

ඇති පමණ ජීවත් වී ඇත්ද මා ?
ඇති පමණ ආදරය කර ඇත්ද මා ?
ඇති පමණ සිතා බලා ඇත්ද යුක්තිය ගැන
විඳ ඇත්ද මා සතුට, යුතුව පමණැති කෘතගුණය
දරා ඇත්ද මා තනිකම, නිහතමානීව .
මම මෙය කියමි, නැතොත් සිතමින් සිටිමි
සැබැවින්ම ඇතැම් විට පමණට වැඩියෙන් සිතමි
ඉක්බිති ගෙඋයනට පිය නගමි
සරල මිනිසකු යැයි කියැවෙන උයන්පල්ලා
සාත්තු කරමින් සිටී ඔහුගෙ දරුවන්ට, රෝස පඳුරුවලට.
( මේරි ඔලිවර් ලියූ The Gardener පද්‍යයේ පරිවර්තනය )
1935 සැප්තම්බර් 10වැනි දින ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ කුඩා නගරයක ඉපිද, 2019 ජන: 17 දින ෆ්ලොරිඩාවේදී මිය ගිය කිවිඳියකි. 1963දී සිය මංගල පද්‍ය සංග්‍රහය පළ කරද්දී ඇය 28වැනි වියෙහි වූවාය. ඇගේ සිවුවැනි කෘතිය වූ American Primitive 1984 පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලැබීය. මෙම නිර්මාණය A Thousand Mornings ( 2013 ) කාව්‍ය එකතුවෙනි. මේරි ඔලිවර් , විශ්වවිද්‍යාල කීපයක ඉගැන්වීම හා වැඩමුළු මෙහෙයවීම කළ, ඒ වෙනුවෙන්ද බහුමානයට පාත්‍ර වූ විද්වතියකි.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උයන්පල්ලා