
වැසි වසී ද?
සුළඟ තද ද?
දැවෙන නිවස දමා ගොසින් 
ඉන්න ගෙයක් තියනවාද?

,මෙවැනි ප්‍රශ්න රාශියක් ය.

මම පිළිතුරු නො දී ඔහුට,
නැවත වරක් වුණෙමි, නිහඬ.

මට සිතුනා මේ දරුවන් නගන ප්‍රශ්න නවත්වන්නෙ ගින්නෙන් නැසුනා ම කියා

" සත්තකින් ම ප්‍රිය දරුවනි 
යම් මිනිසකු පොළෝතලේ
තැබූ දෙපා දැවෙන තුරා
වෙන තැනකට නො යාවි නම්
ඒ දන හට සරණ යන්න
බණක් නැති ය මට කියන්න... "

- බර්ටොල් බ්‍රෙෂ්ට් 
(බුදුන්වහන්සේගේ උපමා කතාවක් ඇසුරිනි  )
පරිවර්තනය : මහාචාර්ය කාලෝ ෆොන්සේකා



අදහස් (0)

තණ්හාවෙි සැඩපහර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site