‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවේ දේශීය නියෝජිතයා සී.අයි.ඩීයට එයි මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් ‘‘එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී. කොන්සෝටියම් ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ අර්ජුන හෙට්ටිආරච්චි මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය. 16 June 2021
නැවෙන් කාන්දුවන තෙල් එකතු කරන්න පේරාදෙණිය සරසවියෙන් නව නිර්මාණයක් ‘පර්ල් එක්ස්ප්‍රස්‘ නෞකාවෙන් කාන්දුවී මුහුදු ජලයට එකතු වන තෙල් සියල්ල එකතු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මහචාර්යවරුන් තිදෙනකු උපරණයක් නිර්මාණයක් කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා පවසයි. 16 June 2021
ආනයනික භාණ්ඩ මිල ඉහළ යන ලකුණු ඉන්ධන මිල වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සියලුම ආනයනික භාණ්ඩ මිල වැඩි වන්නේ යැයි සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි. 16 June 2021
රනිල්ගේ නම මැතිවරණ කොමිසමට එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන බවට මැතිවරණ කොමිසමට අද (16) දැනුම් දුන් බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 16 June 2021
ශානි අබේසේකර ඇප මත මුදාහරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළේය. 16 June 2021
රටට ඇත්තටම අගුළු දමලාද? මේ දිනවල ක්‍රියාත්මක වන්නේ රට අගුළු දැමීමක්ද නැද්ද කියන එක ගැන සැකයක් පවතින්නේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය . 16 June 2021
කසිප්පුයි බැටරි ඇසිඩුයි මාරු වි ගරාජ් බාස් මරුට ලොරි රථයක බැටිරිය අක්‍රියවිම නිසා බැටිරි ඇසිඩ් මාරුකිරිමට පැමිණි තිදෙනකු සමග මත්පැන් පානය කරමින් සිටි ගරාජ් බාස්වරයකු වූ දෙදරු පියකු අත් වැරදිමකින් බැටරි ඇසිඩි පෙවිම මියගොස් ඇතැයි පොලිසිය කියයි. 16 June 2021
‘‘අත්‍යවශ්‍ය ආහාර සැපයිමේ බලපත්‍රවල වලංගු කාලය 21න් අවසන්‘‘ සංචරණ සීමා සමයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා ලබා දී තිබූ බලපත්‍ර ලබන 21 දිනෙන් අවසන් වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 16 June 2021
සංචරණ නීති අස්සේ තහනම් දැල් භාවිතය ඉහළ යයි පවතින සංචරණ සීමා අස්සේ,කල්පිටිය කළපුවේ කූඩු දැල් නම් තහනම් දැල් භාවිතය ඉහළ ගොස් ඇතැයි ද මේ නිසා කළපු මත්ස්‍ය සංහාරයක් සිදු වන බව කල්පිටියේ කළපු ධීවර ප්‍රජාව චෝදනා කර සිටිති. 16 June 2021
බද්දේගම ළමා නිවාසයක 15කට කොරෝනා බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ ළමා නිවාසයක ළමයින් 12 කට හා සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 16 June 2021
‘‘ඉන්ධන මිල වැඩි කිරීම නිසා අසරණ වු ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්න‘‘ ඉන්ධන මිල ඉහළ දැමීම නිසා අසරණ වී සිටින ජනතාවගේ ජීවිතය පවත්වා ගෙන යාම සඳහා ක්ෂණික මූල්‍ය සහන පැකේජයක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 16 June 2021
පළාත් රැසකට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 June 2021
සංචරණ සීමාවෙන් රටට රුපියල් කෝටි 45,000 අහිමි කරයි මාසයක කාලයක් සංචාරණ සීමා ක්‍රියාත්මකවීමෙන් රටට සිදු වන මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හතළිස් පන් දහස ඉක්මවන බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. . 15 June 2021
සජබ ප්‍රා.මන්ත්‍රීවරියගේ සැමියා සුවිසල් නිවෙසේ කසිප්පු පෙරද්දී මාට්ටු මාතර මාකාවිට ප්‍රදේශයේ තෙමහල් නිවසක් තුළ නීති විරෝධී ලෙස කසිප්පු පෙරමින් සිටි මාතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හා ඔහුගේ ගෝලයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 15 June 2021
ගිනිගත් නැවේ කපිතාන්, වරාය සමග කළ සංවාදවල වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා රේඩියෝ සංවාද සිදු කළ බව කියන කොළඹ වරාය සතු රේඩියෝ දත්ත සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (15) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. 15 June 2021
අම්බලන්ගොඩ ධීවරයෝ පන්දම් දල්වා විරෝධය පාති ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධය පා අද (15 ) රාත්‍රියේ අම්බලන්ගොඩ ධීවරයෝ පන්දම් දල්වා අම්බලන්ගොඩ ධීවර වරාය තුළදී විරෝධතාවක නිරතවූහ. 15 June 2021
කොරෝනා අසාදිත වූ තවත් 432 ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 432 දෙනකු අද (15) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 15 June 2021
ඊයේ දිනයේ කොරෝනා මරණ තවත් 55ක් කොවිඩ් ආසාදිතවූ තවත් 55 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. 15 June 2021
කොවිෂීල්ඩ් ගත් අයට ෆයිසර් ? කොරෝනා මර්දනය කිරීම සඳහා ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවැනි එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමේ හැකියාව සොයා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 15 June 2021
‘වහාම ඉන්ධන මිල පහළ දැමිය යුතුයි‘‘ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා හෝ වහාම ඉන්ධන මිල පහත දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද(15) පැවසීය. 15 June 2021
වැලිපැන්නේ ජාත්‍යන්තර කෘෂි නිෂ්පාදන මධ්‍යස්ථානයක් දක්ෂිණ අධිවේගී මාර්ගය ප්‍රයෝජනයට ගනිමින් වැලිපැන්න ප්‍රදේශයේ ජාත්‍යන්තර කෘෂි නිෂ්පාදන හුවමාරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 15 June 2021
පාසල් ඇරීමේ සූදානමක් ? සෞඛ්‍ය අංශයේ නිර්දේශ ලැබුණු විගස පාසල් යළි විවෘත කිරීමට අවශ්‍ය කටයුතු යොදන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. 15 June 2021
මාස තුනකින් බිත්තර, කුකුළු මස් හිඟයක් කුකුල් කෑම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුඅමුද්‍රව්‍යවල හිඟය හේතුවෙන් තව මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක් මතුවීමට ඉඩ ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සඳහන් කරයි. 15 June 2021
කොරෝනා ආසාදිතයන් තවත් 1843 ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,843 දෙනකු අද (15) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,27,765 කි 15 June 2021
වව්නියාව නගර සභාපතිට පොලිස් ඇප වව්නියාව තානායමේ ආරක්ෂක නිලධාරියාට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වව්නියාව නගර සභාපතිවරයා අද (15) පොලිස් ඇප මත මුදා හැරුණු බව වව්නියාව පොලීසිය පවසයි. 15 June 2021
කසිප්පු ජාවාරමෝ නිවිතිගල නිවසක් වනසති කසිප්පු ජාවාරමක් ගැන කහවත්ත පොලිස් විශේෂ කාර්ය බළකායට ඔත්තුවක් ලබාදුන්නේ යැයි සැකය මත නිවිතිගල, කිරිබත්ගල වතුයායේ නිවෙසක් ජාවාරම්කරුවන් විසින් සම්පූර්ණයෙන් විනාශ කර ඇතැයි නිවිතිගල පොලිසිය පවසයි. 15 June 2021
ගුවන් සමාගමේ ආරක්ෂක තනතුරුවලට හොර පාරෙන් ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක නිලධාරී තනතුරු සඳහා තෝරාගත් පිරිසට පත්වීම් නොදි දේශපාලන බලපෑම් මත වෙනත් පිරිසකට පත්වීම් ලබාදීමේ සූදානමක් ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමය චෝදනා කරයි. 15 June 2021
කොරෝනා මර්දන එන්නත් ලක්ෂයකට ලබා දෙයි කොරෝනා මර්දන එන්නත් ලක්ෂයකට ආසන්න පිරිසකට ඊයේ දිනයේ පමණක් එන්නත් ලබා දී ඇතැයි කොළඹ වසංගත රෝහ විද්‍යා ආයතනය සඳහන් කරයි. 15 June 2021
සංචරණ සීමා ඉවත් කරන තීරණය 19 හෝ 20 සංචරණ සීමා ලබන 21 වැනිදා ඉවත් කරන්නේ ද යන්න තීරණය කරන්නේ ලබන 19 වැනිදා හෝ 20 වැනිදා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 15 June 2021
කොරෝනා මරණ අඩු වෙන්න තවත් සති දෙකක් තුනක් යාවි කොරෝනා ආසාදිතයන් අඩු වුණත් කොරෝනා මරණ අඩුවීමට තවත් සති දෙකක් හෝ තුනක් යා හැකි යැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 15 June 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026