දහම් පාසල් විභාග කල් යයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය කල් දැමූ බව අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස් සුජානි මහේෂා සිල්වා මහත්මිය පවසයි. 03 December 2025
කඳු පරීක්ෂාවට විශේෂඥ කණ්ඩායම් මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල කඳුවල සහ ඒ ආශ්රිත ගම්මාන වල පදිංචිය ආරක්ෂිතදැයි තහවුරු කර ගැනීමට අද සිට විශේෂඥ කණ්ඩායම් යොමු කරන බව ප්‍රවාහන අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය 03 December 2025
ජල යෝජනා ක්‍රම 150 ක් ආපදාවට ලක්වෙයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ක්‍රියාත්මක කරන ජල යෝජනා ක්‍රම 342 න් ජල යෝජනා ක්‍රම 150 ක් ආපදාවට පත්ව ඇති බවත් ඉන් ජල යෝජනා ක්‍රම 17 ක් සම්පූර්ණයෙන්ම හානිවී ඇති බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය. 03 December 2025
අරාබියේ හතර වැනි ආධාර යානයත් එයි ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට අඛණ්ඩ සහාය පළ කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහනාධාර රැගත් සිව්වන ගුවන් යානය අද (03) පස්වරුවේ මෙරටට ළගා විය. 03 December 2025
මඟහැරුණු ලංගම ආසනයට වෙනත් ආසනයක් ගන්න ’’දිට්වා’’ සුළි කුණාටුවෙන් වූ ව්‍යසනකාරී තත්වය හමුවේ මාර්ග අවහිර වීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල කලින් ආසන වෙන්කරගත් මගීන් 15,000 ක් සිටින බවත් ඔවුන් වෙන්කරගත් එම ආසන වෙනුවෙන් කැමති වෙනත් දිනයක ආසන ගැනීමේ හැකියාව පවතින බවත් එම මණ්ඩලයේ ආසන වෙන්කිරිමේ සේවාව සිදුකරන ආයතනය පැවසීය. 03 December 2025
පොලිස් විශේෂ කාර්ය බළකායට චීනෙන් පරිත්‍යාග අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට සහ ජනතාවට සහන සැලසීම සදහා රුපියල් ලක්ෂ 45 ක වටිනාකමකින් වියළි සලාක සහ චෙක්පතක් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත චීන වෙළෙද එකමුතුව අද (3) පරිත්‍යාග කළේය. 03 December 2025
ඊළඟ සති හතරේ බිලියන 50ක් වියදම් කරන්න සල්ලි තියෙනවා ඊළඟ සති හතරේ බිලියන පනහක් පමණ ආණ්ඩුවට වියදම් කරන්න මුදල් තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(ස.ජ.බ)පාර්ලිමේන්තුවේ දී පැවසීය. 03 December 2025
ට්‍රම්ප්ගේ සාම ගිවිසුම පුටින් විසි කරයි යුක්රේන - රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් සකස් කළ සාම ගිවිසුම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගියදා ප්‍රතික්ෂේප කළේය. 03 December 2025
ආණ්ඩුව හදිසි නීතියෙන් මාධ්‍ය නිදහස උදුරන්න හදනවා ආණ්ඩුව හදිසි නීතිය පාවිච්චි කර කතා කිරීමේ සහ මාධ්‍ය නිදහස යටපත් කරන්න උත්සාහ කරන බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 03 December 2025
බිඳ වැටුණු කර්මාන්ත ගැන කියන්න දුරකථන අංකයක් ’දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ කර්මාන්ත පිළිබඳ දත්ත රැස්කර කර්මාන්ත නැවත නඟා සිටුවීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශය කියයි. 03 December 2025
පැවැති චක්‍රලේඛ අභිබවා සහන දෙනවා මෙතෙක් පැවති චක්‍රලේඛ අභිබවා ගොස් ජනතාවට උපරිම සහන ලබාදීමට මැදිහත් වන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 03 December 2025
ආපදා වූ හැම තැනටම සහන කණ්ඩායම් ළඟා වෙලා රටේ අපදාවට පත් වූ හැම තැනකටම මේ වන විට රජයේ සහන කණ්ඩායම් ළඟා වී තිබෙන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල්(විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2025
කොටස් වෙළඳපොල හොරුන්ට වැට බදියි කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කර ප්රතිලාභ ලබා දෙන බවට අඟවන ව්‍යාජ පෝස්ට් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත කර මුදල් වංචා කිරීමට තැත් කළ සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් . බෝදරගම මහතා රහස් පොලිසියට නියෝග කළේය. 03 December 2025
කැරට් වැඩි මිලට වික්කාට නඩු වැටෙයි කැරට් කිලෝවක් රුපියල් 3500ට අලෙවි කළ ව්‍යාපාරිකයකුට එරෙහිව නඩු පැවැරූ බව පාරිභෝගික අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 03 December 2025
දුප්පත්කම දෙගුණයකින් වැඩි වෙලා ලෝක බැංකුවේ නවතම දත්ත වාර්තා අනුව මෙරට දුප්පත්කමින් පෙළෙන ජනතාව පසුගිය වසර 5 තුළ දෙගුණයකටත් වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ලෝක බැංකු කළමණාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් මහතා පසුගියදා පැවැති ආර්ථික සමුළුවක් අමතමින් ප්‍රකාශ කළේය. 03 December 2025
ආපදා වෙලාවේ බිළිඳුන්ට මව්කිරි විතරක් දෙන්න ආපදා තත්වයේදීත් දිගටම දරුවන්ට මවුකිරි දෙන්නැයි ද පිටිකිරි ලබාදීම සඳහා මව්වරු පෙළඹවීම සිදු කරන්න එපා යැයි ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්යක්ෂ ,පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා ඉල්ලා සිටී. 03 December 2025
ජල පවිත්රාගාර පිරිසිදු කරන්න නාවික කිමිදුම් සහය ගංවතුරෙන් ආපදාවට පත් ජල පවිත්රාගාර වල දිය යට නඩත්තු කටයුතු සඳහා නාවික හමුදා කිමිදුම් සහය ලබා දී තිබේ. 03 December 2025
තබ්බෝව මහ පාළම තාවකාලික පාලමක් මහ වැසි සමඟ කඩාගෙන ගිය තබ්බෝව මහ පාළම මත තාවකාලික යකඩ පාළමක් යොදා ගමනා ගමන කටයුතු වලට කඩිනමින් ඉදිකරමින් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරීය පවසයි. 03 December 2025
පුත්තලමේ පවුල් 90,443 ක් අවතැන් ගංවතුර හා ජල ගැලිම් හේතුවෙන් අද (03) වන විට පවුල් 90,443 ක 32,8050 අවතැන්ව පුද්ගලයින් 29 දෙනෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වි ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.අයි.එම් සිල්වා මහතා පවසයි. 03 December 2025
රහංගල කන්ද නාය අවදානමක වැලිමඩ රහංගල කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවදානමක ඇති හෙයින් බොරලන්ද රහංගල,හීන්නාරංගොල්ල ග්‍රාම සේවා වසම් වලට අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (3) පැවසීය . 03 December 2025
ලංකා විදේශ චීන සංගමයෙන් රුපියල් මිලියනයක් ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්‍රී ලංකා විදේශ චීන සංගමය (Sri Lanka Overseas Chinese Association) රුපියල් මිලියනයක මුදලක් ප්‍රදානයක් ලබා දී තිබේ. 03 December 2025
සිරිපා වන්දනා සමය හෙටින් ඇරැඹෙයි සිරිපා වන්දනා වාරය හෙටට යෙදෙන උඳුවප් පුරපොහොය දිනයෙන් ආරම්භ වෙයි. 03 December 2025
ඝාතනයකට සැගව සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු අල්ලයි සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා නැමැත්තාගේ මෙහෙයවීම මත පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට සූදානමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ඊයේ (2) අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි. 03 December 2025
සජිත් ජාතික ශෝක දිනයක් ඉල්ලයි විපතට පත් වූ අය වෙනුවෙන් අඩුම ගණනේ ජාතික ශෝක දිනයක් වත් ප්‍රකාශයට පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2025
ආපදාවට පත් සිසුන්ට රජයෙන් 25000ක් ගංවතුර සහ නාය යාම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබේ. 03 December 2025
කඩුවෙල අධිවේගීය යළි ඇරේ ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කඩුවෙල සහ අතුරුගිරිය අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු අද (03) සිට විවෘත කර ඇත. 03 December 2025
විපතට ගොදුරැවූ දිස්ත්‍රික්ක 22ක් නම් කරමින් ගැසට්ටුවක් අයහපත් කාලගුණය සමඟ ඇති වූ ආපදා හේතුවෙන් රජය ජාතික ව්‍යසන පාත්‍ර දිස්ත්‍රික්ක 22ක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත 03 December 2025
අතරමං වූ දරුවෙක් කොට්ටාව බස් නැවතුමේ කොට්ටාව නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ අතරමංව සිටි වයස අවුරුදු අටක කුඩා පිරිමි දරුවෙකු අද (03) හමු වූ බව කොට්ටාව පොලිසිය පවසයි. 03 December 2025
රට ගොඩනගන්න උදව් වෙන බව පකිස්ථානය කියයි දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලාංකීය ජනතාව මුහුණ දුන් ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව පාකිස්ථාන අගමැති ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා කණගාටුව පළ කර තිබේ. 03 December 2025
ෂැංහයි හිදී අපේ යානාවලට සලකන කොන්ත්‍රාත්තුව දෙයි චීනයේ ෂැංහයි ගුවන් තොටුපොළෙහිදී සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව සහ භාණ්ඩ ගබඩා හසුරුවාලීමේ සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025