IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සිංගප්පූරු අගමැති ලී ක්වාන්යු අනුරපුර ගියදා

දිනක් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නුවරඑළියේ සිට මට දුරකතනයෙන් කතා කළේය. ඉස්සර ඔහු මට ඉඳහිට මිස සෘජුවම දුරකථනයෙන් කතා කළේ නැත. දින දෙකකට පසුව අග්‍රාමාත්‍ය ලීක්වාන් යූ අනුරාධපුරයට එන බව මට දැනුම් දුන්නේය. ගාමිණී දිසානායක ඔහු සමග එන බව කීවේය.

මා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට විනාඩි 40ක කාලයක් ඇතුළත අනුරාධපුර පුරාණ නගරය පෙන්වා දිය යුතු විය. එසේම ඔහුට චීන ජාතික ෆාහියන් භික්ෂුව වන්දනා ගමනේ යන අතර තුර අභයගිරි ආරාමයේදී හැඬූ ස්ථානයද පෙන්වන්නට මා මතක තබා ගත යුතු විය.

ගිවිසගත් පරිදි අප හමුවිය යුතු ස්ථානය වූ තිසාවැව තානායමට මා යනවිට සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ පිරිස සුළු සංග්‍රහයක් රස විඳිමින් සිටියහ. විදේශ සේවාවේ නියුතු මූර්ති එහි සිටිනවා මම දුටිමි. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාත් ඔහුගේ බිරිඳත්  මාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි බව ඔහු මට කීවේය. 

සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයාත් ඔහුගේ බිරිඳත් කේම්බ්‍රිජ් සරසවියෙන් අධ්‍යාපනය ලැබූ ඉහළ පෙළේ නීතිඥවරු වූහ. මගෙන් ප්‍රශ්න විමසාවි යන බලාපොරොත්තුවෙන් මම සිටියෙමි.

ඉහළ මාලයට යද්දී දිග මේසයේ සංග්‍රහය විඳින ලික්වාන් යූ අගමැතිවරයා මට දැකගත හැකිවිය. ඔහු අසුන්ගෙන සිටියේ මේසයේ මැද වන අතර අමාත්‍ය ගාමිණී දිසානායක මහතා ඔහුගේ පසෙකින් සිටගෙන සිටියේය. මා ඔහු සිංහලෙන් අමතා මා රාජා ද සිල්වා බව හඳුන්වා දුන්නෙමි.

අමුත්තන්ට අනුරාධපුරයේ මඟ පෙන්වීමේ කටයුතු සඳහා මම පැමිණි බව ඔහුට කීවෙමි. එම අවස්ථාවේදී පහත සඳහන් සංවාදය  ඇතිවිය.

අමාත්‍ය ගාමිණි දිසානායක, ලීක්වාන් යූට- මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රාජා ද සිල්වා. ඔහු අපගේ මග පෙන්වන්නා ලෙස කටයුතු කරාවි.

ලීක්වාන් යූ, රාජා ද සිල්වාට-  ඔබ මෙම ස්ථානය ආශ්‍රිත ප්‍රදේශය බාරව සිටිනවාද?
රාජා ද සිල්වා- ‘‘මගේ පුරාවිද්‍යා කටයුතු පාලනය යටතේ ස්ථානය පවතින්නේ .සර්’’
ලීක්වාන්යු- ‘‘ඔබ මෙම දිස්ත්‍රික්කයේ භාරකරුද’’
රාජා- ‘‘මෙම දිස්ත්‍රික්කය පවතින්නේ මාගේ පුරාවිද්‍යා පාලනය යටතේ සර්.’’
ලී.- ‘‘ ඔබ මේ පළාත භාරවද සිටින්නේ.?’’
රාජා- ‘ ‘මෙම පළාතේත් මුළු රටේත් පුරාවිද්‍යා කටයුතු තිබෙන්නේ මාගේ පාලනය යටතේ සර්.’’
ලී.- (තෘප්තියට පත්වූ සෙයින්) ඔබ එම විෂය ඉගෙන ගත්තේ කොහෙන්ද?’’
රාජා-  ‘‘එංගලන්තයේ පැරැණි විශ්වවිද්‍යාලයක’’
ලීී.- ‘‘ඒ කොහේද?’’
රාජා- ඔක්ස්ෆර්ඩ් හි සර්.
ලී.- ‘‘මොන හේතුවක් නිසාද ඔබ එහි ගියේ.?’’
රාජා- ඔබ කේම්බ්‍රිජ් ගිය හේතුව නිසාමයි සර්’’
ලි.- (හොඳින් සිනාසෙමින් සිය භාර්යාව වෙත හැරී)
‘‘ඔබට ඇහුනද? මොහු ඔක්ස්ෆර්ඩ් හි අධ්‍යාපනය ලැබූ අයෙක්.’’
එම අවස්ථාවේ පටන්  සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා බොහෝ වේලාවක් ඇතැම් ස්ථානවල රැඳී සිටියේය. මට දුන් විනාඩි 40සීමාව නොසලකා හැරිණි. අභයගිරි විහාරය ආසන්නයේ බොහෝ සෙයින් නටබුන් ඇති පිළිම ගෙහිදී පහත සංවාදය සිදුවිය.
රාජා-- වන්දනාවේ පැමිණි චීන ජාතික ෆාහියන් භික්ෂුව, චීනයෙන් ත්‍යාග පිණිස ලැබුණු සේද ධජය දුටුවේ මෙතැනදී. ඒ අවස්ථාවේ ඔහුගේ දෑස කඳුලෙන් පිරී ගියා.
ලී- ඔබේ ජනාධිපතිවරයා මට ඒ ගැන පැවසුවා. 
එය සිත්පුරා සතුට දුන් චාරිකාවක් විය.


රාජා ද සිල්වා - විශ්‍රාමලත් පුරාවිද්‍යා කොමසාරිස්

 



අදහස් (2)

සිංගප්පූරු අගමැති ලී ක්වාන්යු අනුරපුර ගියදා

dhamneth Monday, 19 April 2021 12:22 PM

නිදහසින් පසු අපේ රටේ බුද්ධිමත් පිරිපුන් මිනිසුන් බිහිවූ 80% කින්ම අඩුවෙලා

:       1       10

සෙනරත් Monday, 19 April 2021 10:02 PM

ලීකුවාන් යුං පාහියන් භික්ෂුවගේ පුනරුත්පත්තිය

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 542 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site