IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


මිනුම් ප්‍රමාදයෙන් මල්වතුඔය ව්‍යාපෘතිය ඉබි ගමනේ

(උපුල් තම්මිට)        

රජයේ ප්‍රමුඛතම සංවර්ධන යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ කටයුතු මැනුම් කටයුතුවල පවතින ප්‍රමාදයන් හේතුවෙන් මේවන විට ව්‍යාපෘතියේ ඉදිරි සියලු කටයුතු ප්‍රමාද වෙමින් පවතී.

පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස හා දේපළ අහිමි වන පවුල් සඳහා නව නිවාස හා ඉඩම් ලබාදීමට පෙර ජලාශයේ අධි ගංවතුර මට්ටම් හා ජලාශයේ ගිල්ම මිනුම් ගත කිරීමේ කටයුතු පවරා ඇත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට වන අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී දැනට මාස කිහිපයක් ගතවී ඇතත් මෙතෙක් එම රාජකාරී ඉටුවී නැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මිනුම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය නිලධාරී හිඟය මේවන විට බලපා ඇතැයි පෙන්වා දෙන මිනින්දෝරු දෙපාර්තමේන්තුව,මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි හා බලපත්‍රලාභී මිනින්දොරුවන් මෙම කටයුත්ත සඳහා යොදා නොගැනීම මෙන්ම රජයේ ප්‍රධාන පෙළේ සංවර්ධන කටයුත්තක් සඳහා ප්‍රමුඛතාවය ලබා නොදීම පිළිබඳව මිනින්දෝරු දෙපාර්තමේන්තුව සඳහා රජයේම ආයතන රැසක් අප්‍රසාදය පළකර සිටියි.

පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර  බවත් පසුගියදා එම කමිටුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්වූ අතර එහිදී ද මිනින්දෝරු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගි වූ නිලධරයකු පැවසුවේ මීට පෙර මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය පිළිබඳ සිදුකර ඇති මිනුම් සටහනක් ඇත්නම් එය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ වාරිමාර්ග ප්‍රධානියකු පවසා සිටියේ 1962 දී මේ පිළිබඳව මිනුම් ගත කිරීමක් සිදුකර ඇති බවත් එහි ද්‍රෘඩ පිටපතක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඇති බවත් සඳහන් කළේය.

භූමිතික සිතියම් හා මිනුම් කටයුතු අවසන් වන තෙක් ජලාශය හේතුවෙන් නිවාස හා දේපල අහිමිවූවන් පිළිබද සමාජ හා ආර්ථික සමීක්ෂණයක් සිදුකරන ලෙස දිසිත්‍රික් ලේකම් අදාළ නිළධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදුන් අතර ලබන මස යළිත් වරක් මෙහි ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

පහළ මල්වතුඔය බහුකාර්ය ජලාශ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම දේශීය අරමුදල් මත රුපියල් කෝටි එක්දහස් තුන්සීයක මුදලින් ක්‍රියාත්මක කෙරෙන අතර මෙහි ප්‍රධාන ඉලක්කයන් වන්නේ මන්නාරම යෝධවැව යටතේ සහල්නැලිය ලෙස විරුධාවලිය ලත් ගොවිබිම් වසරකට අවම වශයෙන් කන්න දෙකක් වගාකිරීම හා අමතර කන්නයක් වගාකිරීම ඇතුළු වර්ෂා කාලයේදී අනුරාධපුර නගරයට ඇතිවන ගංවතුර පාලනය කිරීම හා තන්තිරිමලය, මැදවච්චිය සහ වවුනියාවට අයත් ගම්මාන රැසකට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙන්ම වගා වපසරිය ඉහළ නැංවීම මෙන්ම ජල විදුලිය උත්පාදනය කිරීම අරමුණූ කර ගෙනය.

 



අදහස් (0)

මිනුම් ප්‍රමාදයෙන් මල්වතුඔය ව්‍යාපෘතිය ඉබි ගමනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14765 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site