විදුලි සේවකයන්ට සියයට 25ක වැටුප් වැඩිවීමක් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයනට මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මකවන පිරිද සියයට 25ක වැටුප් වැඩවීමක් ලබාදීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. 15 June 2021
‘‘යුරෝපා පාර්ලිමේන්තුව සම්මත කළ යෝජනාවේ සාවද්‍ය කරුණු ‘‘ ශ්‍රී ලංකාවේ තත්ත්වය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යන කරුණු අඩංගු කර යුරෝපීය පාර්ලිමේන්තුවේදී සම්මත කළ ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව සාවද්‍ය කරුණු මත පදනම්ව සිදු කළ එකක් යැයි විදේශ අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතා මෙරට සිටින යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් හමුවේ දැන්වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.. 15 June 2021
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6කට පිලිපීනය පැනවූ සංචාරක තහනම දීර්ඝ වෙයි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක සිටි පැමිණෙන පුද්ගලයින් සඳහා පිලිපීනය රජය පනවා තිබූ සංචාරක තහනම ලබන 30 වැනිදා තෙක් දීර්ඝ කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි මැනිලා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී. 15 June 2021
මහනුවර තැපැල් සේවකයෝ බෙහෙත් බෙදීමෙන් ඉවතට මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් සේවකයන්ට කොරෝනා එන්නත ලබා දීම දිගින් දිගටම ප්‍රමාද කිරීමට විරෝධය පලකරමින් එහි සියලු තැපැල් සේවකයෝ ඖෂධ බෙදීමේ කටයුත්තෙන් අද ඉවත් වුහ. 15 June 2021
වව්නියාව නගරා සභා සභාපති අත්අංඩංගුවට වව්නියාව තානායමේ කළමණාකරුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බ්ධයෙන් වව්නියාව නගරා සභා සභාපතිඅත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 15 June 2021
ඇසුරුම් යන්ත්‍රය පරණ යකඩ කඩයට වික්ක ප්‍රා.මන්ත්‍රිවරුන් අත්අඩංගුවට කොළොන්නාව වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කිලෝ 2220ක බර යන්ත්‍රයක් යකඩ බඩු කඩයකට විකුණීමේ සිද්ධියකට අදාළ කොළොන්නාව නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරුන් දෙදෙනා වැල්ලම්පිටිය පොලිසීය අද අත්අඩංගුවට ගත්තේය. 15 June 2021
කුඩු පැකට් 100ක් සමග හිටපු කොස්තාපල් අත්අඩංගුවට හොරොයින් පැකට් 100යක් පමණ ප්‍රමාණයක් තබාගත් බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සීතාවකපුර කොට්ඨාස දූෂණ මර්ධන අංශය කියයි. 15 June 2021
නිල්ගල රක්ෂිතයේ ගින්නක් බිබිල නිල්ගල වන රක්ෂිතයේ පිටකුඹූර වන ප්‍රදේශයේ 15 දින ඇතිවු ගින්නක් සීඝ්රයෙන් පැතිරී යන බව ප්‍රදේශවාසීහු කියති. 15 June 2021
බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 15කින් ඉහළ දමයි ආනයන සහ අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තු ජූලි 1 වැනි දා සියයට 15කින් වැඩි කිරීමට සමස්ත ලංකා ඒකාබද්ද බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ විධායක සභාව අද තීරණය කළ බව එම සංගමයේ සභාපති සහන් මංජුල මහතා පවසයි. 15 June 2021
හොරෙන් කැඩූ අන්නාසි ගෙඩි 350ක් ගමින් ගමට විකුණලා සංචරණ සීමා නීති කඩ කරමින් අත්තනගල්ල නගරයේ අන්නාසි වත්තකින් අන්නාඩි ගෙඩි 350ක් කපා ඡංගම සේවයේ යෙදෙමින් එම අන්නාසි අලෙවි කළ බව කියන සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 15 June 2021
’’බාර්’’ හතරක සීල් කඩලා මත්පැන් අලෙවිසල් හතරක මුද්‍රා ගලවා ඇතැයි ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පවසයි. 15 June 2021
පළාත් රෝහල් නවයක් මධ්‍යම රජයට පළාත් සභා මගින් පාලනය වන දිස්ත්‍රික් මහ රෝහල් නවයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 15 June 2021
නැන්දම්මා ලේලිය ගැටුම දුරදිග ගොස් නැන්දම්මා මරුට ලේලිය සහ නැන්දම්මා අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් නැන්දම්මා මිය යාමේ පුවතක් ගිරිඋල්ල මතව වැවගම ප්‍රදේශයෙන් වාර්තා වන බව ගිරිඋල්ල පොලිසිය කියයි. 15 June 2021
ශානිගේ ඇප තීන්දුව හෙට රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඉදිපත් කළ අභියාචනයේ තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළේය. 15 June 2021
ළිඳට වැටුණු ගැබිණිය දරුවකු බිහිකරයි ගැබිණි තරුණියක නිවෙස අසල ළිඳට වැටීමෙන් පසු දරුවා බිහි වීමෙන් එම බිළිඳා මරණයට පත්ව සිටියදී සොයාගත් බව රඹුක්කන පොලිසිය කියයි. 15 June 2021
බේකරි නිෂ්පාද කිහිපයක මිල ඉහළට ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බේකරි හිමියන් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 සිට 50 දක්වා මුදලින් ඉහළ දමා ඇතැයි වාර්තා වේ. 15 June 2021
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශයට සුපිරි වෙළඳසල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පාරිභෝගිකයන්ට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයිවූ යෝජනාවක් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 15 June 2021
‘මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන්න අපි අනුමැතිය දුන්නේ නැහැ‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අලුතින් වාහන ගෙවන්නේ නැතැයි තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි . 15 June 2021
අලි, මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 55ක් අහිමිවේ වන අලින්ගේ පහරදීම්වලින් පුද්ගලයන් 55 දෙනෙකුගේ ජීවිත පසුගිය මාස හයේදී අහිමි වී ඇතැයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 15 June 2021
මාර්තුවේ සිට පී.සී.ආර් ලක්ෂ 38 කරලා ශ්‍රී ලංකාව තුළ පසුගිය වසරේ මාර්තු මස සිට මේ දක්වා ‘කොවිඩ්’ 19 වයිරස් ආසාදිතයන් හදුනාගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂ 38 කට ආසන්න සංඛ්‍යාවක් (3,766,692) කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥා වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා පැවසීය. 15 June 2021
‘‘වැලිගමදී ඇල්ලූ කුඩු කිලෝ 220 හරක් කටාගේ‘‘ වැලිගම දී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 220කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ ජාවාරම මෙහෙය වූ ප්‍රධාන පුද්ගලයා වන්නේ ඩුබායි රාජ්‍යයේ වාසය කරන නදුන් චින්තක නොහොත් ‘‘හරක් කටා’’ නමැත්තා වන බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 15 June 2021
තැබෑරුම් වැසීමෙන් පාඩුව කෝටි 1500ක් සංචරණ සීමා හේතුවෙන් රට පුරා මත්පැන් අලෙවිසල් මාසයකට ආසන්න කාලයක් වසා තැබීම නිසා රජයට රුපියල් කෝටි 1500 ක ට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ගණන් බලා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි . 15 June 2021
ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකයි කොවිඩ් අවදානම හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් බොහෝදුරට දින දෙකකට සීමා වනු ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ . 15 June 2021
ගිනිගත් නෞකාවේ කළු පෙට්ටියේ දත්ත තවදුරටත් විශ්ලේෂණයට ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේද , පණිවඩ හුවමාරු පටිගත වී ඇති උපකරණය( VDR) ඇති දත්ත තවදුරටත් විශ්ලේෂණය කිරීම සඳහා එම උපකරණය නිෂ්පාදනය කළ මව් සමාගමේ සහය ලබා ගනිමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 15 June 2021
පාන් පිටි 3.50කින් ඉහළට ප්‍රිමා සමාගම පාන් නිෂ්පාදන සදහා භාවිතා කරන ලබන (මිල්ක් බ්‍රැන්ඩ්) පිටි කිලෝ එකක මිල රු 3.50 කින් අද දින සිට වැඩි කර ඇති බව ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දි ඇත. 15 June 2021
පාඩුවෙන් බේරෙන්න ගෑස් මිල රුපියල් 400කින් වැඩි කළ යුතුයි ගෑස් සමාගම් පවත්වාගෙන යාමට නම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 400 කින් වත් වැඩි කළ යුතු බවට වන යෝජනාවක් ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ දී ඉදිරිපත් වී ඇත . 15 June 2021
තෙල් මිලේ ගැටළුව කැබිනට්ටුවේ දී කතා කරයි ඉන්ධන මිල වැඩි කිරිම හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති සමාජ කොටස් වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඇමතිවරුන් පිරිසක් කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත . 15 June 2021
පොහොර ප්රශ්නය කැබිනට් මණ්ඩලයෙත් සාකච්ඡාවට පොහොර හිඟය හේතුවෙන් ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටින බව ඇමතිවරුන් ගණනාවක් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 15 June 2021
හෙද නිලධාරීන්ගේ විශ්‍රාම වයස 63 දක්වා දික් කරයි හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 15 June 2021
කොරෝනා රාජකාරි කරන සෞඛ්‍ය අංශවල සෙසු අයටත් අමතර දීමනාවක් කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය අංශ වල සෙසු කාර්ය මණ්ඩල සඳහා ද අමතර දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 15 June 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026