IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රථවාහන අස්සේ පොලිසියේ වෙහෙසකර රාජකාරිය

‘‘මහ මග රාජකාරිය කරන පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කර දෙන්නැයි’’ රියැදුරු අසුනේ වාඩිගන්නා රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි මාධ්‍ය සාකච්ඡාවක් තබා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ඉකුත් දා ප්‍රකාශ කළේය.

අතිශයින්ම සංවේදී ආයාචනයකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට එබඳු සංවේදී ඉල්ලීමක් කිරීමට සිදුවූයේ ආසන්න දිනවල දෙතැනක දී පොලිස් නිලධාරීන් දෙදෙනකු මිය යාමේ සිදුවීම් සමඟය.

කොළඹ කුරුඳුවත්ත පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙක් නිදහස් චතුරස්‍ර වටරවුමේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියේය. පිම්මේ පැමිණි සුඛෝපභෝගී රථයක් කොස්තාපල්වරයා යට කරගෙන ගියේය. බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ද පසුව දා ඔහු ජීවිතයට සමු දුන්නේය.

එම සිදුවීමෙන් දෙතුන් දිනක් ගතවීමටත් මත්තෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙක් වැලි පිරවූ ටිපරයකට යටවී මිය ගියේය. ඒ කුරුණෑගල පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ පුහුරිය හන්දියේදීය. එම පොලිස් කොස්තාපල්වරයා තවත් නිලධාරීන් පිරිසක් සමඟ රාත්‍රී කාලයේ මාර්ගයේ රාජකාරී කරමින් සිටිය දී මෙම අනතුරට ලක්විය. වැලි පිරවූ ටිපරයේ ගැටී විසි වූ පොලිස් කොස්තාපල්වරයා පොලිස් ජීප් රියේ බඳෙහි ගැටී බිම වැටී තිබේ. එයින්ම ඔහුගේ ඉරණම විසඳුණි.

රිය අනතුරුවලින් තුවාල වන මියයන සෑම පුරවැසියකු සම්බන්ධයෙන් අපගේ සංවේගය පළකළ යුතුය. එහෙත් මහා මාර්ගයේ රාජකාරි කරමින් සිටිය දී රිය අනතුරුවලට ලක්ව මිය යන තුවාල වන පොලිස් නිලධාරීන් විශේෂිතය.

මාර්ගයේ රථවාහන හසුරුවන පොලිස් නිලධාරීන්ට එම රාජකාරියේ නිරතවන්නට සිදුවන්නේ මහ පාරේ මැද සිටය. ඔහුට තිබෙන්නේද ඇස් දෙකකි. එමෙන්ම එම රාජකාරිය අතිශයින්ම දුෂ්කරය. දාහයත්, දූවිල්ලත් පිරුණ මහා මාර්ගයක ගිනි අව්වේ පිච්චෙමින් සිදුකරන එම රාජකාරිය අතිශයින්ම වෙහෙසකරය. ඇතැම් විට ඇදහැලෙන අනෝරා මහ වැසි මැද වැසි දියට තෙත බරිත වෙමින් එම රාජකාරිය කිරීමට ඔවුන්ට සිදුවේ. එම පොලිස් නිලධාරීන්ගේ රාජකාරි ස්වරූපය ගැන හැඟීමක් රියැදුරන්ට තිබිය යුතුය.

කිසිදු රියැදුරෙකු වුවමනාවෙන් අනතුරු කරනු ඇතැයි සිතිය නොහැක. එහෙත් නොසැලකිලිමත්ව රිය පැදවීම ඇතැමෙකුගේ විනෝදාංශයකි. මහ මග රේස් යාමට ඇතැමෙක් බොහෝ කැමති වෙති. එමෙන්ම දඩය හා දඬුවම කෙතරම් සැර වුවද බේබද්දෝ රිය පදවති. එබඳු බේබද්දන්ට බීමත්ව රිය පැදවීමට පොලිසියේ අයකු හැඳිනීම හා ඥාතියකු පොලිස් නිලධාරීයකුවීම බලපත්‍රයක් බඳුය.

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරි සරණ එක් වීඩියෝවක බීමතින් රිය පදවා අනතුරක් කළ රියැදුරකු දිස් වෙයි. එහිදී ඔහු කියන්නේ ඩී.අයි.ජී. මගේ මාමා කියාය. ඒ.ඩි.අයි.ජී හෙවත් නියෝජය පොලිස්පතිවරයා කවුදැයි අපි නොදනිමු. 

සැලකිල්ලෙන් අවධානයෙන් හා මනා සිහි කල්පනාවෙන් රිය පදවන්නේ නම් බොහෝ අනතුරු වළක්වාගත හැකිය. එය එසේ වන්නේ නම් මහමග රාජකාරි කරන පොලිස් නිලධාරීන්ගේ මෙන්ම සෙසු පුරවැසියන්ගේ ආරක්ෂාවට ද ඉතා යහපත්ය.

(***)



අදහස් (4)

රථවාහන අස්සේ පොලිසියේ වෙහෙසකර රාජකාරිය

මැක්ස් Monday, 16 October 2023 12:44 PM

විශේෂයෙන්ම මාර්ග තදබදය වැඩියෙන් පවතින කාර්යාල සහ පාසල් වේලාවන් තුළ රථවාහන අංශයේ පොලිස් නිලධාරින් කරනුයේ සුළුපටු රාජකාරියක් නොවේ. ඔවුන් නොවන්නට අපගේ රියැදුරන් විසින් මහා මාර්ගය අවුල් ජාලාවක් බවට පත් කරනු ඇත. තව කෙනෙකුට ඉඩදීමක් බොහෝ රියැදුරන් විසින් සිදු නොකරන නිසයි. වැසි දිනවල පොලිස් නිලධාරින් කරන රාජකාරිය ඇගැයීමට ලක්වීය යුතුයි.

:       0       27

Sam Monday, 16 October 2023 02:48 PM

පොලිසිය නොමැතිව අපේ මාර්ග තදබදය ගැන අපට සිතාගත නොහැකියි. බොහෝ කාන්තා රියැදුරන් මෙන්ම ත්‍රිරෝද රථ, රජයේ ආරක්‍ෂක අංශ සහ බස් රථ ධාවනය කරන රියැදුරන්, රථවාහන නීති පිළිනොපදින බොහෝ දෙනා ක්‍රියා කරන්නේ තමන්ට අයිති මාර්ගවල රියැදුරන් ලෙසයි.

:       0       17

k.h.kahawala Wednesday, 18 October 2023 10:20 AM

නැති ට්‍රැෆික් ඇතිකරන පොලිස් ට්‍රැෆික්...!

:       9       0

ajith Thursday, 19 October 2023 06:14 PM

විනයක් නොමැති, අසංවර රියදුරන් සිටින රටක, රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් නොමැති නම් රටේ බොහෝ පාරවල් හරක් ගාල් බඳු වනවාට සැකයක් නැහැ. මේ නිලධාරීන්ගේ සේවය ඇගයීම සඳහා අව්රුද්දෙන් සතියක් වෙන් කළ යුතුයි...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 113 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site