නාගදීපයට රෝහලක් නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ සිදුකෙරිණි. 12 July 2025
ඩෙල්ෆ් ගිය බෝට්ටුවක් පෙරළෙයි යාපනය ඩෙල්ෆ් දූපත දක්වා යත්රාකළ සංචරක බොට්ටුවක් අද (12) දින පෙරලී දියේ ගිලී ගියද එහි ගමන්ගත් 14 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි ඩෙල්ෆ් පොලීසිය පැවසීය. 12 July 2025
කුරුලු ආහාර ගබඩාවෙන් මතු වූ තහනම් යතුරු පැදි හම්බන්තොට නාගර වැව, කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් රුපියල් කෝටි එක හමාරකට වඩා වටිනාකමකින් යුත් යතුරු පැදි 21 සමග එම ගොවිපොළේ කළමනාකරු සහ ගබඩා පාලක අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි. 12 July 2025
ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නකට හසුවෙයි ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නකට හසුව සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය. 12 July 2025
ගයින්ඩරයක් තලයක් කැඩී පපුවේ වැදී සිසුවෙකු මරුට ගයින්ඩරයක් මගින් පී.වී.සී. බටයක් කපමින් සිටියදී එහි තලයක් කැඩී ගොස් සිසුවෙකුගේ පපුවේ වැදීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා රෝහල් ගත කිරීමෙන් පසු අද (11) මියගොස් ඇති බව කටාන පොලිසිය පවසයි. 12 July 2025
කුරුණෑගල-ත්‍රි’මලේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට කුරුණෑගල, මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ හා ත්‍රිකුණාමලය ශ්‍රී කෝණේශ්වර හින්දු විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට සහභාගී වූහ. 12 July 2025
ත්‍රීරෝද රථයක් කොල්ලකෑ 8ක් මාට්ටු කොටහේන සංඝරාජ මාවත ප්‍රදේශයේ හෝටලයක් අසලදී ත්‍රීරෝද රථයක් කොල්ලකෑ සැකකරුවන් අට දෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව කොටහෙන පොලිසිය පවසයි. 12 July 2025
ඉතාලියට ලෝක කුසලාන වරම් 2026 වසරේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පිරිමි විස්සයි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ඉතාලිය සමත් වී සිටී. 12 July 2025
නව ඇමෙරිකන් තානාපති එරික් මේයර් ? ජ්‍යේෂ්ඨ විදේශ සේවයේ වෘත්තීය සාමාජිකයෙකු වන එරික් මේයර්, ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස පත්වීමට නියමිතය. ඒ, ඔහුගේ නම ඇමෙරිකන් ජනාධිපති ඩොකල්විඩ්සි ට්‍රම්ප් එරට සෙනෙට් මණ්ඩලයට යෝජනා කිරීමත් සමගය. 12 July 2025
ඇමරිකා තීරු බද්ධ ගැන ජනපති කතා කරයි ඇමරිකා අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු කර ගැනීමට හැකි වූයේ එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 12 July 2025
සමූප හතරකින් කෝටි398ක් පිල්ලි ගිහින් බස්නාහිර පළාතේ සමූපකාර ප්‍රාදේශික හතරක කෝටි 398ක් අතුරුදන්ව ඇති හෙයින් මේවාට සිදු වුණේ කුමක්දැයි සොයා බලාගෙන යන බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප පැවසීය. 12 July 2025
ඉහළ පුටු තුනකට උසස් සභාවේ අනුමැතිය අමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය හිමිව ඇත 12 July 2025
බිමත් යතුරුපැදිකරු පොලිසියට වෙට්ටු දාද්දී වැටී මරුට:කලබල වු පිරිස පොලිසියට පහර දෙති වවුනියාව , කූමන්කුලම ප්‍රදේශයේ දී බීමතින් යතුරු පැදියකින් ගමන්කළ පුද්ගලයකු නැවැත්වීමට උත්සහ කිරීමේදී අදාල පුද්ගලයා යතුරු පැදියෙන් ඇඳවැටී මියයාමත් සමඟ ප්‍රකෝපවූ ප්‍රදේශවාසීන් පිරිසක් පොලිසිය වෙත පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් පස්දෙනකු තුවාල ලබා රෝහල්ගතකොට ඇතැයි වවුනියාව පොලිසිය කියයි. 12 July 2025
ආයතන හයක දූෂණ වාර්තා සීඅයිඩියට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) රාජ්‍ය ආයතන හයක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධ සියලු තොරතුරු වාර්තා නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ළඟදීම භාර දීමට තීරණය කර ඇත. 12 July 2025
සජබෙ මුල් පුටු පෙරළෙයි? මැතිවරණ හයක් එක දිගට පරාජයට පත්ව ඇති හෙයින් ආසන සංවිධායකවරුන් මාරු කිරීමට පෙර පක්ෂය ආරම්භයේ සිට කටයුතු කළ නිලධාරීන් සහ නායකයන් වහාම වෙනස් කරන්නැයි ආසන සංවිධායකවරුන් පිරිසක් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරුන් දස දෙනෙකු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පෞද්ගලිකවම හමුවී දැඩිව ඉල්ලීමක් කර ඇත. 12 July 2025
හිටපු සෙබළෙක් ගිනි අවියක් සමග මාට්ටු විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි හිටපු හමුදා සෙබළකු පිළියන්දල විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 12 July 2025
ගුවන් අනතුරේ රහස් එළියට ගුජරාටයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පියාසර කරද්දී, කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මූලික වාර්තාවට අනුව, යානයේ නියමුවන් දෙදෙනාගේ ක්‍රියා කලාපය කෙරෙහි මේවනවිට වැඩි අවධානයක් යොමු වී ඇත. 12 July 2025
ආසියාවේ ලොකුම වැට් වංචාකරුට එරෙහි දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් අනුමත කරයි දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 390ක ”වැට් බදු” වංචාව කළ ව්‍යපාරිකයකුට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව අනුමත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ද අද අනුමත කළේය. 11 July 2025
සංවර්ධන වැඩට වෙන්කළ මුදල්වල ප්‍රතිඵල මේ වසරේම පෙන්වන්න මෑත කාලයේ ආණ්ඩුවක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ විශාලම මුදල වන රුපියල් බිලියන 1400කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 11 July 2025
බිල්ගේට්ස් පදනම අගමැතිනිය හමුවෙයි ඇමරිකානු ගේට්ස් පදනමේ ( Bill & Melinda Gates foundation) ගෝලීය සංවර්ධන සභාපති ඇතුළු සාමාජිකයන් පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී අද (11) පැවැතිවිණි. 11 July 2025
කොටුවේ විදුලි පහන් කනුවකට නැග්ග අයෙකු බේරාගනියි කොළඹ කොටුව ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට පිහිටි අඩි 40 ක් පමණ උසැති විදුලි පහන් කනුවට නැගි පුද්ගලයෙකු ගිනි නිවීමේ රථයක් ආධාරයෙන් විමට බැස්සවීමට කොටුව පොලිසිය මගින් අද (11) පියවර ගැනිනි 11 July 2025
කොස්ගොඩ වෙඩි තැබීමක් ගාලු පරේ කොස්ගොඩ හතරමංහන්දිය ප්‍රදේශයේදී නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් අද (11) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථ රියදුරකු බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ බව කොස්ගොඩ පොලීසිය කියයි. 11 July 2025
අවිස්සාවේල්ල සමූපෙ තැන්පතු කෝටි 92කට සුද්දෙ දීලා සමූපකාර නමට මුවාවී කළු සල්ලි සුදු කරන ජාවාරම් ක්‍රියාත්මක බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 July 2025
යුක්රේනයේ බුද්ධි සේවා ප්‍රධානියෙකු ඝාතනය කෙරේ යුක්රේනයේ ප්‍රධාන පෙළේ බුද්ධි සේවා අංශ ප්‍රධානියෙකු කීව් අගනුවරදී හඳුනා නොගත් වෙඩික්කරුවෙකු විසින් ඊයේ (10) වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 11 July 2025
අලි සංගණනයක් කරන්න රටේ අලි සම්පත කළමනාකරණය කර ගැනීම සඳහා වහාම අලින්ගේ සංගණනයක් සිදු කරන්නැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 July 2025
ලංකාවේ ලබන වසර ගැන ලෝක බැංකුව අනාවැකියක් කියයි ලබන වසරේ ශ්‍රී ලංකාවට ලඟා කර ගන්නට හැක්කේ සියයට තුනක ආර්ථික වර්ධනයක් බව ලෝක බැංකුව ප්‍රකාශ කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා:- (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 11 July 2025
කිරි ලීටර් 100 ඉක්මවන ගොවිපොළ 1200ක් ඇරැඹෙයි කිරි ලීටර් සිය ඉක්මවා ලබා ගන්නා ගොවිපොළ 1200 ක් අරඹන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 11 July 2025
අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් රිමාන්ඩ් මත්ද්‍රව්‍ය වරදත් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් පනස් දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි අත් අඩංගුවට ගත් වත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ලහිරු ප්‍රමෝද සැකකරු ලබන 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා අද (11)නියෝග කළේය. 11 July 2025
’’රටක් ගැන කියන පුරෝකතන එහෙමම වෙන්නේ නෑ’’ රටක් ගැන ආයතන සහ විවිධ කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන පුරෝකතන එහෙමම ක්‍රියාත්මක වන්නේ නැතැයි කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 July 2025
නිලධාරීන් - දේශපාලකයන් එක්ව වැඩ කළ යුතුයි රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදා කර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 11 July 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026