
ආදරය කරමි, ඒ ප්‍රථම තැනුම්කරුට
තාප්පයේ හිදැසක් තබා ගියාට
කුඩා, රවුම් හෝ හතරැස් විවරයක්
වාතනයට නැතොත් බලන්නට ලොව දෙස
ඇතුළත හිඳ.
ඔබ පවුරුවලින් රැකවරණිත විට
ඔබට හැකිය ඇස් නිදැල්ලේ හරින්නට
සහනය සලසාගන්නා සේ සුනඛයකු තමන්ටම
සිතීමි මම, තැබීම ගැන කවුළුවක්
මා සිරුරෙහිද.-
එවිට මට හැකි වේවි
හරවා මා ගෙල, බලන්නට ඇතුළු දෙස
හෙළා බැල්මක් මගේම හදවතට
විමසන්නට මගෙන්ම
මා ආදරය කරන මේ මනුස්සයා
හඬන්නේ ඇයිද එතරම්ම
මගේ ආත්මය පොඟවන තරමට
ඊජිප්තු කිවිඳිය Gihan Omar ගේ I love that first builder පද්‍යයේ පරිවර්තනය
1971 ඊජිප්තුවේ ඉපිද ඇති කිවිඳිය , කයිරෝ විශ්වවිද්‍යාලයෙන් දර්ශනය හදාරා උපාධියක් ලබා ඇත.නවකතා හා දර්ශන පිළිබඳ කෘති කියවීමට වැඩි රුචියක් දක්වන ඈ තමන්ගේ කවිය අනෙක් කලාවන්ගේ ප්‍රතිඵලයක් සේ දක්වයි.තමන්ට නිශ්චිත යුගයක හෝ ප්‍රවණතාවක කවිවලට බැඳීමක් ඇතැයි නොසිතන කිවිඳිය , තමන් සියලු ශතවර්ෂවල කවිවලට අයත් යැයි ප්‍රකාශ කරන්නීය.
ඇය Light Feet ( 2005 ), Before we hate Paulo Coelho ( 2007 ) සහ Walking behind the mirror ( 2013 ) යන පද්‍ය එකතුන් පළ කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඒ ප්‍රථම තැනුම්කරුට ආදරය කරමි