ඊජිප්තුවේ ගීසා පිරමීඩ අසළ සංචාරක බසයක පිපිරීමක් ඊජිප්තුවේ ගීසා පිරමීඩ අසළ නව ඊජිප්තු කෞතුකාගාරය සමීපයේ ගමන්ගත් සංචාරකයන් රැගත් බස් රථයක පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ. 19 May 2019
කාත්තාන්කුඩියේ මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමේ උත්සාහයක් මඩකලපුව කාත්තාන්කුඩිහි මුස්ලිම් සිසුන් පමණක් ඇතුළත් වන ආකාරයේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමේ උත්සහයක නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා නිරත වන බව දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගිය මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා පැවසීය. 19 May 2019
සීගිරිය නොමිලේ නරඹන්න 10,000ක් එති වෙසක් පුන්පොහෝ දිනට පසුදින සීගිරිය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් 10,000කට අධික පිරිසක් පැමිණ ඇතැයි නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතා අද(19) සීගිරියේදී පැවසීය. 19 May 2019
මධුමාධව මිනුවන්ගොඩට ඇවිත් නෑ පිවිතුරු හෙළ උරුමය පක්ෂ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට අද(19) මිනුවන්ගොඩ පොලිසියේ පෙනී සිටින ලෙසට පණිවිඩයක් යවා ඇතත් ඔහු අද පොලිසිය හමුවේ පෙනී නොසිටි බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 19 May 2019
ඇමරිකාවේ වීසා රහිත වැඩසටහනට ලංකාව ඇතුළත් කර නැහැ ඇමරිකානු ‘වීසා රහිත වැඩසටහන’ට (Visa Waiver Program) ශ්‍රී ලංකාවත් ඇතුළත් කර ඇති බවට පැතිරයමින් තිබෙන කටකතාවල සත්‍යතාවක් නැතැයි කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරයි. 19 May 2019
ජනපති ගලගොඩ අත්තේ හිමියන් හමුවෙයි වෙසක් පොහෝ දිනයට සමගාමීව සිරකරුවන් 762දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ඊයේ (18) ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව, වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් සිර දඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හමුවී සාකච්ඡා කර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි. 19 May 2019
දෙමළ සන්ධාන පසුපෙළ මන්ත්‍රීවරු බදියුදීන්ට එරෙහි වෙති කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනවට සහාය පළ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු බහුතරයක් බලකර සිටිති. 19 May 2019
අයිඑස් කෙටි පණිවුඩ තබාගත් අයෙක් අත්අඩංගුවට අයිඑස් සංවිධානයට සම්බන්ධයක් ඇති බවට සැකපිට වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ පුද්ගලයකු ඇල්ල නගරයේ හෝටලයකදී ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 19 May 2019
වෙසක් පොහෝදා හිමිනමකට පොරෝ පහර වෙසක් පුන් පොහෝදා බීමත්ව රාජාංගනය යාය 02 දුටුගැමුණු බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ එහි විහාරාධිපති හිමියන්ට පොරවකින් පහරදී තුවාල කළ පුද්ගලයකු අද(19) අත්අඩංගුවට ගත්බව තඹුත්තේගම පොලිසිය කියයි. 19 May 2019
සයිබර් ප්‍රහාරයක් ශ්‍රී ලංකාවේ පිහිටි කුවේට් තානාපති කාර්යාල වෙබ් අඩවිය ඇතුළු මෙරට තවත් වෙබ් අඩවි 10 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. 19 May 2019
‘අල් මුස්තෆා සරසවියේ උපාධි පාඨමාලා සිදුකළේ නීත්‍යානුකූලවයි’ ඉරානයේ අල් මුස්තෆා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය වතුකරයේ උපාධි පාඨමාලාවන් සිදුකර ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරය සහිතව බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.අරවින්ද කුමාර් මහතා සඳහන් කළේය. 19 May 2019
විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය මගින් තහනම් කිරීම හේතුවෙන් අද (18) දහවල් කොටසක් ගිනි තබා විනාශ කිරීමටත් ඉතිරි එවා නිවෙස් වලට රැගෙන යාමටත් කටයුතු කර තිබුණි. 18 May 2019
ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත තරගයට වැස්සෙන් බාධා ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවරදී අද පැවැත්වෙන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවී තිබේ. දිගින් දිගටම පවතින වර්ෂාව හේතුවෙන් කණ්ඩායම් දෙකම තමන් නවාතැන් ගෙන සිටින හෝටලයට වී සිටිති. 18 May 2019
අගමැති රත් පත් රජමහාවිහාරයට යයි රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන හික්කඩුව පුරාණ තෙල්වත්ත රත් පත් රජමහාවිහාරයට අද (18) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ ආගමික වතාවත් වලට එක්විය. 18 May 2019
බිය නොවී වෙසක් සමරන්න භීතියෙන් සිටින්නේ නැතුව බෞද්ධ ජනතාව වෙසක් උත්සවය සැමරීම සිදුකළ යුතු බවද ආරක්ෂක අංශ සහ ආණ්ඩුව ජනතාවගේ ආරක්ෂාව ගැන වගකිව යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කියයි. 18 May 2019
දයාසිරිගෙන් පොලිසියට ප්‍රකාශයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (18 වැනිදා) පෙරවරුවේදී කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් දී ඇත. පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේදී ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට ජයසේකර මහතා පැමිණ තිබේ. 18 May 2019
ප්‍රති ත්‍රස්ත පනත එපා ප්‍රතිත්‍රස්ත පනත නතර කර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා කිරීමට විශාල ශක්තියක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පෙර පැවැති තත්ත්වයටත් වඩා ශක්තිමත් කරමින් ක්‍රියාත්මක කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. අම්පාර දිස්ත්‍රික්කයේ උහන, මහකණ්ඩිය ප්‍රදේශයේ ඉදිකළ “දිගාවැව්පුර” උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා එම කරුණු සඳහන් කළේය. 18 May 2019
ඥාණසාර හිමි - බුද්ධි නිලධාරීන් 45 දෙනා වෙසක් පොහොය දා නිදහස් කරන්න බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ බුද්ධි අංශයේ නිලධාරීන් 45 දෙනා වෙසක් පොහොය දිනයේදී නිදහස් කරන ලෙස බලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති බලපිටියේ ධම්මික හිමියෝ රාජ්‍ය වෙසක් උත්සවයෙදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. 17 May 2019
ලංකාවට ශරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නෑ ශරියා විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවට අවශ්‍ය නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (17) පැවැසීය. 17 May 2019
සමාජ මාධ්‍ය තහනම ඉවතට ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව තීරණය කර තිබේ. 17 May 2019
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේ දිනය වරද්දාගනී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව වැරදි දිනයක් සහිතව ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි වාර්කා වේ. 17 May 2019
ජමාත් හිතවතුන් දෙදෙනාම රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝග ජාතික තව්හීත් ජමාත් සංවිධානය හා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ සෘජු සබඳතා පැවැත්වූ බවට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා පැය 72 ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරිමට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද අල්විස් මහතා හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට අද (17) නියෝග කළේය. 17 May 2019
මැදමුලන නඩුව ගැන නීතිපති අවසන් තීරණය ගෙන නැතැයි අධිකරණයට දන්වයි වීරකැටිය මැදමූලන ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා විභාගයට නොගැනීමට දෙපාර්ශව අතර ඇති වූ එකඟතාවය තවදුරටත් පවත්වා ගෙන යනවාද නැද්ද පිළිබඳ නීතිපති අවසන් තීරණයක් ගෙන නැතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 17 May 2019
ඉන්දීය මහ කොමසාරිස් මල්වතු - අස්ගිරි නාහිමිවරුන් බැහැදකී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා අද (17) ශ්‍රී දළඳා මාළිගාව වැඳ පුදා ආශීර්වාද ලබාගත්තේය. එහිදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහ කොමසාරිස්වරයා පිළිගන්නා ලදී. 17 May 2019
අයිඑස් ත්රස්තයන්ට විරෝධය පා මුස්ලිම්වරු පාරට බසිති අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පළ කරමින් පුත්තලම මුස්ලිම්වරු 1000 ක් වීදි පුරා සංචාරය කර අයිඑස් ත්‍රස්තයින් විනාශ වන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පුත්තලම කලපු තීරයේ දැවැන්ත රැස්වීමක් පැවැත්වූහ. 17 May 2019
මඩාටුගමින් ගුවන්යානා නාශක උණ්ඩ ඇතුළු උණ්ඩ තොගයක් හමුවේ කැකිරාව, මඩාටුගම හැවැන්තැන්නේගම ප්‍රදේශයේ පාලමක් අසළ සඟවා තිබූ ගුවන්යානා නාශක උණ්ඩ ඇතුළු උණ්ඩ තොගයක් සහ යුද හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුමක් ආරක්ෂකඅංශ විසින් අද (17) සොයා ගෙන ඇත. 17 May 2019
තඹ කම්හලේ සිද්ධියේ 10වන සැකකරු යළි රිමාන්ඩ් තඹ කර්මාන්තශාලාවේ සිද්ධියට අදාළ 10 වන සැකකරු වූ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කරුපයියා රාංකේන්ජන් හෙවත් අබ්දුල්ලා නමැත්තා ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(17) නියෝග කළේය. 17 May 2019
ෂරියා සරසවියට ගිය මාධ්‍යවේදීන් පැය 3ක් දොරටුව ළඟ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(17) පූනාහි පිහිටි ෂරියා විශ්වවිද්‍යාලයේ රැස්වීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ආරක්ෂකයකු ඊට ඇතුළත්වීමට ඉඩනොදීම නිසා ප්‍රධාන දොරටුව අසළ පැය කිහිපයක් රැඳී සිටීමට ඔවුන්ට සිදුවිය. 17 May 2019
බෝම්බකරුට අයත් තඹ කම්හලේ තවත් අයෙක් රිමාන්ඩ් මරාගෙන මැරෙන බෝම්බකරුවක් වූ මොහොමඩ් ඉන්සාක් නම් ව්‍යාපාරිකයාට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවය කළ තවත් පුද්ගලයකු වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(17) නියෝග කළේය. 17 May 2019
නල්ලූර් කෝවිලේ ආරක්ෂාව තර කෙරේ යාපනය නල්ලූර් කෝවිලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් අද(17) කෝවිල අවට ප්‍රදේශය වෙත දැඩි ආරක්ෂාවක් යෙදවූ බව යාපනය ආරක්ෂක අංශ කියයි. 17 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026