එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට මොහාන් පීරිස් ඇමරිකාවේ නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස හිටපු අගවිනිසුරුවරයකු වන ජනාධිපති නීතීඥ , ආචාර්ය මොහාන් පීරිස් මහතා රජය විසින් පත් කරනු ලැබ ඇත. 20 September 2020
සුන්බුන් අතර සිරවී මිය ගිය බිළිඳාගේ මව-පියා ගේ සිරුරු සොයා ගැනේ මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසීමෙන් සුන්බුන් අතර සිරවී මියගිය බිලිදාගේ මව හා පියාගේ මළ සිරුරුද මීට සුළු මොහොතකට පෙර දී හමු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 20 September 2020
හේමසිරිගේ ප්‍රකාශ අසත්‍යයි : ද්වේෂ සහගතයි පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිසමේදී හිටපු ආරක්ෂක ඇමැති හේමසිරි ප්‍රනාන්දු මහතා තමා සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත් එය අසත්‍ය, ද්වේෂ සහගත ලෙස ඉදිරිපත් කර ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 20 September 2020
හෝටන්තැන්නට පිවිසෙන්න තවත් මාර්ගයක් ඉදිකරනවාට විරෝධය හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා එහි පිවිසීමට මේ වනවිටත් මාර්ග දෙකක් තිබියදී තවත් මාර්ගයක් සැකසීම කාලෝචිත ක්‍රියාවක් නොවන බව ’දේශීය වානාන්තර සුරැකීමේ සංගමය’ කියා සිටියි. 20 September 2020
සැහැල්ලු දුම්රිය මාර්ග ණය ගනුදෙනුව අවලංගු කිරීමේ සාකච්ඡා කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය (එල්ආර්ටී) ඉදිකිරීම සඳහා වූ ණය ගිවිසුම අවලංගු කිරීමේ අරමුණින් මහා භාණ්ඩාගාරය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) සමඟ සාකච්ඡා ආරම්භ කරන බව බලයලත් නිල ආරංචි මාර්ග වලින් වාර්තා වේ. 20 September 2020
බාල වයස්කරුවන් මතටත් ලිංගිකත්වයටත් හුරු කළ 18 හැවිරිදි කතක් බාල වයස්කාර පිරිමි දරුවන් මත්කුඩු භාවිතයට හුරු කර ඔවුන් ලිංගිකත්වයට හුරු කරවීමේ ක්‍රියාවලියක නිරතව සිටි දඹුල්ල නව පා දෙණියේ 18 හැවිරිදි විවාහක කාන්තාවක් අද (20) අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි. 20 September 2020
ජනපති මදුරන්කුලියේ මිදි වගාව බලන්න යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) පුත්තලම දිස්ත්‍රික්කයේ හදිසි සංචාරයක නිරතවිය. 20 September 2020
කොළ මඬින යන්ත්‍රය කාන්තාවක් බිලි ගනී ගොයම්කොළ මඩින යන්ත්‍රයක ආධාරයෙන් වියලි බඩ ඉරිඟු කරල් ඇට වෙන් කරමින් සිටි 49 හැවිරිදි කාන්තාවක එම යන්ත්‍රයට හසුවීමෙන් මියගොස් ඇතැයි බකමූණ පොලීසිය කියයි. 20 September 2020
‘බැරල් රංජි’ අත්අඩංගුවට ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මොහොමඩ් ෆාරුක් හෙවත් ’’ බැරල් රංජි ’’ නැමැත්තා අද (20) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 September 2020
සුන්බුන් අතර සිරවී මිය ගිය බිළිඳාගේ මව්පියන් සොයා මෙහෙයුම් මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ ගිලා බැසීමට ලක් වූ පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී මියගිය යාබද නිවසේ බිළිඳාගේ මව හා පියා ද සුන්බුන් අතර සිරවී සිටින බව ලද තොරතුරු අනුව ඔවුන් සොයා මේ වන විට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි මහනුවර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතා පැවසීය . 20 September 2020
කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවූ බිළිදා මියයයි මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් සුන්බුන් වැටීමෙන් ඒ අසළ නිවසක සුන්බුන් අතර සිරවී සිටියදී සහන කණ්ඩායම් මගින් සොයාගත් මාස එක හමාරක් වයසැති බිළිඳා රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා පැවසීය. 20 September 2020
මහනුවර ගොඩනැගිල්ලක් කඩාවැටී දෙදෙනක් අතුරුදන් මහනුවර බුවැලිකඩ පිහිටි මහල් පහක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන්, පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත. 20 September 2020
ගල්විල වන උද්‍යානයත් වනසති වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් තබ්බෝව - ගල්විල පාරිසරික උද්‍යානය තුළ වසර 100ක් පැරණි ගස් කැපීම්, වැලි ගොඩදැමීම් ඇතුළු විශාල පාරිසරික හානි රැසක් සිදුවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. 20 September 2020
බත්තලංගුණ්ඩුව දූපතක ලක්ෂ 50 ක කේරළ ගංජා හංගලා කල්පිටිය බත්තලංගුණ්ඩුව පරාමුණේ දූපතේ ධීවර වාඩියක සඟවා තිබූ ලක්ෂ 50ට ආසන්න වටිනාකමකින් යුත් කේරලගංජා තොගයක් කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරකට අනුව නාවික හමුදාව විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබුණි. 19 September 2020
දුෂ්කර පළාත්වල සරසවි සිසුන් 15 කට පාපැදි රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඇතුළු විවිධ දුෂ්කරතා මැද අධ්‍යාපනය ලබන සිසුන් පිරිසකට මිරිසවැටිය විහාරාධිකාරී හා රජරටව විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ අද (19) පාපැදි පරිත්‍යාග කළහ. මෙම සිසු සිසුවියන් තෝරාගෙන තිබුණේ අනුරාධපුර නගරයට බොහෝ දුර දුෂ්කර පළාත්වලිනි. 19 September 2020
හැටන් - කොළඹ ගමනාගමනය යථා තත්වයට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේ ගස් කඩා වැටිමෙන් අවහිරව තිබු බාධක ඉවත් කරමින් එම මාර්ගය හරහා ගමනා ගමනයට ඉඩ ලාබාදීමට මාර්ග සංවර්ධන අධිකාය මගින් පියවර ගෙන ඇත. 19 September 2020
හෙරෝයින් - අයිස් මත්ද්‍රව්‍ය සමඟ තිදෙනෙක් පොලිස් දැලේ හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අද (18) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය. 18 September 2020
‘පොඩි ලැසී’ ගෙන් පැය 6 ක් ප්‍රකාශ ගනී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුලු බන්ධනාගාර නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ නැමැත්තාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (18) පැය 6ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ. 18 September 2020
වායු බලාගාර දෙකක් හදන බව ඩලස් කියයි ඉදිරියේදී රට තුළ ඇතිවන විදුලිබල අර්බුදයට පිළියමක් වශයෙන් ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී) බලාගාර දෙකක් 2023 වසර වන විට ඉදිකරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 18 September 2020
කළු ගඟේ ජල මට්ටම ඉහළ නගී රත්නපුර දිස්ත්‍රික්කයට අද (18) උදෑසන සිට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟේ සහ කළු ගඟේ අතු ගංඟාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි. 18 September 2020
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට යයි කැබිනට් මණ්ඩල අනුමැතිය ද ඇතිව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 18 September 2020
‘ගොටුකොළ රිෆායි’ රිමාන්ඩ් බණ්ඩාරගම අටලුගම දී බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දී පලා ගොස් සැඟවී සිටියදී බණ්ඩාරවෙළ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන ’’ ගොටුකොළ රිෆායි’’ නැමැත්තා බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 24 වැනිදා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේය. 18 September 2020
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් එහි ගමනාගමනයට අද (18) පැයක කාලයක් බාධා එල්ල වූ බව ගිනිගත්හේන පොලිසිය කියයි. 18 September 2020
ගෝඨාට විරුද්ධව සාක්ෂි දෙනවානම් වරප්‍රසාද දෙන්න ශානි පොරොන්දු වුණා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළ බව පවසන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා තමාට තර්ජනය කළ බව යුද හමුදා බුද්ධි බළකායේ බලයලත් නිලධාරී අයියසාමි බාලසුබ්රමනියම් මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දෙමින් (18) පැවසීය. 18 September 2020
හිටපු ජනාධිපති නොමඟ යවන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොමඟ යවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරුවන් රඳවා තබා ගැනීමට ලිඛිත අවසර ලබාගෙන ඇති බව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (18) සඳහන් කළේය. 18 September 2020
කළුදිය පොකුණ මහනුවර උසස් බාලිකාවට පවරයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරෙන 2020 පුරාවිද්‍යා වැඩසටහන යටතේ ’’උරුමය තනි නොකරමු ’’යන්න වැඩසටහනට සමගාමීව දඹුල්ල කළුදිය පොකුණ පුරාවිද්‍යා ස්මාරකය භූමිය හෙවත් දක්ඛිණගිරි විහාර පුරාවිද්‍යා භූමිය මහනුවර උසස් බාලිකා විද්‍යාලයට පවරා දීමේ වැඩසටහන අද (18) දඹුල්ල කළුදිය පොකුණ පුරාවිද්‍යා භූමියේ දී සිදු කෙරිණි . 18 September 2020
‘කඩදාසි මිල අඩු කරන්න පියවර ගන්නවා’ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩදාසි මිල අඩු කිරීමට පියවර ගන්නා බව ජාතික උරුම, ප්රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කොළඹ දී අද (18) පැවැසීය. 18 September 2020
17 ක් ගෙදර ගියත් තවම 220 ක් රෝහල්වල කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතයට අදාළ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය නිකුත් කළ නවතම වාර්තාව අනුව, කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 17දෙනෙකු සුවය ලබා අද(18) පිටව ගොස් ඇත. 18 September 2020
සූර් වී 25,000 ක් දඩ කාලා ආපසු යද්දීත් බීලා මාට්ටු බීමත්ව රිය පැදවීමේ වරදකට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙරේදා (16) වරදකරු කළ වෙළෙඳ ව්‍යාපාරිකයකු උදේ 11.30 ට පමණ රුපියල් 25,000 ක දඩ මුදල ගෙවා අධිකරණ භූමියෙන් පිටතට ගොස් මත්පැන් පානය කර නැවත රිය පැදවීමේ වරදට එදිනම ප.ව. 2.00 ට පමණ අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි. 18 September 2020
දින තුනක් බෙංගාල බොක්කේ ධීවර කටයුතු එපා ඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් ඇති නිසා එම මුහුදු කලාපයේ හෙට (19) සිට 22 වැනිදා දක්වා මුහුදුයාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කර තිබේ. 18 September 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026