(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාරියට පැමින සිටි 600 කට ආසන්න පිරිසක් නැවත නිවෙස් වෙත යාම නවතා ආරක්ෂීතව නේවාසිකාගාර තුල රදවා ඇති බව වාර් තා වෙයි.
ලක් විජය බලාගාරයේ ගිණුම් හා මානව සම්පත් ඒකකයේ සේවය කරන 9 දෙනෙකු මෙසේ උණ , උගුර අමාරුව ඇතුළු රෝග ලක්ෂ පෙන්නුම් කර ඇති බව කියයි.
අදාල රෝග ලක්ෂණ පෙන්නුම් කල 9 දෙනා පුත්තලම මුලික රෝහලේ විශේෂ දී පි.සි.ආර්.පරික්ෂණ සදහා අදාල ජෛව පටල සාම්පල ලබා ගෙන ඇති බවද ආපසු මොවුන් රැගෙන ගොස් විදුලිබල මණ්ඩල නේවාසිකාගාර තුළ ආරක්ෂීතව රදවා ඇති බව වාර්තා වෙයි.
ලක් විජය බලාගාරය රටේ විදුලි අවශ්‍යතාවයෙන් 60% ආසන්න දායකත්වක් දක්වන ප්‍රධාන විදුලි සැපයුම් කරු වෙයි .
රට තුල පැවති කොරෝනා තත්වය හමුවේ පසුගිය මාස තුනකට ආසන්න කාලයක් ලක් විජය සේවකයින් හා නිළධාරින් 30% ක දායකත්වය දක්වා තිබුනි.
නමුත් දැනට දින කිපයක සිට සුපුරුදු ලෙස සේවක පිරිස් පැවති ක්‍රමයටම සේවයට පැමිනිම ආරම්භ කර තිබුනී.
මෙම ලක්විජය සේවකයින්ගේ පි.සි.ආර් පරික්ෂණ සදහා ජෛව පටල සාම්පල ලබා ගැනිම පිළිබදව පුත්තලම මුලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ .
“ මෙම පිරිස එතරම් බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කර නැහැ .නමුත් මොවුන් හා අනිකුත් පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් අදාල පිසිආර් පරික්ෂණ සදහා සදහා ජෛව පටල සාම්පල ලබා ගෙන පරික්ෂණ සදහා යොමු කර තිබෙනවා .එම වාර් තා හෙට (23) වන විට ලැබෙන බවයි.
මේ පිළිබදව ලක් විජය බලාගාර කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ .
“ අපේ කාර් යාල පරිශ්‍රය තුල සේවය කරන පිරිසක් උගුර අමාරුව ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අප වහාම සේවයට පැමින සිටි 600 කට ආසන්න පිරිස් නිවෙස් වෙත හා ගම්බිම් වෙත යාම නවතා දැමුවා .
එය කලේ ආරක්ෂීත පියවරක් ලෙසයි .මොකද අපේ අසනිප වු පිරිසේ පරික්ෂණ වාර් තා හෙට දිනයේ ලැබුන පසු අපි එම තත්වය අනුව ක්‍රියාත්මක ආදලා පිරිස් මුදා හරින්න කටයුතු කරනවා.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
chandima Friday, 22 May 2020 10:18 PM
අර යුද්ධයට ආධාර දෙන්න එපෝ එපෝ කියලා කිව්වා වගේ වයිබර් තාක්ෂනෙන්ම දුන්නු කොන්ත්‍රාත් එකක්වත් නිසාද අපේ රටට මෙහෙම වෙන්නේ? මැරෙන්න කලින් දවසකටවත් ඔටුන්න දාගන්න තියෙනවා නම් රටෙන් භාගයක් මළත් කමක් නැහැ කියලා හිතනවත් ඇතිනේ...
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 23 May 2020 02:13 AM
අපේ රටේ ජනතාව සැමදා සුවපත් වේවා !!! මෙය වෙනත් සුළු අසනීප තත්ත්වයක් වෙන්න ඇති. බුදු සරණයි !!! දෙවි පිහිටයි !!!
පබා Saturday, 23 May 2020 03:01 AM
ඕකේ ස්පෙශලිස්ට්ලා ඕනේතරම් ඉන්නවා. ඉන්ජිනේරු වරු විතරයි අඩු... ඒනිසා බයවෙන්න කාරියක් නෑ...