IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදුලි බල මණ්ඩලයේ බොල් ණය කපාහැරීම

මේ රටේ පුරවැසියෝ වර්ග දෙකක් වෙති. එක් පුරවැසියන් පිරිසක් අධි වරප්‍රසාදිත පුරවැසියෝ වෙති. අනෙක් පුරවැසියන් පිරිස අව වරප්‍රසාදිත පුරවැසියෝ වෙති. නොඑසේ නම් කුමන හෝ වරප්‍රසාදයක් නොව හිමිකමක් හෝ නොලබන පුරවැසියෝ වෙති. රටේ සාතිශය බහුතරයක් ජනයා එම වර්ගයට අයත් වෙති. එහෙත් මුළු රටේම බර දරා උසුලා සිටින්නේ ඔවුහු වෙති. ඒ බව පසක් කරවන පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවූ විදුලි බිල්පත්වල රුපියල් කෝටි 200 ක පමණක් මුදලක් බොල් ණය ලෙස කපා හැර ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති එකමුතුවේ ලේකම් ඒ.ජී.යූ. නිශාන්ත මහතා ප්‍රකාශ කළ බවය.

එම මුදලින් වැඩි ප්‍රමාණයක් දේශපාලනඥයන් හා මහා පරිමාණ ව්‍යාපාරවලින් ගෙවීමට ඇති හිඟ විදුලි ගාස්තු බවත් එම රුපියල් කෝටි 200 ක මුදල විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍රයේ සඳහන්ව තිබෙන බවත් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති එකමුතුවේ ලේකම්වරයා ප්‍රකාශ කළ බවත් එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

නීතිය ඉදිරිපිට සෑම පුරවැසියකුම සමාන බව ශිෂ්ට සම්පන්න ජන සමාජයන්හි ඉහළ පිළිගැනීමටම ලක්වූවකි. එමෙන්ම සෑම පුරවැසියකුටම ජාති ආගම් කුලමල මෙන්ම ලිංග බේදයකින් තොරව සමාන අයිතිවාසිකම් හිමිවීම ප්‍රජාතන්ත්‍රවාදය එයට හිමි නිසි බරින් ක්‍රියාත්මක වන සමාජයක සුවිශේෂි ලක්ෂණයකි. අප රටද ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයක් ලෙස නාමකරණයට ලක්ව තිබුණ ද ඉහත ගරුසරු පිළිගැනීම්, ඇගැයුම් මහ දවාලේ නිර්ලජ්ජිත ලෙස අපහරණයට ලක්වන රටකි. අප ප්‍රවෘත්තිය එයට කදිම නිදසුනකි.

අප ප්‍රවෘත්තියට අනුව හිඟ බිල්පත් ලෙස අයකර ගත යුතු රුපියල් කෝටි 400 ක් පමණ වෙයි. ප්‍රවෘත්තියට අනුව හිඟ විදුලි බිල්පත් ලෙස අයකරගත යුතු මුදල වන කෝටි 400 න් කෝටි 200 ක් බොල් ණය ලෙස කපා හැර තිබේ. ඒ දේශපාලනඥයන්ගේ සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේය. ඒ අනුව ඉතිරි රුපියල් කෝටි 200 ගෙවිය යුත්තේ මේ රටේ සාතිශය බහුතරයක් ජනයාය. එදාවේල සොයා ගැනීමට මගක් නොමැතිව ළතැවෙන සුසුම්ලන ජනයා එම බිල ගෙවා දැමිය යුතුය.

‘එකම රටක් - එකම නීතියක්’ වැනි සාර සංකල්ප මහත් උත්කර්ෂයට නංවා ඡන්ද වේදිකාවට නිර්ලජ්ජිතව වෙන්දේසි කරන රටක ඇත්ත ඇතුළාන්තය එපරිදි වේ.විදුලි බිල ගෙවීමට සතියක් දෙකක් පමා වන මෙරට අහිංසක ජනයාට ඊළඟට උරුම වන්නේ විදුලිය විසන්ධි වීමේ ශෝචනීය ඉරණමට යටත්වීමටය.

විදුලි බිල නොගෙවා තමන්ගේ දිළිඳුකම ප්‍රදර්ශනය කිරීමට තරම් වැහැරුණු මනසක් ආධ්‍යාත්මයක් මෙරට බහුතරයක් ජනයාට නැත. එහෙත් විදුලිය බිල ගෙවීම දෙතුන් දිනක් පමාවන්නේ අතිශයින්ම අත්‍යවශ්‍ය කටයුතුවලට එම මුදල් වෙන් කිරීමට සිදුවීම නිසා විය හැකිය. එහෙත් දේශපාලනඥයන්ට මහා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් තෙත්වන උණුවන විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගේ හදවත් දිළිඳු ජනයා වෙනුවෙන් තෙත් නොවේ. උණුසුම් නොවේ. එය එසේ විය යුතු ද නැත. එසේ නම් කළ යුතුවන්නේ දේශපාලනඥයන්ට මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ද එකසේ නීතිය ක්‍රියාත්මක කිරීමය. එසේ නොවී බලවතුන්ගේ හිඟ බිල්පත් බොල් ණය ලෙස කපා හැරීම බවලතුන්ගේ ක්‍රියාවකි.

අප පුවත්පත වාර්තා කළ ආකාරයට විදුලිබල මණ්ඩලය පාඩු ලබන තත්ත්වයක් තිබියදී පසුගිය 4 වැනිදා පැවැති 75 වැනි නිදහස් සමරු උත්සවයට විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 2 කට අධික මුදලක් වෙන්කර ඇත. 2021 – 2022 වසරවල විදුලි ගාස්තු හිඟ මුදල් මාස 6 ක් තුළ නොගෙවූයේ නම් මනු ගලවාගෙන ආ යුතු වුවද එය දේශපාලනඥයන් සහ කූඨ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති එකමුතුවේ ලේකම්වරයා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

විදුලි ගාස්තු නොගෙවන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවන් සතුව තිබුණ ද ඔවුන් නීතියට අනුව කටයුතු නොකිරීම ගැටලුවට හේතුව බව පෙන්වා දෙන වෘත්තීය සමිති එකමුතුවේ ලේකම්වරයා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වයස මත උසස්වීම් දීම පරිපාලන ගැටලුවක් බවට පත්ව ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කර තිබිණි.

මේ රට හැදිය යුතු යැයි හැමෝම කියති. එහෙත් මෙහෙම රටක් හැදිය හැකිදැයි යන්න මග හැර යා යුතු නැති ප්‍රශ්නයකි. එහෙත් මෙම ප්‍රවෘත්තිය මේ රට හදන්න පටන්ගත යුත්තේ කොතනින්ද යන්න ඉඟි කරන්නක් බව ද ඉතා පැහැදිළිය.

(***)



අදහස් (1)

විදුලි බල මණ්ඩලයේ බොල් ණය කපාහැරීම

sulochana Thursday, 16 February 2023 11:11 AM

අපි විදුලිබිල පොඩි ගාණක් ඇරියර්ස් වුණත් විසන්ධි කරනවා. ඇයි මේවා විසන්ධි කරලා නැත්තේ? මේක මාර රටක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site