(රංජිත් රාජපක්ෂ)
ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවු බිහිසුණුම ගුවන් අනතුර වන සපතකන්‍යා අනතුර සිදුවී අදට (4) වසර 43 ක් සපිරේ.1974.12.04 වැනි දින මක්කම බලා පියාසර කරමින් තිබු ඕලන්දයට අයත් මාර්ටින් එයාර් ඩී.සි 8 ගුවන් යානය මෙම අනතුරට මුහුණ දුන්නේය.
ඉන්දුනිසියාවේ සුරවෙයාර් ගුවන් තොටුපළින් 182 ක් හා කර්ය මණ්ඩලය 9 දෙනෙක් රැගෙන ආගරපත,නෝර්වුඩ් කාසල්රි ජලාශයට ඉහළින් පියාසර කරමින් සිටිය දී එදින රාත්‍රී 10.10ට පමඛ සප්ත කන්‍යා කන්දේ හැපී එම ගුවන් යානයේ සිටි 191 දෙනෙක් මිය ගියහ.
කඳු පාමුල සිරුරු කිහිපයකුත් කන්ද ඉහළ තවත් සිරුරු කිහිපයකුත් වැටී තිබී සොයා ගත් අතර පසුව සිරුරු 190 ක් කන්ද පාමුල මිහිදන් කර යානයේ ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඇගේ පෙම්වතා ඉන්දුනිසියාවේ සිට හෙළිකොප්ටර් යානයකින් මෙරටට පැමිණ ඉන්දුනිසියාවට රැගෙන ගිය බවද වාර්තා වෙයි.
අනතුරට පත් ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වශයෙන් කටයුතු කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික හෙන්රික් ලැම්රේ නැමති (52) අයෙකි.
යානයේ ගමන් කළ කාර්ය මණ්ඩලයේ නවදෙනා සැමරීම සඳහා නෝර්ටන්බ්‍රිජ් පොලිසිය ඉදිරිපට ඔවුන්ගේ නම් සටහන් සිහිවටනයක් ලෙස තබා ඇති අතර අනතුරට පත් ගුවන් යානයේ ඉදිරිපස රෝදය අසල තැන්පත් කර ඇත.
මෙම ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන් කර ඇති ස්ථානය අසල එම ගුවන් යානයේ ලාංජනය සවිකර තිබුණ ද කිසියම් පිරිසක් විසින් එම සිහිවටනය මේ වන විට ගලවා ගෙන ගොස් ඇත.
මෙම ගුවන් අනතුරට හේතුව තාක්ෂණ දෝෂයක් බව ඒ පිළිබඳ පරික්ෂණ පැවැත්වු පරික්ෂණ කණ්ඩායම විසින් වාර්තාවක් මගින් ඉදිරිපත් කරන ලදී.







COMMENTS
මෙම ගුවන් අනතුර සිදුවී සති කීපයකට පසුව, තවත් මෙවැනිම බිහිසුණු අනතුරක් සිදුවුනා නොවේද ? ඉන්දුනීසියාවේ සිට මක්කම වන්දනාකරුවන් පිරිසක් රැගත් ඕලන්දයට අයත් "මාර්ටින් එයාර්" ගුවන් සමාගමේ දෙවැනි ඩී.සි 8 ගුවන් යානයක් මේ පළාතේම කන්දක ගැටී, යානයේ සිටි සියළු දෙනාම මියගිය පුවතක් ඒ දිනවල මා කියවූ බව මතකය. ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලන කුලුනෙන් නිකුත් කල නිවේදන මේ ගුවන් යානා කපිතාන් වරුන් විසින් වැරදි විදියට තේරුම්ගෙන අනවශ්‍ය ලෙස පහත් කිරීම නිසා මේ අනතුරු දෙකම සිදුවූ බව ඒ දිනවල මාධ්‍ය ප්‍රකාශ කර තිබුණා. එකම රටින් පිටත්වී, එකම ගමනාන්තයක් දක්වා පියාසර කරමින් තිබු එකම ගුවන් සමාගමටම අයත් ගුවන් යානා දෙකක් එක රටකදී එකම පළාතට කඩාවැටී විනාශවීම දෛවයේ සරදමක් නොවේද ?
සිරිපාධයට උඩින් මක්කම වන්දනාවේ යන්න ......දළදා මාලිගාව උඩින් ඉන්දියා හෙලිකොප්ටරයක් යන්න.... ඒවා කොහෙද ?
ඔබ ඔය කියන්නේ මීගමුවේ කිඹුලාපිටිය හරියේ වුන අනතුර.
නන්දලාල් , දෙවෙනි අනතුර වුනේ 1978 දී යි. ඒක කටුනායක රනවේ එක පෙනෙන තෙක්මානයේ පොල් වත්තකට කඩා වැටුනේ රනවේ එකට පෙර අවශ්‍ය තරමට වඩා පහත් කල නිසා බවයි කියවුනේ. .
අර නන්දදාස මොනවා කියනවද මන්දා... මහා ලොකුවට ඉන්න රටත් දාගෙන..
මට ඇන්ටන් ජොන් මතක් වෙනවා.
නන්දලාල් කියන්නෙ ඕනි බොරුවක් අැත්ත වගේ කියන කෙනෙක්.
සත්‍ය නම් අපිට එම කාලයේ ගුවන් මෙහෙයුම් කිරීමට අවම පහසුකම් තිබුනේ වැඩ වෙලාවලද? සේවකයන් ගුවන් ගමන් පාලකයන් මත්පැනට ද ඇබ්බැහි වී තිබුණාලු. මෙදිනද ගුවන් නියමුවා පැහැදිලිවම කියනවා සිටින දුර සැතපුම් 14 කියලා... ඔහු හරි පණිවිඩය ලබාගත් කෙනා දුන් පිළිතුර කෝ? ඔහු පසුකාලීනව ප්‍රධාන ගුවන් පාලක වුණා. ඔහු දන්නවා ඇති... කරුණාකර විමසන්න. විශ්‍රාමගොස් සිටින නිසා දැන ගන්න පුළුවන්... දැන් එහෙම බැහැ සියලු දේවල් පටි ගතවෙනවා. ගුවන් කුළුනේ සයවැනි මහලේ මතක හැටියට සැතපුම් 14 දුර හතරක් වුණාම ප්‍රදේශයේ බලාගාරයේ විදුලි ආලෝකය දැක්කාම දෙන පිළිතුර තහවුරු කරගෙන වහාම පහතට ගන්න. නියමුවාට නොකළ යුතුව තිබුණා. එය එන්නේ ලංකාවට නිසා තිබුනේ රජයේ ආයතනයක්... සිටියේ රජයේ සේවකයෝ නිසා මම ගුවන් තොටේ වසර ගානක් වැඩ කලා..
ඔබ හරි රන්වේ.... ලයිට් පෙනෙන තෙක් මානයේ.. නියමුවා පැහැදිලිවම කියනවා වාසි රෙඩ් කියලා. ඒ කියන්නේ එම දිනවල තිබුණු සංඥා පහන් වල නම ඉතා පහළට ගියාම රතු නියම උසින් නම් කහ, රතු, කොළ, රතු වගේ මතකයි. 1987 පමණ මේවා ඉවත් කලා මීට කලින් විදුලිය ගියාම පත්තුවුණේ භූමිතෙල් ලාම්පු වර්ගයක්... මේවා ඔක්කොම වැඩි දියුණු කලේ මේ අනතුරෙන් පස්සේ. දැන් මේවා වෙන්නේ නැහැ ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයක් තුළ මේවා උපරිම දියුණු කලා මතකයි. විදුලිය ගියොත් සම්පුර්ණයෙන්ම ගුවන් පාලනය විශාල ජෙනරේටර් දෙකකට පැවරෙනවා. ස්වයංක්‍රීයව කැටගරි 2 ලැබුණේ එතුමාගේ උත්සාහය තුල පිදුරුතලාගල කන්ද මුදුනේද රේඩාර් තියෙනවා. කටුනායකත් තියෙනවා 24 පුරාම ක්‍රියාත්මක වෙන. මේ හැමතැනම වැඩ කරන්න, සිවිල් ඉදිකිරීම් නඩත්තු වැඩ කරන්න දැන් ඉන්න හමුදාපති එක්ක වැඩ කරන්න අපිට පුළුවන් වුණා...
ප්‍රංශයේ ගියාම අපබ්‍රංශ වෙනවා නොවැ..
කන්දේ හැපුණා මහවනන්තරේ... ඩීසි 8 ගුවන් යන්තරේ, ගොඩ බැසීමට සුදානම් වුණා. බඳ පටි පළඳින අහිංසක ජනතාව සිහිපත් වුණා.
ඔබගේ අදහස වැරැදි විය හැකිය. නියමුවා කියන්නේ තමන් ඉන්නේ වන් ෆොර් මයිල්ස් දුරකින් කියා.. එයා ලබාගත්ත ගුවන් පාලකවරයා දුන්න පිළිතුර නම්.. සිටිය යුතු උස සැතපුම් හතර අනුව දුන්නා නම් නියමුවා යානය පහත්කරනවා. එම කාලයේ රේඩාර් තිබුනේ නැහැ ඩ්වී ඕආර් එක තිබුනේ නැහැ ගුවන් මෙහෙයුම් ගොඩනැගිල්ල තුලට මත්වතුර ගෙන එන අයට ජීවිතාන්තය දක්වා සිර ගෙය තමයි..