IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


බාල ආහාර නිපදවීමට ඉඩක් තබනු එපා

බාල තත්ත්වයෙන් තක්කාලි සෝස් නිෂ්පාදනය කිරීම, විකිණීම ඇතුළු චෝදනා 40කට වරද පිළිගත් පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ දෙදෙනකු ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට මාලිගාකන්ද අධිකරණයේ දී රුපියල් 80,000ක දඩයක් නියම කළ බව පසුගියදා අපගේ ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයකින් හෙළිකර තිබිණි.

මෙම බාල සෝස් නිෂ්පාදනය කිරීමට කෘත්‍රිම වර්ණක යොදාගෙන තිබූ බවත් එය එක්තරා වෙළෙඳ නාමයක නමින් අලෙවි කර තිබූ බවත් සඳහන් විය. මේ පිළිබඳව තමන්ට ලැබුණු පැමිණිල්ලක් මත අදාළ වැටලීම සිදුකර තිබුණේ කෙසෙල්වත්ත, අලු‍ත්කඬේ සහ කොච්චිකඩේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසිනි.

එම සාම්පල් පිළිබඳ රස පරීක්ෂක වාර්තා කොළඹ නාගරික රස පරීක්ෂක රසායනාගාරයෙන් ලබාගෙන තිබූ බවද අධිකරණයේ දී ප්‍රකාශ වී තිබිණි.

මේ රටේ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ දී නිසි ප්‍රමිතියට නොමැතිව බාල තත්ත්වයෙන් පාරිභෝගිකයන් මුළා කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ දී දඬුවම් ලැබූ ප්‍රථම සමාගම අදාළ මෙම සමාගම නොවන බවත් එසේම එය මේ වරදට දඬුවම් ලබන අවසන් සමාගම නොවන බවත් අපි දනිමු.

එහෙත් මෙවැනි මහජනයාගේ ජීවිත දැඩි සෞඛ්‍ය අනතුරකට ඇද දමමින් සිදු කෙරුණු ජාවාරමක් පිළිබඳ ලැබුණු පැමිණිල්ල කුණු කූඩයට නොදමා ඒ පිළිබඳ නිසි ආකාරයට වැටලීම් කර වරදකරුවන් අධිකරණය ඉදිරියට පැමිණවීමට කටයුතු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අපගේ ස්තූතිය හිමිවෙයි. ඇතැම් අවස්ථාවල දී මේ රටේ සිදුවන්නේ මහජනතාවගෙන් පැමිණිලි ලැබුණත් ඒවා පිළිබඳ නිසි සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීමය.

එසේ සිදුවීමට හේතුවද අලෙවිකරුවන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් ලැබෙන සන්තෝසම් වලට යටවෙන නිලධාරීන්ද සිටින බැවිනි. ඒ අනුව අදාළ වැටලීම සිදුකළ සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකර ඇත්තේ සිය රාජකාරිය අකුරටම ඉටු කිරීමය. එය පැසසුම් ලැබිය යුතු ක්‍රියාවකි.

මහජන සෞඛ්‍යයට අනතුරක් සිදුවිය හැකි ආකාරයට නිපදවන ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැනට වඩා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතු බව අපගේ අදහසය. සෙසු බොහෝ රටවල මේ නීති දැඩිව ක්‍රියාත්මක වෙයි. බොහෝවිට වැරැද්ද ඔප්පු වුවහොත් එම වැරැද්දේ ස්වභාවය අනුව ඔවුන්ගේ ව්‍යාපාර පවා තහනම් කෙරෙන අවස්ථා ද තිබේ. එහෙත් අපේ රටේ තත්ත්වය ඊට වෙනස්ය. මීට කලකට ඉහත දී ප්‍රසිද්ධ රසකැවිලි ඇතුළු බේකරි ආහාර ද්‍රව්‍ය විකුණන ප්‍රධාන පෙළේ ආයතනයක කල් ඉකුත් වූ නිෂ්පාදන ද්‍රව්‍ය ගබඩාකර තිබී වැටලීමක දී සොයාගනු ලැබීය.

එයට මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් ද ලැබිණි. එයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ද ගත් නමුත් එම ආයතනයට එරෙහිව දීර්ඝ කාලීන පියවරක් ගනු ලැබුවේ නැත. ටික දිනකින්ම එහි නිෂ්පාදන යළිත් අලෙවි කිරීම ඇරඹිණි. රටේ ජනතාවට ද එය ඉක්මනින්ම අමතක විය. එම සිදුවීම යට ගැසීමට දේශපාලන බලපෑමක් තිබූ බවද සමහරු ප්‍රකාශ කළහ.

තක්කාලි සෝස් සිද්ධියේ දී මේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 40ක් යටතේ චෝදනා ගොනුකර තිබූ බව සඳහන්ය. ඒ අර්ථයෙන් ගත් කල අදාළ ආයතනයේ නිෂ්පාදනවල තත්ත්වය කිසිසේත් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු තත්ත්වයක නොමැති බව තේරුම් ගැනීම අපහසු නැත.

බොහෝ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ බරපතළ දුෂ්කරතා මධ්‍යයේ බවද මෙහිදී පෙන්වා දිය යුතුය. අධික නිෂ්පාදන වියදම්, අලෙවිය අඩුවීම, විශාල වශයෙන් ගෙවිය යුතු බදු ඇතුළු විවිධ කාරණා හේතුවෙන් ඔවුන් මේ අපහසුතාවලට මුහුණ දෙන බව සත්‍යයකි. එහෙත් ඒ කිසිදු කරුණක් තත්ත්වයෙන් බාල නිෂ්පාදන වෙළෙඳපොළේ අලෙවි කිරීමට හේතුවක් නොවේ.

කෘත්‍රිම වර්ණක යෙදූ තක්කාලි සෝස් නිපදවූ සමාගමේ අධ්‍යක්ෂවරුන් ඒ සම්බන්ධයෙන් වරද පිළිගැනීම හේතුවෙන් මාලිගාකන්ද අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඔවුන්ට අවවාද කර දඩ මුදල් නියම කළ බවද සඳහන් වෙයි. මේ දඬුවම සහ අවවාදය මෙවැනි මගෝඩි වැඩකරන තමන්ගේ ලාභය පමණක් පරමාර්ථය කරගෙන ව්‍යාපාර කරන සියලු‍ ව්‍යාපාරිකයන්ට කදිම පාඩමක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

(***)



අදහස් (4)

බාල ආහාර නිපදවීමට ඉඩක් තබනු එපා

Ajith Thursday, 16 November 2023 07:41 AM

බාල ආහාර නිපදවීමට ඉඩක් තබනු එපා.. නම් කළයුතු වන්නේ බාල ආහාර නිපදවන ආයතන පරික්ෂාකර නිසි ප්‍රමිතියෙන් යුතු ආහාර අලෙවි කරන්නේ නම් හෝ නිෂ්පාදනය කරන්නේ නම් අධිකරණය හෝ පාරිභෝගික අධිකාරිය මගින් එවැනි ආයතන තහනමට ලක්කළ යුතුවේ..!

:       0       4

Shiranj Friday, 17 November 2023 07:08 AM

දඩය රුපියල් 80,000යි. මේක මොවුන්ගේ සතියක ආදායම වගේ ඇති. ඉතින් මොවුන් ආයෙම මේ වැඩේ කරලා දඩ කෑවත් අවුලක් නෑ. පාර්ලිමේන්තුවේ නීති සංශෝධනයට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මේ වගේ දේවල් වලට. හැබැයි අපේ උන්දැලා ඡන්දේ නීති වෙනස් කරලා බලය රැකගන්න විතරයි ප්‍රමුඛතාව දෙන්නේ....

:       0       7

j.s.pathirna Saturday, 18 November 2023 03:22 PM

කම්පැණියේ නම මොකක්ද?

:       0       6

GamageSunday, 19 November 2023 01:18 PM

නම කිව්වොත් හෙන ගහනවාද? නැත්නම් මිනිස්සුන්ට ඇත්ත හෙළි කළ යුතුයි...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 4206 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 219 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 180 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site