
මෙම කතුවැකි තීරුව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ධනාත්මක සටහනක් තබා දින කීපයක් ඉක්ම යෑමට මත්තෙන් ඊට හාත්පසින්ම වෙනස් සටහනක් තැබීමට සිදුවීම අනුවේදනීය අත්දැකීමකි. ධනාත්මක සටහනින් කියැවුණේ ඖෂධ මිල සියයට 16කින් පහත හෙළන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බවය. එය සියලු පුරවැසියන්ට නිම්හිම් නැති ප්‍රීතියෙක් රැගෙන ඒමට හේතුවෙයි. එහෙත් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ පුවතකින් කියැවුණේ ‘‘පොලොන්නරුව වකුගඩු රෝහලේ බේත් හිඟයි, රෝගීහු දෙලොවක් අතර’’ බවය.

ශ්‍රී ලංකාව පුරා කළ සමීක්ෂණ මාලාවකින් පසු ‘‘ලර්න් ඒෂියා’’ ආයතනය පෙන්වා දෙන්නේ ගෙවී ගිය සිවු වසර ඇතුළත මෙරට දිළිඳු ජනතාව අතරට අලුතින් ලක්ෂ 40ක් එකතු වී ඇති බවය. ඒ අනුව මෙම 2023 වසර වනවිට මෙරට මුළු දිළින්දන් සංඛ්‍යාව ලක්ෂ 70ක් බව එම සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.
රටේ වසන් කළ නොහැකි කටුක තිත්ත යථාර්ථය එයය. තුන් වේලක් කන මිනිස්සු දෙවේලක් කෑ මිනිස්සු එකම වේලකටත් සීමාවෙමින් සිටිති. කුඩ දරු දෙදෙනා සමග කොස් ඇට තම්බා කෑමෙන් ජීවත්වන කඩුවෙල වෙලේ හන්දිය ප්‍රදේශයේ මවක සම්බන්ධ ප්‍රවෘත්තිය අප පුවත්පත වාර්තා කර තිබුණේ මෙයට දෙතුන් දිනකට ඉහතදීය.
රටෙන් අඩක් බඩගින්නේ ජීවත්වන බව අනෙක් අඩ නොදන්නා රටක ප්‍රවෘත්තිවලින් ප්‍රකාශයට පත්වන යථාර්ථය එයට හිමි නිසි බරින් හඳුනා ගත යුතුය. මෙවන් පසුබිමක පොලොන්නරුව වකුගඩු රෝහලේ බෙහෙත් හිඟය යන ප්‍රවෘත්තිය මනුෂ්‍යත්වයේ අසරණකම කදිමට කියා පාන්නකි.
පොලොන්නරුව රෝහලේ නේවාසිකව විශාල පිරිසක් ප්‍රතිකාර ලබති. එමෙන්ම දෛනික සායනවලට ද විශාල පිරිසක් පැමිණෙති. මෙම රෝගීන්ට අවශ්‍ය තරම් ඖෂධ නොමැතිකම නිසා ඔවුන් දැඩි පීඩනයකට ලක්ව සිටින බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
පොලොන්නරුව රෝහලේ වකුගඩු රෝගීන් සියයකගේ පමණ එකවර රුධිර කාන්දුකරණයට යොමු කළ හැකි පහසුකම් සලසා ඇතත් එම කටයුතු අදියර 2ක් යටතේ සිදුවන බව රෝගීන් පවසන බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රුධිර කාන්දුකරණයට රෝගීහු 150ක් පමණ දිනකට යොමු වෙති.
ඉන් වැඩි පිරිසක් යොමු වන්නේ මෙම පොලොන්නරුව වකුගඩු රෝහලටය. එම පසුබිම තුළ එහි ඖෂධ හිඟයක් පැවතීම එම රෝගීන් බලවත් ලෙස අසරණ භාවයට ඇද දැමීමකි. ඖෂධ හිඟය නිසා නේවාසික රෝගීන්ට මෙන්ම බාහිර රෝගීන්ට වැඩි මිලට ෆාමසිවලින් ඖෂධ ගැනීමට සිදුවී තිබේ.
වකුගඩු රෝගියකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මසකට වකුගඩු දීමනාව ලෙස රුපියල් 5000ක් ලැබුණ ද එය ඖෂධ ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බවය. එමෙන්ම එම මුදල මාස දෙකකින් නොලැබුණ බව ද ඔහු කියා තිබිණි.
රෝගීන්ට පිටතින් මිලදී ගැනීමට දෙන ඖෂධ මිල සම්බන්ධව පොලොන්නරුව දිස්ත්‍රික් ඖෂධහල් හිමියන්ගේ සංගමයේ සභාපති සුජීව ගුණතිලක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ‘‘වෛද්‍ය නිර්දේශ අනුව රෝගීන් විශාල පිරිසක් ඖෂධ මිලදී ගැනීමට පැමිණෙනවා. එහෙම එන අය අතේ තියෙන මුදලට දින කිහිපයකට ඖෂධ අරන් යනවා. නැවත බෙහෙත් ගන්න එන්නෙ නෑ.’’ යනුවෙනි.
අතේ ඇති මුදලට ඖෂධ මිලදීගෙන රෝග සුවපත් කරගත හැකිද යන්න ඇසිය යුතු ප්‍රශ්නයක් නොවේ. විශේෂයෙන්ම අඛණ්ඩව ඖෂධ ගත යුතු වකුගඩු රෝගය වැනි රෝගයකට එසේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවන බව ද ඒකාන්ත සත්‍යයකි. එම අසරණ මිසිසුන්ට ජීවිතය රැක ගැනීමට දෙවියන් යදිනවා හැර වෙනත් විකල්පයක් නැත.
පොලොන්නරුව දිස්ත්‍රික් ඖෂධහල් හිමියන්ගේ සභාපතිවරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ‘‘රජය ඖෂධ වර්ගවල මිල ගණන් සියයට 16කින් අඩු කළා. එහෙත් එම මිල සියයට 50කින් අඩු කිරීමට රජයට හැකියාව තිබෙනවා. රටට ඖෂධ වර්ග ආනයනය කරන මහ පරිමාණ සැපයුම්කරුවන් අධික ලාභයක් ලබනවා. ඒ මාෆියාව නතර කරනවා නම් ඒක රෝගීන්ට අස්වැසිල්ලක් යනුවෙනි.
(***)
2025 නොවැම්බර් මස 04
179
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2066
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1585
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලොන්නරු වකුගඩු රෝහලේ බේත් හිඟය