රන්ජන්ගේ මන්ත්‍රී පුටුව හිස් රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7) පැවැසීය. 07 April 2021
කොළඹට අද හිරු මුදුන් වේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) සවස් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 April 2021
සංචාරයට ඇවිත් සූදු ගහලා බම්බලපිටිය ලෝරිස් පාර නිවසක් තුළ චීන ජාතිකයන් පවත්වාගෙන ගොස් තිබූ සූදු පොළක් වටලා චීන කාන්තාවක් ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 April 2021
කැලෑ කැපීම ගැන නීතිපති වන සංරක්ෂණ නිලධාරීන් සාකච්ඡාවක රටේ වනාන්තර එළි කරන බවට මාධ්‍ය මගින් පැතිර යන කරුණු පිළිබඳව විමසීම සඳහා වන සංරක්ෂණ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කැඳවා නීතිපති දප්පුල ද ලිවේරා මහතා සාකච්ඡාවක් පැවැත් වූ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය පවසයි. 07 April 2021
විශ්‍රාම ගිය සී අයී ඩී නිලධාරීන්ට යළි අවස්ථාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්රාමගොස් සිටින දක්ෂ නිලධාරීන් පිරිසක් යළි සේවයට බඳවා ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. 07 April 2021
‘වෙළඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක නැහැ‘ වෙළෙඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක නැතැයි පරීක්ෂණ වලදී හෙලිවී තිබෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 6) පැවසීය. 07 April 2021
මහපොළට කෝටි 164 ක පාඩුවක් මහපොළ භාරකාර අරමුදල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සීමිත සමාගම (SLIIT ) සමඟ 2003 වර්ෂයේදී එළැඹි ගිවිසුම අනුව එම අරමුදලට රුපියල් කෝටි 164 කට වැඩි ප්‍රතිලාභයක් ලැබීමට නියමිතව තිබුණත් එවකට එහි භාරකාර මණ්ඩලය ගත් වැරදි තීරණ නිසා එම ප්රතිලාභ අහිමි වී ඇතැයි මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවට ඊයේ (6) ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙයි. 07 April 2021
‘‘ආනයන භාණ්ඩ 5800 විමර්ශනයකට ලක් වෙන්නේ නෑ‘‘ රේගුවෙන් වෙළෙඳ පොළට නිකුත්කරන භාණ්ඩ 7200 ක් අතුරින් 5800ක් කුමන ආකාරයකින්වත් විමර්ශනයකට ලක් වන්නේ නැතැයි සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 April 2021
විෂ පොල් තෙල් ප්‍රති අපනයනයට ‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරක අඩංගු පොත්තෙල් යැයි හ`දුනාගත් පොල්තෙල් තොගයෙන් පොල්තෙල් කන්ටේනර් හයක් මැලේසියාවට හරවා යැවීම සඳහා කොළඹ වරායේ ස්ථානගතකර තිබුණි. 06 April 2021
‘මම යකඩ ගැහැණියක්‘ තමන් යකඩ ගැහැණියක් බවත් කෙනෙහිළිකම්වලින් වැට්ටිය නොහැකි යැයි ශ්‍රී ලංකා විවාහක රූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අද (06) පස්වරුවේ පැවසුවාය. 06 April 2021
ආමි සුරංග ඝාතනයට පොලිසියේ තුනක් අත්අඩංගුවට ගන්න යයි පාතාල කි‍්‍රයාකාරිකයකු වූ බුද්ධික ප්‍රසාද් ගමගේ නොහොත් ‘‘ආමි සුරංග’’ නමැත්තා පොලිස් අත්අඩංගුවේ සිටියදී ඇඹිලිපිටිය සෙවනගල ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට අද (06) උපදෙස් දුන්නේය. 06 April 2021
කෝප් කමිටුවට ගිය ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරින් ආපසු හරවා යවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු සෙසු නිලධාරීන්ගේ ධූර කාලය අවසන් වී ඇති බැවින් කෝප් කමිටුවට සහභාගී විය නොහැකි බව එම කමිටුව ඔවුනට දැනුම් දුන්නේය. 06 April 2021
විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවක් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (6) පැවැත්විණි. 06 April 2021
බස්නාහිර උපකාරක පන්තිවලට කොළ එළියක් බස්නාහිර පළතේ උපකාරක පන්ති ලබන 12 වැනිදායින් පසුව විවෘත කිරීමට අවසර ලැබෙන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. 06 April 2021
සංචරණ සීමා පනවන්නේ නෑ-යුද හමුදාපති අලුත් අවුරුදු සමයේ සංචරණ සීමා පැනවීමට කිසිදු බලාපොරෛාත්තුක් නැතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 06 April 2021
ක්ෂුද්‍ර මූල්‍ය ණයට එරෙහිව උද්ඝෝෂණයක් ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා එම ණය බරින් විපතට කාන්තාවන් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (06) පොලොන්නරුව,හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි. 06 April 2021
වැලිකඩ බන්ධනාගාරයට පාර්සල් දෙකක් පියාඹයි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට ඉහළින් වැටුනු පාර්සල් දෙකක තිබී ජංගම දුරකතන 9 ක් ඇතුලූ තහනම් භාණ්ඩ රැසක් තිබී සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි. 06 April 2021
දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් ප්‍රවාහනයෙන් ඉවත්වෙති සියලුම දුම්රිය පාර්සල් ප්‍රවාහන කටයුතුවලින් අද(06) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වීමට කටයුතු කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි. 06 April 2021
රොක්වුඩ් වතුයායේ ගින්නක්:අක්කර 10ක් දැවේ කාසල්රි ජලාශ රක්ෂිතය ආසන්නයේ පිහිටි නොර්වුඩ් රොක්වුඩ් වතුයායේ පිහිටි ලදු කැලැවක සහ වන වගාවක අද (6) දහවල් හටගත් ගින්නකින් අක්කර 10 පමණ විනාශ වි ඇති බව එම වතු යායේ පාලන අධිකාරිය පවසයි. 06 April 2021
රන්ජන්ට නිවාඩු දෙන්න බෑ-කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් මැතිසබයේ නිවාඩු අනුමත කළ නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවැසීය. 06 April 2021
වන විනාශය එපා: එජාපය පාරට බහී රට තුළ සිදුවන වන සංහාරයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් කොළඹ තුම්මුල්ල මංසන්ධියේ දී අද (06) දැවැන්ත විරෝධතාවයක් පැවති අතර විරෝධතාව අතරතුර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලය වෙත සංදේශයක් භාර දීමට ද පිරිස කටයුතු කළේය. 06 April 2021
විභාගයට පෙනී සිටි දැරිය හදිසියේ මියයයි වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ සිසුවියක වාර විභාගයට පෙනි සිටියදී හදිසියේ අසනිපව රෝහල් ගත කිරිමේන් පසුව මරණයට පත්වි ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි. 06 April 2021
රූ රැජිනගේ කිරුළ උදුරාගත් ලෝක රූ රැජින පොලිසි එයි 2020 ශි‍්‍ර ලංකා විවාහක රූ රුජින තරගයේ ජයග්රාහි කිරුළ පුෂ්පිකා ද සිල්වා මහත්මියට පැලැන්දවීමෙන් පසු එය බලහත් කාරයෙන් උදුරා දෙවන ස්ථානය හිමිකරගෙන සිටි තරඟකාරියට පැළදුවේ යැයි සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබා දීමට ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජුරී මහත්මිය කුරුදුවත්ත පොලියට පැමිණ සිටියි. 06 April 2021
එතෙර ශ්‍රමිකයන්ට ගෙදර එන්න අනුමැතිය ඕනේ නෑ විදෙස්ගතව සිට මෙරටට පැමිණීනෙන ශ්‍රී ලාංකිකයින් ඒ සදහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු බවට මෙතෙක් පැවති නීතිය ඉවත් කිරීමට රජය ඊයේ (06) තීරණය කර ඇත. 06 April 2021
බසය ඇළේ:මගීහු රෝහලේ දඹුල්ල ගල්කිරියාගම ප්‍රධානම මාර්ගයේ තෙලදින්නන්වැව ප්‍රදේශයේ පෞද්ගලික මගී බස් රථයක් ඇලකට පෙරලී යාමෙන් එහි ගමන් ගත් මගීන් 18 දෙනකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව ගල්කිරියාගම පොලිසිය කියයි. 06 April 2021
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ගෙන් වන්දි ඉල්ලා නඩු මගට පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් හිටපු ජනාධිපති, අගමැති,පොලිස්පති ඇතුළු පිරිසට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ අද (6) නඩු පවරයි. 06 April 2021
චීන එන්නත් චීන ජාතිකයනටම චීනයෙන් ප්රදානය කළ කොරෝනා එන්නත් වලින් සියයට 1ක් මෙරට සිටින චීන ජාතිකයන්ට ලබාදීම මේ දවස්වල සිදු කරන බව සෞඛ්‍ය අංශ කියයි. 06 April 2021
පාසල් සිසුවෙක් ආසන 53 බසයක් පදවලා වලංගු බලපත්‍රයක් නැතිව ආසන 53ක බස් රථයක් ධාවනය කළ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව මිද්දෙණිය පොලිසිය කියයි. 06 April 2021
‘‘විපක්ෂයේ දහයකගේ ප්‍රජා අයිතිය නැති කරන්න හදනවා‘‘ රජය විපක්ෂයේ නායකයින් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (6) චෝදනා කළේය. 06 April 2021
කොරෝනාවෙන් වැසුණු සරසවි යළි ඇරේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු විශ්වවිද්‍යාල සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු යළි ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 06 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026