‘මිනීමැරුම් සංස්කෘතිය රටට හඳුන්වාදුන්නේ එජාපයයි’ ‘ප්‍රේමදාස න්‍යාය පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය විසින් පිළිඅරගෙන තිබෙනවා. මිනීමැරුම් සංස්කෘතිය මේ රටට හඳුන්වාදුන්නේ ප්‍රේමදාස මහත්තයා ඇතුළු එදාසිටිය එක්සත් ජාතික පක්ෂයයි’ යැයි හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 30 June 2020
තේ වතුවල ඇටවූ මදු ගලවා ඉවත්කරයි තේ වතු ආශ්‍රිතව සැරිසරන පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ දිවියන් සහ වන සතුන් ආරක්ෂා කර ගැනීමට වතු අධිකාරිවරුන් සමඟ වනජිවි දෙපාර්තුමේන්තුව ආරම්භ කර ඇති මදු ගැලවීමේ ව්‍යපෘතිය සාර්ථකව සිදුකරමින් සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය. 30 June 2020
තවුහිද් ඉන්දීය නායකයා අසාදු ලේඛනයට දමා ලංකා ගමන නැවැත්තුවා අසාමාන්‍ය විලාසයකින් ඉස්ලාම් ආගම ලංකාව තුළ ප්‍රචාරය කරන බව වාර්තා වූ නිසා ලංකාවට පැමිණීමට නියමිතව සිටි තවුහිද් ජමාද් සංවිධානයේ ඉන්දීය නායකයා අසාදු ලේඛනයට ඇතුළු කර ඔහුගේ ලංකා සංචාරය තමා මැදිහත්ව වළක්වා දැමූ බව රාජ්‍ය බුද්ධි සේවා හිටපු අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධර්මගුප්ත ගජනායක මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ 29 වැනිදා පැවසීය. 30 June 2020
ඉන්දියාව ‘ටික් ටොක්’ ඇතුළු මෘදුකාංග 59ක් තහනම් කරයි ජනප්‍රිය මෘදුකාංගයක් වන, ’ටික් ටොක්’ ඇතුළු තවත් චීන මෘදුකාංග 59ක් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. 30 June 2020
තවත් 33ක් සුවය ලබා පිටව යති කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ගෙන් 33දෙනෙකු සුවය ලබා අද(30) රෝහල්වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 30 June 2020
ඡන්දය දින රාත්‍රී ප්‍රතිඵල නෑ මෙතෙක් පැවැති සියලුම මැතිවරණ වලදී කුමන හෝ ප්‍රතිඵලයක් ඡන්දය පැවති දා මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කර තිබුණ ද 2020 මහමැතිවරණයේ ඡන්ද ගණනය කිරිම පසුදා උදෑසන 8 ට ආරම්භ කෙරේ. 30 June 2020
කොරෝනා ආසාදිතයන් ගණන 2042 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(30) වනවිට 2042 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 30 June 2020
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුනඛයෝ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 100ක් පමණ වටිනා හෙරොයින් තොගයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුට විකිණූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේම පොලිස් නිලධාරීන් සිවු දෙනා අතරින් පොලිස් සැරයන්වරයකුගේ මහව දළදාගම ප්‍රදේශයේ පිහිටි ඉඩමෙහි සුරක්ෂිත ලෙස සඟවා තිබූ රුපියල් තුන්කෝටි එකළොස් ලක්ෂයකට අධික මුදලක් පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇතැයි අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 30 June 2020
වෘත්තීය පුහුණු ආයතන ජුලි 6 සිට විවෘත කරයි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සියලු වෘත්තීය පුහුණු ආයතන ජූලි මස 6 වැනිදා සිට විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්යක්ෂ අකිල දනුෂ්ක මහතා පවසයි. 30 June 2020
රාජිතගේ ප්රතිශෝධන පෙත්සම අස්කර ගන්න අවසර ගනී සුදු වෑන් මාධ්‍ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි තමන්ට ඇප දුන් කොළඹ ප්‍රධාන මහේසත්රාත්වරිය දුන් නියෝගය අවලංගු කර, තමන් යළි රිමාන්ඞ් බාරයට පත් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අභියාචනාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට අද (30) අවසර ලබා දුන්නේය. 30 June 2020
දඹුල්ලේ පුද්ගලයකු ටයර් දමා පිළිස්සීමේ සිද්ධියට තිදෙනකු අත්අඩංගුවට දඹුල්ල ඉහළ ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ටයර් දමා පිලිස්සීමේ සිද්ධිය සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් 3 දෙනකු මාතලේ කොට්ඨාස අපරාධ අංශය මගින් සැකපිට අත්අඩංගුවට දඹුල්ල පොලිසියට භාරදී තිබේ. 30 June 2020
මැලේසියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ක්වාලාලම්පූර් නුවර සිට අද(30) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 30 June 2020
මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ 4 ක වැඩ තහනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත් වූ චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. 29 June 2020
ට්‍රම්ප් අත්අඩංගුවට ගන්නැයි ඉරාන අධිකරණයකින් වරෙන්තු ඉරානයේ ප්‍රබලම ජෙනරාල්වරයකු වන කසීම් සුලෙයිමානී ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගන්නැයි ඉරානයේ අධිකරණයක් වරෙන්තු නිකුත් කර ඇත. 29 June 2020
රවී ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද - නැද්ද තීරණය ජූලි 07 දා හිටපු ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා ඇතුළු හත් දෙනෙකු ගොනු කළ පෙත්සම් විභාගයට ගන්නවාද නැත්ද යන්න පිළිබඳ නියෝගය ජූලි 07 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (29) දින නියම කළේය. 29 June 2020
දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කිරීම ජූලි 6වැනිදා කොරෝනා වයිරසය හේතුවෙන් වසා දමා තිබූ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජූලි 6 වැනිදා සිට යළි විවෘත කිරීමට හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඡඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 29 June 2020
සා. පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ජූලි 17ට පෙර එවන්න අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ (2019), ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අයදුම්පත් ජූලි 17 වැනිදා හෝ ඊට පෙර එවිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 29 June 2020
මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනය අත්හිටුවයි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් ඊයේ (28) රාත්‍රියේ සිට ආරම්භ කර තිබූ වර්ජනය අත්හිටවූ බව තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පවසයි. 29 June 2020
‘කරුණා අම්මාන් මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් කරන්න’ විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාශය මගින් 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පාර්ලිමේන්තු පනතේ 81 වන වගන්තිය උල්ලංගනය කර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද(29) කොළඹදී පැවසූහ. 29 June 2020
මැතිවරණ නීති කැඩූ 22 ක් අත් අඩංගුවට මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඡන්ද ප්රචාරක කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවෝ 22 දෙදෙනෙකු අද (29) හිඟුරක්ගොඩ අක්කර 70 ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය පැවසීය. 29 June 2020
වරාය සේවකයෝ වර්ජනයකට සැරසෙති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවිකිරීම සඳහා ගෙන්වා ඇති ග්රැන්ටි දොඹකර තුන ඉදිරි පැය විසිහතර ඇතුළත සවිකිරීම් ආරම්භ නොකලහොත් ජුලි පළමුවැනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වරායේ වෘත්තිය සමිති කියයි. 29 June 2020
මහාරාෂ්ට ප්‍රාන්තයට අගුලු දැමීම ජූලි 31 දක්වා දීර්ඝ කරයි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාම හේතුවෙන්, මහාරාෂ්ට ප්‍රාන්තයට බලපවත්වා ඇති අගුලු දැමීමේ තත්වය ජූලි 31 දක්වා දීර්ඝ කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇත. 29 June 2020
කලුතර නගරාධිපති අත්අඩංගුවට කලුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ ඉබි යතුරු කඩා ඇතුළු වීම සම්බන්ධයෙන් කලුතර නගරාධිපති අමීර් නසීම් මහතා අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි . 29 June 2020
අත්අඩංගුවේ සිටි සැකකරුවන්ට හෙරොයින් ජාවාරමට අනුබල දුන්නැයි දෙදෙනකු රිමාන්ඩ් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් සමඟ එක්ව හෙරොයින් ජාවාරම් කිරිමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානය බාරයේ සිටින සැකකරුට ආදාර අනුබල දිමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ යට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් දෙදෙනෙකු ලබන 08 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද(29) නියම කළේය. 29 June 2020
සංචාරක මගපෙන්වන්නෝත් රිටිපන්න ධීවර කර්මාන්තයට බසිති වාරකන් කාලය ආරම්භවිමත් සමග කොග්ගල වෙරළ ආශ්‍රිතව රිටිපන්න ධිවර කර්මාන්තය ආරම්භ වි තිබේ. 29 June 2020
විදේශිකයකුට පහරදුන් එංගලන්ත ජාතිකයාට අත්හිටවූ සිරදඬුවම් තමාගේ ශ්‍රී ලාංකික පෙම්වතිය සමග මිතුරු වී හෝටලයකට පැමිණි ඉතාලි ජාතිකයෙකුට පහරදීම සම්බන්ධයෙන් වරද පිළිගත් එංගලන්ත ජාතිකයෙකුට මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් දහසක දඩයක් ද පැමිණිලිකරුට රුපියල් 20,000ක වන්දියක්ද ගෙවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (29) නියෝග කළේය. 29 June 2020
මඩු මංගල්‍යය බැතිමතුන්ට සීමා කරයි ඓතිහාසික මන්නාරම මරඳමඩු දේවස්ථානයේ මෙවර වාර්ෂික මඩු මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සීමා කිරීමට හා ආරක්ෂාව තර කිරීමට මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබේ. 29 June 2020
නැ’හිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක-ආණ්ඩුකාරවරියට නොතීසි යවන්නැයි නියෝග ලංකා ගුරු සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ඇතුළු වගඋත්තරකරුවන්ට යළි නොතීසි දන්වා යවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය අද(29) පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය. 29 June 2020
ලංකාවේ කුකුළු මස් ඕමානයට ශ්‍රී ලංකාවේ කුකුළු මස් නිෂ්පාදනයන් ඕමානයේ අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 29 June 2020
මාලේ සිරවී සිටි 179 ක් ලංකාවට එති ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 29 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026