වාස් ඇතුළු 6 දෙනාගේ අභියාචනය සැප්තැම්බරයේ සිට විභාගයට කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් ලබන සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනි දා තෙක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීන්දු කළේය. 21 May 2019
නාලක ද සිල්වාට ඇප ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට ඇප ලබා දීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. 21 May 2019
ජානක පෙරේරා නඩුවේ දෙවැනි විත්තිකරු චෝදනා 31 කට වරදකරු වෙයි මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා 48 ක් ලබා සිටි දෙවැනි විත්තිකරු චෝදනා 48 න් චෝදනා 31 ට වරදකරු බවට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය තීන්දු කළාය. 21 May 2019
පොලිස්පති - හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි නඩුව කල්යයි බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් එම ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ පියෙකු ගොනු කළ පෙත්සම සහ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයකු විසින් ගොනු කළ පෙත්සම සලකා බැලීම ලබන 31 වැනිදා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 21) තීන්දු කළේය. 21 May 2019
මිනුවන්ගොඩ සිද්ධියට අදාළ නැති පිරිස නිදහස්කරන්නැයි මව්පියවරු ඉල්ලති මිනුවන්ගොඩ නගරයේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රදේශයේ තරුණ පිරිස අතර ඊට කිසියම් ආකාරයක හෝ දායකත්වයක් නැති තම දරුවන් නිදහස් කරදෙන ලෙස අද(21) මව්පියවරු පිරිසක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියහ. 21 May 2019
නේවි සම්පත් - නිලන්ත ඇතුළු 7 දෙනා රිමාන්ඩ් කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ නාවික හමුදා හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත්, හිටපු ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීන් 7 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කළේය. 21 May 2019
හොරොව්පොතාන ස්ථානාධිපතිට අල්ලස් දුන් ව්‍යාපෘති නිලධරයා රිමාන්ඩ් ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු වූ තම ඥාතී පුත්‍රයා බේරාදෙන ලෙස ඉල්ලා හොරොව්පොතාන ස්ථානාධිපතිට අල්ලස් දුන් බව කියන පුද්ගලයා ලබන 4 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කළාය. 21 May 2019
අගමැතිගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ පෙත්සම විසිවෙයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය. 21 May 2019
හුවාවි සමාගම ගූගල් හා සාකච්ඡාවකට සැරසෙයි ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ තහනමත් සමඟ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ගූගල් සමාගම සමඟ සාකච්ඡා කරන බව හුවාවි සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි මහතා පැවැසීය. 21 May 2019
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (21) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායක කරූ ජයසූරිය මහතාට බාරදුන්නේය. 21 May 2019
‘දෙවන වාර විභාගය එපා’ රටේ පැවති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් පාසල් නොපැවැත්වුණු මාසයක කාලය තුළ අධ්‍යාපන සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති හෙයින් එය යථා තත්වයට පත්වන තුරු දෙවන පාසල් වාර අවසාන විභාගය නොපවත්වන ලෙස ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. 21 May 2019
රත්නපුර ඡායාරූප ගත් තිදෙනා රඳවා ප්‍රශ්න කරන්න අවසර වෙසක් පෝයට පසුදින (19) රත්නපුර නගරයේ ඡායාරූප ලබාගත්තේ යයි ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ යයි සැකපිට අත් අඩංගුවට ගත් තරුණයන් තිදෙනකු රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත් මල්කාන්ති වැකුණගොඩ මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැය 72ක කාලයක් රඳවාගෙන එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ අවසරය ලබාදෙමින් නියෝගයක් නිකුත් කළාය. 20 May 2019
ජනපතිගේ කමිටු වාර්තාව යටගසා ඇති බව කියයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වගකිව යුත්තන් කවුරුන්ද යන්න හෙළිදරව් වන හෙයින් ඵ් සඳහා ජනාධිපතිවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව මේවනවිට යටගසා තිබෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා අද (20) පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියාසිටියේය. 20 May 2019
සහරාන්ගේ ප්‍රධාන සංවිධායක සියාම් ඇතුළු 4ක් අත්අඩංගුවට අම්පාර කල්මුනේ ප්‍රදේශයේ සහරාන්ගේ ප්‍රධාන සංවිධායක වන කල්මුනේ සියාම් ඇතුළු තවත් සැකකරුවන් හතරදෙනෙකු අද(20) රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. 20 May 2019
මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන විමසන්න හෙට කෝප් කමිටුව රැස්වේ මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු විමසීමට රාජ්‍ය ආයතන 4ක ප්‍රධානීන් හෙට (21) පස්වරු 2.30ට කෝප් කමිටුව හමුවට කැඳවා ඇතැයි කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද (20) ලංකාදීපයට පැවසීය. 20 May 2019
බදියුදීන්ට විරුද්ධව ඡන්දය දෙන බව රාජ්‍ය ඇමැති නිරෝෂන් කියයි රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඔහු ඇමැති ධූරයෙන් ඉල්ලා අස් නොවුවහොත් එයට පක්ෂව ඡන්දය දීමට තමන් තීරණය කළ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය. 20 May 2019
හැන්සාඩ් නිලධාරියා රඳවා ප්‍රශ්න කරන්න අවසර අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමකට අද (20) ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලැබී තිබේ. 20 May 2019
දරුවන් පාසල් යවන්නැයි යුද හමුදාපති මාපියන්ගෙන් ඉල්ලයි සියලු පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස සළකා ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව දරුවන් පාසල් යැවීමට කටයුතු කරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මාපියන්ගෙන් ඉල්ලා සිටියි. 20 May 2019
‘විශ්වාභංග විවාදයට ළඟම දිනයක් ලබාදෙන්න සූදානම්’ කර්මාන්ත හා වාණිජ කටයුතු, නැවත පදිංචි කිරීම් හා වෘත්තීය පුහුණු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ප්‍රධානතම කරුණක් වන දිනය වැරදිවුවත් එය න්‍යාය පුස්තකය වෙත ඇතුළත් කිරීමට කතානායක පියවර ගන්නේ නම් විශ්වාභංග විවාදයට ළඟම දිනයක් ලබාදීමට සූදානම් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. 20 May 2019
‘ප්‍රතිත්‍රස්ත පනත ගැන සාකච්ඡා කර තීරණයක් ගතයුතුයි’ ප්‍රතිත්‍රස්ත පනත ගැන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවැසීය. 20 May 2019
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ජවිපෙන් හෙට කතානායකට මහජනතාවගේත් රටේත් ආරක්ෂාව ගැන අවම වගකීමක්වත් දැරිය නොහැකි, පාලනයකින් රට තව දුරටත් අනාරක්ෂිතවීම වළක්වා ආණ්ඩුව ගෙදර යැවීමේ අරමුණ ඇතිව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් හෙට (21) කථානායකට බාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (20) පැවසීය. 20 May 2019
මෝදි දෙවන ධූර කාලයට පත්වනු ඇතැයි අනාවැකි සති හතක් මුළුල්ලේ පැවැති ඉන්දියාවේ 17 වැනි මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දෙවැනි ධූර කාලය සඳහා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇතැයි අනාවැකි පළ වී ඇත. 20 May 2019
අයිඑස් සිරකරුවෝ ටජිකිස්ථාන බන්ධනාගාරයේ කැරලි ගසති ටජිකිස්ථානයේ බන්ධනාගාරයක අයිඑස්අයිඑස් සිරකරුවන් පිරිසක් විසින් ආරම්භ කළ කැරැල්ලක් හේතුවෙන් බන්ධනාගාර ආරක්ෂකයන් තිදෙනකු සහ රැඳවියන් 29දෙනකු මියගොස් ඇත. 20 May 2019
කැනේඩියානු අගමැතිට ශ්‍රී ලංකාව ගැන කැක්කුමක් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් යුද්ධයේ දී පීඩාවට පත්වුවන් වෙනුවෙන් වගවීමේ ක්‍රියාවලිය අර්ථවත්ව ක්‍රියාවට නැංවිය යුතු බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජෙස්ටින් ටෘඩෝ මහතා ප්‍රකාශ කර තිබේ. 20 May 2019
මදුනාගල කැලයක් අසළ පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් පොලිස් නිල ඇඳුමට සමාන කලිසම් තුනක් සහ කමිස 9ක් සූරියවැව මදුනාගල ප්‍රදේශයේ කැලයක් ආසන්නයේ දමාගොස් තිබියදී සොයාගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ සූරියවැව කඳවුරේ නිලධාරීහු පවසති. 20 May 2019
මේ ආණ්ඩුව හැමදාම කළේ ත්‍රිවිධ හමුදාවට පන්න පන්නා පහර දීමයි යහපාලන ආණ්ඩුව බලයට ආපුදා ඉඳලම කළේ මුළු ලෝකයම මවිත කරමින් කොටි ත්‍රස්තවාදය පරාජය කළ ත්‍රිවිධ හමුදාවට පන්න පන්නා පහරදීම යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 20 May 2019
මට ඉන්නේ ආරක්ෂක නිලධාරීන් 10 යි ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන යන්නේ යැයි බොහෝ දෙනා කීවද තමන්ට ලැබී ඇත්තේ ආරක්ෂක නිලධාරීන් 10 දෙනෙකු සහ පසුගමන් රථ දෙකක් පමණක් යයි ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 19 May 2019
හේමසිරිට - පූජිතට එරෙහිව සීඅයිඩීයෙන් පරීක්ෂණයක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මකවීමට අසමත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 19 May 2019
අසත්‍ය පුවතකින් දුම්මලසූරිය කැළඹේ දුම්මලසූරිය නගරයට කිසියම් පිරිසක් පහරදීමේ සූදානමක් ඇති බවට අද(19) පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි කැළඹීමකට ලක්ව සිටි බවද, පොලිසිය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ එම නගරය අවට යෙදවූ බවද දුම්මලසූරිය පොලිසිය කියයි. 19 May 2019
ආනවිලුන්දාව වැව අසළ බෝක්කුව යට ජීව උණ්ඩ පාර්සලයක් ආරච්චිකට්ටුව ආනවිලුන්දාව මුතු පන්තිය මාර්ගයේ කුරුලු අභයභූමිය තුළ ඇති බෝක්කුවක් යට තිබී හමුදාව භාවිත කරනු ලබන උණ්ඩවලට සමාන ජීව උණ්ඩ පාර්සලයක් අද (19) සොයා ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි. 19 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026