අදහස් දැක්වීම - හිටපු මානව හිමිකම් කොමසාරිස්, මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා
මිනී මැරුම් නඩුවක් අවසන් කිරීමට නිසි කාලයක් ( කාලාවරෝද කාලයක්) නෑ. අවුරුදු 50ක්, 100 ක් ගියත් මිනීමැරීමක් සම්බන්ධව නඩුවක් අහන්න පුලුවන් .
මිනී මැරුම් නඩු හොයන්න කාල සීමාවක් නෑ
ශ්‍රී ලංකා නීතිය අනුව අපට පුලුවන් වසර ගණනකට පෙර සිදුවූ මිනී මැරුම් සම්බන්ධව වුවත් එහි එකතුරන ලද සාක්ශි අනුව විදිමත් පරීක්ශණ කිරීමේ හැකියාව දැන් පවතිනවා. එය මේ වන විට අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දියුණුව හරහා ඉතා පහසුයි. එහීදී වසර ගණනාවකට පෙර සිදු වූ මිනීමැරුමක් වුවත් නැවත මිනිය ගොඩ ගැනීම තුළින් Digital Forensic හරහා සාක්ෂි හොයාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ තුළින් සිදුවන්නේ යුක්තිය සහ සාධාරණත්වය ඉටු වීම ඉක්මන් වීම.
වෙනත් නඩු අවසන් කරන්න කාලසීමාවක් තියෙනවා
නමුත් සාමාන්‍යයෙන් මුදල් නොගෙවීම් පිළිබඳ නඩු වසර දෙකක් ඇතුළතද ගිවිසුම් කඩකිරීම් පිළිබඳ නඩු වසර හයක් තුළ ද පැවරිය යුතුයි. මෝටර් රථ අනතුරක් නම් වසර දෙකක් තුළ පැවරිය යුතුයි. බරපතල අපරාධයක් වන මිනීමැරීම් වැනි නඩු වලට පමණක් නියමිත කාලයක් නැහැ. සාක්ෂි නිවැරදිව හොයා ගත්තොත්, ඒ තුළින් නිවැරදිව යුක්තිය ඉෂ්ට කරන්න පුළුවන්. නමුත් එම සාක්ෂිවල සාධාරණත්වය , විනිවිද භාවය සහ ඩිජිටල් සාක්ෂිවල තිබෙන නිවැරදිභාවය අධිකරණයේ ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ සඳහා සාක්ෂිය ආඥා පනත තියෙනවා. 1995 සාක්ෂි විශේෂ ප්‍රතිපාදන පනත අනුව වීඩියෝ, හඩපට, ග්‍රැෆික් කොච්චර පරණ වුණත් ඒවා සර්ව සාධාරණ ලෙස ගන්න පුළුවන් නීති ප්‍රතිපාදන තිබෙනවා.
සාමාන්‍යෙන් ස්ත්‍රී දුෂණ නඩුවක් වසර හයක් හෝ දහයක් දීර්ඝව ඇදෙනවා. එවිට එම නඩුව සදහා වසර ගණනාවක පසු එයට ලක් වූ දරුවා සාක්ශි දෙන්න පැමිණීම සිදුකරන්නේ නැහැ. ඊට හේතු ලෙස වසර ගණනාවක් ගොස් තිබෙන නිසා ඔවුන් විවාහ වීම සහ වෙනත් හේතූන් මත අධිකරණයට නොපැමිණෙන අවස්ථා තිබෙනවා. ළමා අපයෝජන නඩු , ස්ත්‍රී දූෂණ නඩු ඉතාම ඉක්මනින් අවසන් විය යුතුයී . අඩුම තරමේ මාස හයක් තුළ හෝ නඩු විභාග කළ යුතුයි. ඒවා පරණ වෙන්න පරණ වෙන්න කාලය ගතවනවා. ළමයකුගේ වීඩියෝ, හඩපට සහ අනෙකුත් සාක්ෂි අපට ඉතා ඉක්මනින් ගන්න පුළුවන්. ඒවා රැගෙන මෙම නඩු කටයුතු ඉක්මන් කල යුතුයී .මේ වන විට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ වන විටත් එය සිදු කරනවා.
නමුත් නඩු කල් නොයෑම සදහා විධිමත් භාවයක් ඇති කළොත් ඉතා ඉක්මනින් මේ අපරාධ විසඳන්න, නඩු ඉක්මන් කරන්න පුලුවන් . එවිට මේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ.
කලින් දීපු කටඋත්තරයක් වසර ගණනාවකට පසු වෙනස් කරන්න බෑ
කලින් දීපු කටඋත්තරයක් වෙනස් කරන්න බෑ . නමුත් එලෙස සිදුවෙන අවස්තා කියෙනවා. කට උත්තරයක් ලබාදී නැවත එය මහාධිකරණයේ විභාග වන විට බොහොම කාලයක් ගතවෙනවා. එවිට එම සාක්ෂි කුඩා ළමුන්ට නම් අමතක වී තිබෙන්න පුළුවන්. මෙහිදී සිදු කරන මූලික කාර්යය තමයි මෙම නඩුවේ සාක්ෂි ලබාගැනීමට පෙර නීතිඥවරුන්ගේ උපදෙස් මත නඩුකටයුතු ඉදිරියට ගෙනයාම . සීයට සීයක් කට උත්තරය මතක තබා ගැනීමේ ක්‍රමයක් නෑ. සාක්ෂිවල පරස්පර විරෝධීතාවයක් ආවොත් විත්තියට බොහොම වාසියක් වෙනවා. එය තමයි දැනට තියෙන විදිය. සාක්ෂි ලබා ගැනීමට නිවැරදි ක්‍රමයක් සාදාගත යුතුයී. අවුරුදු ගණනාවක් පරණ සාක්ෂි ආඥා පණතින් තමයි මේ නඩු තාමත් විසඳන්නේ. එම නිසා සාර්ථකභාවය ප්‍රතිශතයක් ලෙස අඩුයි. නමුත් නැවත නැවතත් කිවයුත්තේ නඩු ඉක්මනින් අවසන් කිරීමේ ක්‍රියාවලිය ඉක්මනින් සිදුකිරීමට අදාල කටුයුතු සම්පාදනය කල යුතු බවයි.
පියුමිකා වීරසූරිය
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නඩුවල සාක්ෂි වසර ගණනකට පසු ආපසු ලබා දීම එතරම් සාර්ථක නෑ
chandima Wednesday, 08 October 2025 03:08 AM
කීයක් ගෙව්වද?