IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ගීතය

විදෙස් කවිය - 11

 

ගෙවූයෙමි මුළු ගිම් සමයක්ම
සවන් දෙමින් ඒ ගීතයට.
විඳි  හැඟුම  වියැකී නොයන්නට
ඇසූයෙමි  ගීය  දිනකට වරක්.
දැනුණ හොත්  කුසගිනි, ගියෙමි ඇවිදින්නට

ආලෝකය ගැයුවා ඒ ගීය, තම රටාවට
එලෙසින්ම සයුරද, කුරුල්ලාද
එක් මොහොතකදී  සිතීමි මම :
මෙසියල්  මෙලෙසින් සිදු වන්නේ
මා පෙමක පැටලෙන්නට වෙන්නැති.

එවිට ගිම්හානය යන්නට ගියේය.
ගසක අත්තකටත් වඩා වියළිව, කුරුල්ලා
විවර නොකළේය සිය තුඩ යළිත්

කියුබානු  කිවි ඇන්ටෝනියෝ හොසේ  පොන්ටේ ලියූ  Song පද්‍යයේ පරිවර්තනය 

ඇන්ටෝනියෝ කවියා 1964දී  කියුබාවේ මැටන්සාස් හි ඉපිද, පළමුව ද්‍රවවිද්‍යා ඉංජිනේරුවකු ලෙස සේවය කළද, පසුව එය අතැර කලාවට නැඹුරුව, කතුවරයකු,  ලිපිරචකයකු, තිරපිටපත් රචකයකු ලෙසට කටයුතු කොට අවසන සාහිත්‍ය පිළිබඳ මහාචාර්‍යවරයකු බවට පත්ව ඇත්තේය. ඔහුගේ මුල්කාලයේ ලිපිරචනා හා කවි  1991 , 1995 වසරවල රාජ්‍ය සම්මානවලට පාත්‍රවීමෙන්ද පසු , හෙතෙම Cuban National Union of Writers and Artists සංවිධානයෙන්  2003දී නෙරපනු 2003  ලැබ ඇත. එතැන්  පටන් මොහුගේ කිසිදු ප්‍රකාශනයක්  කියුබාව තුළ පළවීමත්, කියුබාව  තුළ මොහු කිසිදු තනතුරක් දැරීමත්  නොසිදු විය.  කියුබාව ඇන්ටොනියෝ  කවියාට තහනම්වීම නිසා 2006 සිට ජීවත් වන්නේ මැඩ්‍රිඩ් නුවරය.  

යොවුන් වියේදී හවානා නුවරට පැමිණ පළ  කර ඇති 13 Poems  කෘතිය  Young Poets  Competition හිදී  ජය ලබා ඇත. 2002දී මැඩ්‍රිඩ් නුවරින් Smuggling in Shadows නවකතාව පළ කිරීමත්, රොටර්ඩෑම්හි පැවති අන්තර්ජාතික කාව්‍ය උළෙලට  සහභාගිවීමත් කවියාගේ ජීවදත්ත අතරේ සඳහන් වේ.



අදහස් (0)

ගීතය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site