IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


පුරවැසියන් 17 කට රාජ්‍ය සේවකයකු අවශ්‍ය ද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ගැන පළවන මත විවිධාකාරය. ඇතැම්විට රාජ්‍ය සේවය ප්‍රශංසා ලබයි. එහෙත් බොහෝ අවස්ථාවල රාජ්‍ය සේවය බැණුම් ඇසීම කැපී පෙනේ. එසේ වුවද අප සියලු‍ දෙනාටම උපතේ සිට විපත දක්වාම රාජ්‍ය සේවය අත්‍යවශ්‍යය. වෙනත් වචනවලින් කිවහොත් උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වාම රාජ්‍ය සේවය පුද්ගල ජන ජීවිතය හා බැඳී පවතී. 

අප රටේ මෙන්ම ලොව බොහෝ රටවල රාජ්‍ය සේවකයන් දොස් අහන්නේ සේවයේ අකාර්යක්ෂමතාව හේතුවෙනි. පසුගියදා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ගැන සංසන්දනාත්මක ප්‍රකාශයක් කළ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් සෑම 17 දෙනකුටම එක් රාජ්‍ය සේවකයකු සිටින බවය.

එහෙත් අපට වඩා බොහෝ දියුණු ජපානය ගත් කල එම රටේ රාජ්‍ය සේවයේ එක් අයකු ජපාන ජාතිකයන් 300 කට සේවය සලසන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ඔහු මෙම ප්‍රකාශය මගින් අදහස් කළේ අප රටේ බරපතළ රාජ්‍ය සේවාවක් ඇති බවත් මෙම සංඛ්‍යාව අපට දරාගත නොහැකි බවත්ය. විශේෂයෙන්ම මේ අය වෙනුවෙන් කැප කරන රාජ්‍ය සම්පත් කන්දරාවට සාපේක්ෂව කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ජනතාවට ලැබෙනවාද යන ප්‍රශ්නය කලක පටන්ම විවාදයට ලක්වූ කරුණක් බවද සිහි කටයුතුය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 - 2023 නවතම වාර්තාවට අනුව මෙරට දැනට සිටින රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව දහතුන් ලක්ෂ අනූ හතර දහසකි. (13,94,000). මෙම සේවක සංඛ්‍යාව මෙරට මිලියන 23 කට ආසන්න ජනතාවකට සේවය කිරීම සඳහා රාජ්‍ය සේවයට බඳවාගෙන ඇත. ඔවුන්ට වැටුප, විශ්‍රාම වැටුප සහ වෙනත් ප්‍රතිලාභ ගෙවන්නේ ජනතා බදු මුදලිනි. 2021 වසර අවසන් වනවිට රාජ්‍ය සේවයේ සේවකයන් ගණන ලක්ෂ 14 ක්වූ අතර 2022 හමාර වනවිට එහි සුළු අඩුවීමක් පෙන්නුම් කරමින් රාජ්‍ය සේවකයන් දහතුන් ලක්ෂ අනූ හතර දහසට අඩු විය. 

කවර තත්ත්වයක් යටතේ වුවත් අදත් අපේ සමාජයේ පිළිගැනීම වී ඇත්තේ ආණ්ඩුවේ රස්සාව ආරක්ෂා සහිත වෘත්තියක් බවය. එම නිසා අ.පො.ස. සා.පෙළ හෝ උසස් පෙළ සමත් වූ වහාම බොහෝ දෙනා ආණ්ඩුවේ රස්සා පෝලිමට එක්වෙති. රටේ දැන් ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමයට රටේ අවශ්‍යතා සඳහා ප්‍රයෝජනවත් වඩාත් ඵලදායී රාජ්‍ය සේවයක් නිර්මාණය කළ හැකිද යන්න ද බරපතළ ප්‍රශ්නයකි. රාජ්‍ය සේවය අකාර්යක්ෂමය යන චෝදනාවට පදනම වන්නේ රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදය අදටත් සෑහෙන තරම් දුරට දේශපාලනීකරණය වී තිබීම බවට තර්කයක් තිබේ. මන්ත්‍රීතුමාගේ ‘චිට්’ එකට රස්සා ලබාගන්නා රාජ්‍ය සේවකයන්ට ජනතාව ලොකු නැත. ඔවුන් වැජඹෙන්නේ දේශපාලන හයිය පෙන්වමිනි. සමස්ත රාජ්‍ය සේවයම ජනතාවගෙන් බැණුම් අහන්නේ මෙවන් සුළු රාජ්‍ය සේවක පිරිසක් නිසාය.

මෙරට රාජ්‍ය සේවය අප රටේ හැටියට දරාගත නොහැකි බව දැන් කලක සිටම ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දී තිබේ. රාජ්‍ය සේවකයන්ගෙන් ඵලදායී සේවාවක් සිදුවන්නේද යන්න මැන ගැනීමට රජය සතුව ක්‍රමවේදයක් නැත. එහෙත් ජපානය වේවා යුරෝපා රටවල් වේවා ඒ බොහෝ ස්ථානවල රාජ්‍ය සේවයේ ඵලදායකත්වය නිරන්තරයෙන් කිරා මැන බලන ක්‍රමවේදයක් ක්‍රියාත්මකය. අප රටේ රාජ්‍ය සේවකයන්ට කාර්යක්ෂමතා කඩඉම වැනි විභාග පැවැත්වුවද ඔවුන්ගේ සේවා කාර්යක්ෂමතාව ගැන නැගෙන චෝදනා බහුලය. සේවය ගැන කෙසේ වෙතත් රාජ්‍ය සේවකයෝ නිරන්තරයෙන් තමන්ගේ වැටුප් හා වරප්‍රසාද ගැන උනන්දු වෙති.

රජයට ඉදිරිපත් කරන ඉල්ලීම් සලකා නොබැලු‍වහොත් ඔවුන් වර්ජන තර්ජන මගින් රජය බය කරන්නට තැත් කිරීම කැපී පෙනේ. ජීවන වියදම උද්ධමනය හා ඉහළ බැංකු පොලී අනුපාත ආදිය නිසා රාජ්‍ය සේවක වැටුපෙන් කළ හැකි දේ සීමා විය. පෞද්ගලික අංශයේ තත්ත්වය ද ඊට සමපාත විය. ඒ අතර මෙරට රාජ්‍ය සේවයේ තවත් ගති ලක්ෂණයක් ගැන සඳහන් කළ යුතුය. රාජ්‍ය සේවකයන් නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නටය.

එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අයිතිවාසිකම් හා බැඳුණු යුතුකම් සමුදායක්ද වන බව සඳහන් කරනු වටී. යුතුකම් ඉටු නොකර අයිතින් දිනා ගැනීමට සටන් කිරීම යුක්ති සහගත හෝ සාධාරණ නොවේ. දියුණු රටවලටත් වඩා වැඩි රාජ්‍ය සේවකයන් සහිත අප රටේ වඩාත් ඵලදායී හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය වන්නට නම් රාජ්‍ය සේවකයන් තම අයිතින් ගැන මෙන්ම ඉටුවිය යුතු යුතුකම් ගැනද ප්‍රමුඛ අවධානයක් දැක්විය යුතු බව අවධාරණය කරමු.

(***)



අදහස් (11)

පුරවැසියන් 17 කට රාජ්‍ය සේවකයකු අවශ්‍ය ද?

sam Monday, 26 June 2023 02:31 PM

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය මන්දගාමී සේවයකි. කාර්යක්ෂම සේවයක් ලබාදීමට නම් ලංකාවේ සියලු රජයේ ආයතන පරිගණකගත කළයුතුම වේ. එසේ නොවන්නට රාජ්‍ය සේවකයින්ගේ උපරිම සේවය කෙසේවත් ලබාගැනීමට නොහැකිය...

:       0       2

himal Monday, 26 June 2023 04:20 PM

වැඩිම රජයේ සේවකයින් ඉන්නේ හමුදාවෙයි, පොලිසියෙයි. ඒ ගාණ අඩු කරලා කීයට කීයක් ඉන්නවද කියලා බලමු.

:       0       1

පුරවැසියා. Monday, 26 June 2023 04:36 PM

"එහෙත් ජපානය වේවා... යුරෝපා රටවල් වේවා.... ඒ බොහෝ ස්ථානවල රාජ්‍ය සේවයේ ඵලදායකත්වය නිරන්තරයෙන් කිරා මැන බලන ක්‍රමවේදයක් ක්‍රියාත්මකයි" මේ ක්‍රමවේදය විස්තර කරලා පාඨකයා දැනුම්වත් කරා නම් කතුතුමාගේ ප්‍රාමාණික බුද්ධියේ වපසරියත්, කතු වැකියේ විශිෂ්ඨ බවත් මොනවට ප්‍රචලිත වෙයි. ස්තුතියි.

:       0       0

gamaathi Monday, 26 June 2023 11:11 PM

මාගේ විශ්‍රාම වැටුප් විෂමතාවයක් අවුරුදු තුනක් තිස්සේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසඳා නැත. රාජ්‍ය සේවයේ යෙදී සිටිය අයෙකුටද මේ වනවිට රජයේ දෙපාර්තමේන්තුවක වැඩක් කරගෙන ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත...

:       1       1

අහිංසක Wednesday, 28 June 2023 03:52 PM

තිලකරත්න මැතිතුමා තරම් විශ්‍රාමිකයින් ගැන අවධානය යොමුකළ කිසිවක් මේ ලංකාවේ නැතුව ඇති ඒත් දෙපාර්තමේන්තුවේ දැනට සිටින සමහරක් නිලධාරින් එතුමාට අකැමැති බවක් පේනවා. මමත් විශ්‍රාම වැටුප් කටයුතු කළ නිලධාරියෙක් වුණත් මගේ බිරිඳට සිදුවූ බලවත් අසාධාරණයක් ගැන කොතෙක් කිව්වත් ලොක්කාවත් හූම් සම්බන්ධයක් නැහැ. ඇත්තටම ඒ අසාධාරණය දේශපාලුවෙක් සිදුකළ එකක්ද කියලා සැකයක් මට තියෙනවා ලෝක පාලන දෙවියෙක් ඉන්නවා නම් මොවුන්ගේ මේ අසාධාරණ ක්‍රියාවන්ට දඬුවමක් දේවි කියලා හිතාගෙන ඉන්නවා..

:       1       2

රුවන් පෙරේරා Tuesday, 27 June 2023 12:05 PM

මේ ගණන නිවැරැදි දැයි නැවත සලකා බැලිය යුතුයි. රාජ්‍ය සේවකයන් ලෙස ලක්ෂ දෙකහමාරක් පමණ ගුරුවරුන්ද, ලක්ෂ 5ක් පමණ ආරක්ෂක හමුදා සාමාජිකයින් හා පොලිස් නිලධාරීන්ද, සෞඛ්‍ය සේවයේ ලක්ෂ 2ක් පමණද තවත් සැලකිය යුතු ප්‍රමාණයක් අත්‍යාවශ්‍ය සේවාවන් වලද නියැලී සිටිති. කලින් සඳහන් කළ ක්ෂේත්‍ර වල පමණක් දසලක්ෂයකට ආසන්න පිරිසක් සිටිති. රජයේ ප්‍රතිපත්තියට අනුව සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව ආදිය රජය විසින්ම කරන නිසා ඒවායේ සේවකයින් රජයේ සේවකයන් වී ඇත. දසලක්ෂයක් පමණ වන එම ප්‍රමාණය ඉවත්කර ගණනය කල විට ලැබෙන පිළිතුර 17ට වඩා බොහෝ අඩුවනු ඇත. සියළු දෙනා එක ගොඩකට දමා එය ජනගහනයෙන් බෙදීමට වඩා මේ පිළිබඳව විශ්ලේෂණයක් කර නිවැරැදි දත්ත අනාවරණය කිරීමෙන් නිවැරැදි හා ඵලදායක ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට රජයට හැකිවනු ඇත.

:       4       3

chandima Tuesday, 27 June 2023 11:39 PM

අවශ්‍ය නැහැ... අවශ්‍ය නැහැ... රාජ්‍ය සේවකයෝ අඩු කරලා පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ගාන වැඩි කරමු...

:       2       1

සල්ලි Wednesday, 28 June 2023 07:13 AM

ලංකාවේ මන්ත්‍රීවරයෙක්ට මිනිස්සු ලක්ෂයයි. චීනේ මන්ත්‍රී වරයෙක්ට මිනිස්සු ලක්ෂ හතරයි. කෝමද ඒක...? ඒක ගැනත් ලියන්න. ගෞරවයෙන් ස්තූති ...

:       0       4

අප්පුහාමි Wednesday, 28 June 2023 09:11 AM

අදහස ඉතාමත් හොඳයි... ලංකාවේ රාජ්‍ය සේවය අකාර්යක්ෂම වීමට දේශපාලන ඇඟිලි ගැසීමට අමතරව දේශපාලුවන්ගේ පවුල්වල අයත් නෑදෑ අයත් හේතුවක් වෙනවා. එහෙම අය තමන්ගේ සැමියා, බිරිඳ, ආතා, මුත්තා, ආච්චි ආදීන්ගේ බලය මත රාජකාරි අතපසු කරනවා. උදාහරණයක් හැටියට එක දේශපාලුවෙක්ගේ අටවත් පාස් නැති නෑදෑ ගැහැණියක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයක සනීපාරක්ෂක කම්කරු තනතුරකට පත්කලේ හිටපු රාජ්‍ය පරිපාලන ඇමැතියෙකුගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක්... ඉතින් අර ගැහැණියකට කාර්‍යාලය ශුද්ධ පවිත්‍ර කිරීමට පරිපාලන නිලධාරිනී කියලා තිබුණා... සිදුවුණේ මොකක්ද? ඊළඟ දවසේ පරිපාලන නිළධාරිනිය වෙනත් තැනකට මාරුකිරීම තමයි පාසල්, කම්කරු ලෙසට පාසලකට එන අයත් ඉන්නේ ගුරු භවතුන්ටත් ඉහළින් කියලා ගුරුවරු දන්නවා... ඒ නිසා ඉදිරියේවත් දේශපාලන පවුල්වල නෑදෑ හා හිතවත් අයට දේශපාලුවන් හෝ ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරින් පදිංචි ප්‍රදේශවල රැකියා නොදීමට ප්‍රතිපත්ති තීරණයක් ගැනීම අත්‍යාවශ්‍යම වෙනවා... ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හා දැනට දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයක ඉස්සර දිසාපති කාර්‍යාලයේ සේවය කළ මටත් දේශපාලු නෑදෑ ගැහැණියක් තර්ජනය කළ නිසා අත්දැකීම් අනුව මේ අදහස ඉදිරිපත් කළ බව සලකන්න...

:       0       3

Latha Wednesday, 28 June 2023 09:37 AM

දහතට එකක් නෙවෙයි, එකසිය හත්අට වතාවක් වුණත් වැඩියි. ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය යන රටවල දේශීය පනතට එකඟයි.. අපේ රටත් 250ට එකක් වෙනකන් අඩු වෙන්න ඕනෑ... රජයේ වියදම් වැඩි ඕකයි. පොදු ජනයාට බදු ගගහා අතිරික්ත රජයේ සේවයක් තියාගෙන රටක් දියුණු වෙන්නේ කොහොමද?

:       0       3

chandima Saturday, 01 July 2023 05:21 AM

ජපානයේ 300ක් ගත්තොත්, 300න් 299 කටම පරිගණක තියෙනවා... ඒවාගෙන් වැඩකරගන්න පුළුවනි. ලංකාවේ 17 දෙනෙක් ගත්තාම එයින් 5 දෙනෙකුටවත් පරිගණක අතගාන්න ලැබිලාවත් නැහැ.. මේ අය ජපානයේ කරන දේවල් ලංකාවේ කරන්න යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

‘පන්නෛයි පක්කම්’ කියමින් දකුණ ඇල්ලූ උතුරේ ටික්ටොක් තරුව ශෝජන්
2024 මැයි මස 10 1013 1

මම සිංහල වේග රිද්මයේ ගීතත් අහනවා. එහෙම අහපු ගීතයක් තමයි “මේ කමනි” ගීතය. ඒ ගීතයේ සංගීතයට මං ආස වුණා. මුලදී මම ඒ ගීතයට බටහිර නර්තනයක් ඉදිරිපත් කළා. පස්සේ මට


මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව
2024 මැයි මස 07 4944 5

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබඳව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා



දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3879 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3743 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11492 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 638 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2140 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1859 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site