ශ්රී ලංකාව නිදහස ලැබීමෙන් පසුව පත් වූ සෑම රජයක්ම දිළිඳුකම පිටුදැකීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. 1948 පෙබරවාරි හතර වනදා අපේ රටට නිදහස ලැබීමත් සමඟ බලයට පැමිණි මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ රජයෙන් පටන් ගෙන මේ දක්වා පත්වූ සෑම රජයක්ම මෙම දිළිඳුකම පිටුදැකිම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ඉතිහාසය කියයි. හාල් පොතෙන් පටන් ගෙන හාල් සේරු දෙක, හඳෙන් හාල්, වගේම ධාන්‍ය රාත්තල් අට, වැනි විවිධ නම්වලින් ක්‍රියාත්මක වූ මෙම සහනාධාර ක්‍රම රජයන් බලයට පත් කරන්නත් රජයන් බලයෙන් පහ කරන්නත් සමත්වූ බවද නොරහසකි.
දිළිඳුකම පිටුදැකීම යන්න සදාකාලිකවම සහනාධාර දීම නොව දිළිඳු පවුල් ආර්ථික වශයෙන් නඟා සිටුවා ඔවුන් යමක් කමක් ඇති හැකි පවුල් බවට පත් කිරීම යන්න මුලින්ම හඳුන්වා දුන්නේ 1988 ජනාධිපති ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස මහතා හඳුන්වා දුන් ජනසවිය වැඩසටහන තුලිනි. වසර දෙකක් වැනි නිශ්චිත කාලසිමාවක් සඳහා සහනාධාර ලබා දී ඔවුන් එම කාලය තුල ආදායම් උත්පාදන මාර්ගවලට යොමු කර ගැනිම මගින් පවුලේ ආර්ථික ශක්තිය ගොඩ නැඟීම මෙමගින් අරමුණු කෙරිණ.
එසේ වුවත් 1993 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ හදිසි වියෝවත් සමඟ මෙම ව්‍යාපෘතිය අකර්මණ්‍ය වූ නමුත් ඉන් පසුව 1994 දී ජනාධිපති ධූරයට පත් චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මියගේ නායකත්වයෙන් යුත් රජය මෙම ජනසවිය වැඩසටහන වෙනුවට එයට බොහෝ දුරට සමාන වූ සමෘද්ධි වැඩසටහන ආරම්භ කළේය. එය මෑතක් වන තුරුම ක්‍රියාත්මකව පැවැති අතර පසුගිය රජය සමයේ සිට එය අස්වැසුම නමින් ක්‍රියාත්මක වෙයි.අස්වැසුම එයට වඩා පුළුල් පරාසයක් තුල ක්‍රියාත්මක කිරීම අරමුණු කර තිබේ.
2002 අංක 24 දරණ සුබසාධන ප්‍රතිලාභ පනත මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර 2002 සම්මත වූ පනත අනුව 2016 පෙබරවාරි මාසයේ 02 වනදා නිකුත් වූ අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය ගැසට් කර තිබේ. නමුත් ඒ යටතේ සහනාධාර ක්‍රයාවලිය ක්‍රියාත්මක විම ආරම්භ වන්නේ 2022 වසරේදීය.
වසර 77 කට වැඩි කාලයක් විවිධ නම්වලින් සඳහන් සහනාධාර ක්‍රමයන් ක්‍රියාත්මක වුවද සහනාධාර ඉල්ලුම් කරන දිළිඳු පවුල්වල ප්‍රමාණය වැඩි වූවා මිස අඩු වීමක් දක්නට නොලැබෙයි.
මෙම සහනාධාර ක්‍රියාවලියේ දැනට ක්‍රියාත්මක අස්වැසුම සහනාධාර ක්‍රමයේ තත්වය කෙබඳුද යන්න සොයා බැලීම සඳහා 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත අනුව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයෙන් ලබා ගත් තොරතුරු අනුව 2025 ජූලි මාසයේදී පමණක් අස්වැසුම ප්‍රතිලාභ ලෙස රුපියල් කෝටි 1130 ක ආසන්න මුදලක් ගෙවා ඇති බව සඳහන් කර තිබේ.
සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ තොරතුරු නිලධාරි සහ සහකාර කොමසාරිස් එම්.ඒ.ඊ. ප්‍රනාන්දු මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2025 ජූලි මාසයේදී අස්වැසුම සඳහා පවුල් 14,24,548 ක් ( පවුල් දහ හතර ලක්ෂ විසි හතර දහස් පන්සිය හතළිස් අටක්) සඳහා රුපියල් 1129, 64,61,250 ක( රුපියල් එක්දහස් එකසිය විසි නව කෝටි හැට හතර ලක්ෂ හැට එක් දහස් දෙසිය පණහක) මුදලක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 6,00,768 ක් ( හය ලක්ෂ හත්සිය හැට අටක් ) සඳහා රුපියල් 300,38,40,000 ක්( රුපියල් තුන්සිය කෝටි තිස් අට ලක්ෂ හතළිස් දහසක්) ද ගෙවා ඇති බව සඳහන් කර තිබේ.
නිදහස ලබා වසර 77 කට වඩා ගත වී ඇතත් තවමත් අප රට යැපුම් ආර්ථිකයෙන් ඈත්වී නොමැති බව මෙම දත්තවලින් මනාව පැහැදිලි වෙයි. ඈත අතිතයේ පටන්ම ආහාරවලින් ස්වයංපෝෂිතව සිටි අපේ රටේ වැඩි පිරිසකගේ ප්‍රධාන රැකියාව වූයේ ගොවිතැනයි. රටට පමණක් නොව විදෙස් රටවලටත් බත සැපයූ අපේ රටට අද වන විට අත්ව ඇති ඉරණමයි මේ.
සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මගින් ලබා දී ඇති තොරතුවලට අනුව 2025 ජූලි මාසය සඳහා පවුල් 14,24,548 ක් සඳහා රුපියල් 1129, 64,61,250 ක මුදලක් අස්වැසුම සහනාධාර වශයෙන් ලබා දී ඇති අතරමඑයට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 6,00, 768 ක් සඳහා රුපියල් 300,38,40,000 ක මුදලක්ද ලබා දී තිබේ. ආබාධ සහිත වූවන් 1,35,825 ක් සඳහා රුපියල් 135, 94,02000 ක්( එකසිය තිස් පන් කෝටි අනු හතර ලක්ෂ දෙදහසක්) ගෙවා ඇති අතර වකුගඩු රෝගීන් 47,003 ක් සඳහා රුපියල් 47,01,60,000 ක් ( හතළිස් හත් කෝටි එක් ලක්ෂ හැට දහසක්) ද ගෙවා තිබේ. එයට අමතරව ආයතන ගතව ප්‍රතිකාර ගන්නා රෝගීන් 11,816 ක් සඳහා රුපියල් 2,36,32,000 ( දෙකෝටි තිස් හය ලක්ෂ තිස් දෙදහසක්) ක් ලබා දී තිබේ. මෙම ගෙවීම් අතරින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් , ආබාධ සහිත වූවන් මෙන්ම රෝගාබාධවලට ගොදුරු වූවන් සඳහා ගෙවනු ලබන දීමනාව අනිවාර්යෙන් ගෙවිය යුතු දීමනා වෙයි. අස්වැසුම ලබා ගන්නා පවුල් අතර යමක් කමක් ඇති පවුල්, රැකියාවන් කරන හෝ කළ හැකි පවුල් සොයා ඔවුන්ට නිසි ආදායම් මාර්ග හඳුන්වා දීම මගින් ලබා දෙනු ලබන අස්වැසුම දීමනා නැවැත්වීමටත් එම මුදල් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, රෝගින්ට මෙන්ම ආබාධ සහිත වූවන්ට ගෙවීම කළ හැකි නම් වඩාත් උචිත බව අපගේ හැඟිමයි. මෙරට ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් නිශ්චිත සංගණනයක් කර නොමැති වුවත් දළ වශයෙන් විවිධ ආබාධවලට ලක්වූවන් ලක්ෂ 17 ක් පමණ සිටින බවට ගණනක් සඳහන් වෙයි. නමුත් ලබා දී ඇති තොරතුරු අනුව ආබාධ සහිත වූවන් 1,35,825 ක් සඳහා පමණක් මෙම දීමනාව ලබා දී ඇති බව පෙනේ. තවත් බොහෝ පිරිසක් පොරොත්තු ලේඛණවල සිටින බව මෙහිදී පෙනේ. ඒ වගේම ඔටිසම් තත්වයේ දරුවන් විශාල පිරිසක් රටේ ජීවත් වන අතර ඔවුන්ගෙන්ද වැඩි පිරිසකට මෙම දීමනාව නොලැබෙන බව ඔටිසම් දරුවන්ගේ දෙමාපිය සංගමය පවසයි. (ඔවුන් ඇතුලත් වන්නේද මෙම ආබාධ සහිත වූවන්ගේ ලැයිස්තුවටය)
2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල පනතේ මූලික පරමාර්ථය වී ඇත්තේ මෙතෙක් විවිධ ආයතන මගින් ක්‍රියාත්මක කළ සහනාධාර ගෙවිම් විධිමක් ක්‍රමවේදයක් අනුව එක් ස්ථානයකින් ගෙවීමයි. ඒ අනුව තොරතුරු ඉල්ලීමට ලබා දී පිළිතරු අනුව 2025 ජූලි මාසයේදී පමණක් වකුගඩු රෝගීන් 47,003 ක් සඳහා රුපියල් 47,01,60,000 ක මුදලක් ලබා දී තිබේ. ආබාධ සහිත වූවන් සඳහා ගෙවනු ලබන දීමනාව ලෙස පුද්ගලයින් 1,35,825 කට රුපියල් 135,94,02000 ක මුදලක්ද ලබා දී තිබේ. මෙයට අමතරව ආයතනගතව නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන් 11,816 ක් සඳහා රුපියල් 2,36,32,000 ක මුදලක්ද ලබා දී තිබේ.
අස්වැසුම යටතේ කෙතරම් පවුල් සංඛ්‍යාවක් සඳහා සහනාධාර ලබා දී තිබුණද දෙවැනි තෙවැනි වර කරනු ලබන ඉල්ලුම්පත් කැඳවීම්වලදී නැවත නැවත ඉල්ලුම්පත් ලැබෙමින් තිබිමත් මෙහි ඇති සංකීර්ණ බව පෙන්නුම් කරයි.
අපේ රටේ පවතින දිළිඳු භාවය සම්බන්ධයෙන් වන හරස්කඩක් ලෙස මෙම දත්ත දැක්විය හැකියි. මෙය ක්ෂණිකව මතුවූවක් නොවන අතර ගෙවී ගිය වසර 77 පුරාවට ඔඩු දුවමින් පැමිණි ගමන් මගේ එක් සන්ධිස්ථානයක් පමණි. වසර 76 ක්ම එකම ප්‍රතිපත්තියක් සහිත පක්ෂයන් බෙදී පාලනය කළ යුගවලදී මෙම දත්ත එන්න එන්නම වැඩි වූ බවක් පෙන්නුම් කරන අතර ප්‍රථම වරට පත්ව ඇති නව ප්‍රතිපත්තියක් සහිත රජයක් මගින් හෝ මෙම ගැටළුවට ස්ථීර විසඳුමක් හෙවත් සියලු දෙනා ඇති හැකි පිරිසක් බවට පත් කරන්නට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේදැයි ජනතාව උනන්දුවෙන් බලා සිටින බව නම් කිව යුතුය.
- මොහොමඩ් ආසික්
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජූලි මාසයේදී පවුල් ලක්ෂ 14 කට කෝටි 1130 ක අස්වැසුම දිලා