IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ප්‍රියන්ත කුමාර ඝාතකයාගේ පැටිකිරිය

පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කෝ ඉන්ඩස්ට්රීස් නමැති කර්මාන්ත ශාලාවේ සාමාන්‍යධිකාරීවරයකු ලෙස සේවය කළ  ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පහර දී ඝාතනය කර, පුළුස්සා මරා දැමීම සිදුවූයේ පසුගිය සිකුරාදා (3) ය.

එය ඉතාමත් අමානුෂික, ම්ලේච්ඡ ඝාතනයක් බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සොව පළ කරමින් පවසා තිබේ. එම අවාසනාවන්ත සිද්ධිය, පාකිස්තානයට කළු පැල්ලමක් වූ බව රහසක් නොවෙයි.

එම සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයන් 235 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි සියල්කොට් පොලිසිය උපුටා දක්වමින් පාකිස්තානයේ ‘ඩ්වෝන්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 

ආගමට අපහාස කළ බවටත් දෙවියන්ට අපහාස කළ බවටත් චෝදනා නගමින්, කර්මාන්තශාලාවේ සේවකයන් ඇතුළුව සිය ගණනක් දියවඩන මහතාට ද මිලේච්ඡ ලෙස මියයනතුරු පහර දී තිබේ. සියල්කොට් පොලිසිය අත්අඩංගුවට පත් පිරිස අතරට මෙම සිදුවීම් පෙළ විඩියෝ කළ පුද්ගලයන් ද ඇතුළත් යැයි ද පැවැසෙයි.

සියල්කොට්හි උගෝකි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වන අර්මගන් මක්ත් රාජ්කෝ ඉන්ඩස්ට්රීස් කර්මාන්තශාලාවේ සේවකයන් 900 දෙනකුට පාකිස්තාන දණ්ඩ නීති සංග්රහයේ 302, 297, 201, 427, 431, 157, 149 වන වගන්ති යටතේ ත් ත්රස්ත විරෝධී පනතේ 7 සහ 11 ඩබ්ලිව්.ඩබ්ලිව්. යන වගන්ති යටතේ මූලික පැමිණිලි ගොනු කර ඇත. සියල්කොට් යනු පාකිස්තානයේ පන්ජාබ් පළාතේ දිස්ත්‍රික්කයෙනි.

පළමු පැමිණිලි ගොනු කර තිබෙන 900 දෙන සොයා තමන් සම්බ්රියල්, දස්කා, සහ පස්රූර් ඇතුළු ආසන්න ගම්මානවල දැවැන්ත සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සඳහා නගරයේ සී.සී.ටීවී. දර්ශන, මෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ විඩියෝ සහ ඡායාරූප ද භාවිත කරන බවත් සයිල්කොට් පොලිසිය පවසා තිබේ.

අත්අඩංගුවට ගත් මොහොමඩ් තල්හා, සහ ෆර්හාන් ඉද්රීස් යන ප්රධාන සැකකරුවන් ඇතුළු පිරිස අනාවරණය නොකළ ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් පැවැසෙයි. රාජ්කෝ ඉන්ඩස්ට්රීස් කර්මාන්තශාලාව සෙනසුරාදා වසා දමා තිබූ අතර, එහි සේවකයන් අත්අඩංගුවට ගැනීමෙන් බේරීම සඳහා පලායමින් සිටින බව ද ‘ඩ්වෝන්’ පුවත් පත වාර්තා කර තිබේ.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සියල්කොට් හි අලාමා ඉක්බාල් ශික්ෂණ රෝහලේ දී පැවැත්වුණු අතර ඔහුගේ සිරුර සියයට 90 කට වඩා පිළිස්සී ඇති බවත්, ඔහුට කළ වදහිංස හේතුවෙන් සිරුරේ අස්ථි කිහිපයක් බිඳී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග පවසා තිබේ.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාට පහර දී ඝාතනය කර, සිරුර පුළුස්සා දැමීම කළ බවට චෝදාන එල්ල වී ඇත්තේ 'තරීක් ඊ ලබ්බයික් පාකිස්තාන්' Tehreek-e-Labbaik Pakistan නමැති දේශපාලන කණ්ඩායමටය. Tehreek-e-Labbaik Pakistan යන්නෙහි සරල අදහස 'මම පාකිස්තානුවෙක්' යන්නයි. Tehreek-e-Labbaik Pakistan දේශපාලන පක්ෂයක් වන අතර පාකිස්තාන දේශපාලනයට පමණක් නොව සිවිල් සමාජයට බලපෑමක් කළ හැකි ප්රබල අන්ත දක්ෂිණාංශික කණ්ඩායමක් ද වෙයි. ප්රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට තමන් සම්බන්ධ නැතැයි Tehreek-e-Labbaik Pakistan පක්ෂය පවසයි. කෙසේ නමුත් ඇඟිල්ල දිගු වී ඇත්තේ ඔවුන්ට මිසක් වෙන කිසිවකුටත් නොවෙයි.

මෙම පක්ෂය පිහිටුවීම සිදුවූයේ 2015 දීය. ඒ, ආගමික නායකයකු මෙන්ම ගත් කතුවරයකු ද වන කදිම් හුසේන් රිස්විගේ මැදිහත්වීමෙනි. 2018 මහ මැතිවරණයට ඉදිරිපත් වුණු පස්වැනි දේශපාලන බලවේගය වුයේ මෙම පක්ෂයයි. මහ මැතිවරණයේ දී කිසිදු ආසනයක් දිනා ගැනීමට සමත් වූයේ නැත. කෙසේ නමුත් පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයෙන් ආසාන 3 ක් දිනා ගත්තේය.

ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට තරා තිරම නොබලා උපරිම දඩුවම් ලබා දිය යුතුයි යන්න මොවුන්ගේ ආකල්පයයි. ආගමට අපහාස කළේ යැයි චෝදනා ලැබූ දෙස් විදෙස් බොහෝ දෙනකු Tehreek-e-Labbaik Pakistan සාමාජිකයන්ගේ 'වියරුව' ට හසුවි ඇත. Tehreek-e-Labbaik Pakistan සාමාජිකයන් ඉස්ලාමීය මූලධර්මවාදීන්ය. ප්රියන්ත කුමාර දියවඩන මහතාගේ සිදුවීම සම්බන්ධයෙන් පාකිස්තාන මුස්ලිම් වැසියන් කනගාටුව පළ කරමින් දිගින් දිගටම පවසා ඇත්තේ එය ඔවුන්ගේ ඉස්ලාම් දහම නොවන බවය. එමෙන්ම, පුියන්ත කුමාර දියවඩන මහතා පහර දී ඝාතනය කිරීම ශ්‍රී ලංකාවට එරෙහිව කළ ක්‍රියාවක් නොවන බව ද පාකිස්තාන රාජ්‍ය ත්‍රාන්තික දිගින් දිගටම පෙන්වා දෙති.

පාකිස්තානයේ 'ඩ්වෝන්' පුවත්පත කළ අනාවරණයක් ඇසුරිනි



අදහස් (2)

ප්‍රියන්ත කුමාර ඝාතකයාගේ පැටිකිරිය

hesa Monday, 06 December 2021 05:05 PM

කන්න නෑ..බොන්න නෑ..අපේ පඩි වැඩි කරන් නෑ.. කියල පාරට බහින අය මේක ගැන ඇයි ගොළුවී..?

:       0       0

AN Ishan Tuesday, 07 December 2021 06:00 PM

ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලොව සියලු රටවලට ආදර්ශයක් වෙමින්... ඝාතනයට ගෑවුණු ගෑවුණු සියලුදෙනා පසුපස හඹායමින් අත්අඩංගුවට ගනිමින් ඔවුන්ට දඬුවම් නියම කරනවා. නමුත් අපේ රටේ සිදුවුණු අලුත්ගම, දිගන වැනි අන්තවාදී ප්‍රහාර මත්තේ පාලකයින් මුණිවත රැක්කා. අන්තවාදි, බොදු බලසේනා සංවිධානයේ නිර්මාතෘ සමුළුවක දී අන්තවාදයට එරෙහිව නැගී සිටීමට අන් රටට ආරාධනා කරනවා...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31395 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13638 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11021 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1037 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 284 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site