IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සංචාරක ප්‍රවර්ධනයට තව තවත් දිරි දීම් ඕනෑ

ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් පුවත ඉකුත්දා අප පුවත්පතේ පළ වූයේය.

පසුගිය වසරේ සහ මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීම ඇසුරින් මෙම ඉලක්කය සසඳා බැලූ විට එය අසීරු ඉලක්කයක් සේ අයකුට බැලූ බැල්මට පෙනී යා හැකිය.

මේ වසරේ ජූලි මාසය වන විට මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 7,67,913ක් ලෙස වාර්තා වී තිබේ. ඒ ඇසුරින් ගත් විට මේ වසරේ දෙසැම්බර් වන විට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ දහයක්, දොළහක් පමණ වෙතැයි අපේක්ෂා කළ හැකිය. මේ අනුව බලද්දී ජනාධිපතිවරයා දී ඇත්තේ එම සංඛ්‍යාව පස් ගුණයකින් වැඩි කිරීමේ ඉලක්කයකි.

අප රටේ සංචාරක කර්මාන්තය තවමත් ගෙවමින් සිටින්නේ බිඳ වැටීමකින් ගොඩ එන අවධියකි. 2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා මෙරට සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම ආරම්භ විය.

ඉන්පසු 2020-21 වසර දෙකේ කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය තවත් අසීරු අඩියකට ඇද වැටිණි. 2022 අවුරුද්දේ රටේ හටගත් ආර්ථික අර්බුදය හමුවේ පැවති ඉන්ධන හිඟය, විදුලිබල කප්පාදුව හා එම පසුබිමේ හටගත් ජනතා උද්ඝෝෂණ නිසා සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් පහත වැටිණි. සංචාරකයන් පැමිණෙන ගමනාන්තයක් ලෙස දැන් අප රට නැවතත් යථා තත්වයට පැමිණෙමින් පවතී.

එම නිසා ජනාධිපතිවරයා දී ඇති ඉලක්කය දෙස බැලිය යුත්තේ මේ වසරේ සංඛ්‍යා ලේඛන පදනම් කරගෙන නොව, රට සංචාරකයන්ගේ පැමිණීමට තුඩුදෙන තත්ත්වයේ පැවති 2018 වසරේ සංචාරකයන්ගේ පැමිණීම පදනම් කරගෙනයි. 2018 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියන 2.5 කි. 

එම වසර පදනම් කරගත් විට ජනාධිපතිවරයා දී ඇති ඉලක්කය සංචාරකයන් සංඛ්‍යාව පස් ගුණයකින් වැඩි කිරීමේ ඉලක්කයක් නොව දෙගුණයකින් වැඩි කිරීමේ ඉලක්කයකි. එමනිසා එම ඉලක්කය බැලූ බැල්මට පෙනුණු තරම් අසීරු ඉලක්කයක් නොවන්නේ රට කෙමෙන් සංචාරක ගමනාන්තයක් ලෙස යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව මේ වසරේ සහ 2022 වසරේ සංඛ්‍යාලේඛන සසඳා බැලූ විට පෙනී යන බැවිනි. (2022 වසරේ පැමිණි මුළු සංචාරකයන්  සංඛ්‍යාව 7,19,978කි)

රටකට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව කිහිප ගුණයකින් වැඩි කිරීමට මූලික වශයෙන් කළ යුතු කාර්යය කිහිපයක්ම ඇත. සමස්ත ප්‍රවාහන පද්ධතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ආයෝජන යෙදවීම ඉතා වැදගත් කාර්යයකි.

රටේ සන්නාමය ප්‍රචලිත වන ආකාරයෙන් අලෙවි හා ප්‍රවර්ධන කාර්ය කිරීම ද සංචාරක කර්මාන්තය නැංවීමේ ලා වැදගත් වේ. මෙම කාර්යය ගුවන් සේවා සමාගම් සහ ජාත්‍යන්තර සංචාරක සමාගම් සමග අත්වැල් බැඳගෙන කළ යුත්තකි.

රට වෙත එන සංචාරකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම තවත් මූලික කාරණයකි. සංචාරකයන් යම් රටකට පැමිණෙන්නේ එම රට තුළ තමන්ගේ ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ජනිත වන්නේ නම් පමණකි. සංචාරකයන්ට අයත් භාණ්ඩ හා මුදල් සොරකම් කිරීමේ සිද්ධි රාශියක් මේ වසරේ වාර්තා වූ බව මෙහිදී මතක් කර ගත යුතුව තිබේ.

රටේ ස්වභාවික පරිසරය ආරක්ෂා කොට පවත්වා ගැනීම මෙරට සංචාරක කර්මාන්තය නැංවීමේ දී ඉතා සැලකිල්ලෙන් කළ යුත්තකි. 
සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධව පවතින සියලු‍ ව්‍යාපාර හා ව්‍යවසායනට පෞද්ගලික අංශයේ ආයෝජන යෙදවීම දිරිමත් කිරීම ද  වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වැඩි කිරීමේ ලා වැදගත් වේ.

අප 2018 දී සංචාරකයන් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගෙන ඇති බැවින් එමෙන් දෙගුණයක ඉලක්කයක් හඹා යන්නට යටිතල පහසුකම් තව බොහෝ අංශවලින් වැඩි කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

(***)



අදහස් (0)

සංචාරක ප්‍රවර්ධනයට තව තවත් දිරි දීම් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 151 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2050 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1576 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site