IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පාකිස්තානයේ ආදර්ශය ලංකාවටත් වැදගත්

බැලූ බැල්මට ශ්‍රී ලංකාවට පාකිස්තානයෙන් ගත හැකි පාඩමක් නැත. දෙරටම ආර්ථික වශයෙන් සිටින්නේ වළ පල්ලේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදීමට නියමිත ණය සහනය දෙරටේම බලාපොරොත්තුවේ ප්‍රාණ වායුව බවට පත්වෙමින් තිබේ. රටවල් දෙකේම පොදු මහජනතාව සිටින්නේ දැඩි ජීවන බරකින් මිරිකෙමිනි.

රෝහල් පහසුකම්ද දෙරටේම මහජනතාව භුක්ති විඳින්නේ අවම මට්ටමකිනි. ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු ඡන්ද නොපවත්වා සිටීම හේතුවෙන් එම ගැටලුව අධිකරණය දක්වාම ඇදී ගියේය. එපමණක් නොව දෙරටේම පාලන තන්ත්‍රයේ දේශපාලන සහ නිලධාරි මට්ටමින් දූෂිතයෝ රැසක් බලය හසුරුවමින් සිටිති.

මේ අනුව පෙනෙන්නේ දෙරටම එක හා සමානව දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටිමින් ආණ්ඩුත් ජනතාවත් අවුලෙන් අවුලට යමින් සිටින බවය. එහෙත් දෙරට අතර කැපී පෙනෙන වෙනස්කම්ද තිබෙන බවක් මෙහිදී පෙන්වා දිය යුතුය.

පාකිස්තානය කෙතරම් බරපතළ ආර්ථික කඩාවැටීමකට ලක්වුවත් එරට විදේශ සංචිතය ශ්‍රී ලංකාවේ තරමට සිඳීයාමට ඉඩනොදී වළක්වාගෙන තිබේ. අපේ රටේ ආර්ථිකයේ තත්ත්වය කුමක්ද?

පාකිස්තානයත් ශ්‍රී ලංකාවත් වෙනස් වෙන්නේ එම කාර්යයේදීය. එරට වත්මන් අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් රටේ ආර්ථිකය ගොඩනැංවීමට නම් ඉහළම ආදර්ශය ලබාදිය යුත්තේ රජයේ ඉහළම මට්ටමින් බවට තීන්දුවක් ගෙන තිබේ. එම තීන්දු වහාම ක්‍රියාත්මක කළ යුතු බවටද ඔහු දැඩිව අවධාරණය කර තිබිණි. එම උපදෙස්වලට අනුව සියලුම කැබිනට් අමාත්‍යවරුන් සහ විශේෂ උපදේශකයන් සියලු දෙනා වැටුප් සහ වරප්‍රසාද අතහැර සිය රාජකාරි ඉටු කළ යුතුවෙයි.

රටේ පවතින ආර්ථික අර්බුදයේ ගැඹුර හේතුවෙන් මෙම තීන්දු එරට අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ. සෙසු තීන්දු අතර ලබන වසරේ (2024) ජුනි මාසය දක්වා මැති ඇමැතින්ට සහ නිලධාරීන්ට කිසිදු සුඛෝපභෝගී භාණ්ඩයක් මිලදී ගැනීම තහනම්ය. සුපිරි මෝටර් රථ තහනම් කර තිබෙන අතර කැබිනට් අමාත්‍යවරුන් සතු නවීන පන්නයේ වාහන රජය සතුකර වෙන්දේසි කරනු ලැබේ.

දේශීය සහ විදේශීය ගුවන් ගමන්වලදී මිලදී ගත යුත්තේ අඩුම ගාස්තු වැයවන ‘‘ඉකොනම්’’ පන්තියේ ප්‍රවේශ පත්‍ර පමණි. කැබිනට් ඇමතිවරුන්ට තරු පහේ හෝටල් කාමර වෙන්කරගත නොහැක. විදෙස් ගමන්වලදී පරිවාර කාර්ය මණ්ඩල ගෙනයාම තහනම්ය. රාජ්‍ය නිලධාරීන්ට තවදුරටත් ආරක්ෂක වාහන සපයනු නොලැබේ.

ගමන් වියදම් හැකිතරම් සීමා කිරීම සඳහා හැකි හැම අවස්ථාවකදීම සාකච්ඡා, සම්මන්ත්‍රණ මාර්ගගත තාක්ෂණය ඔස්සේ කිරීමට ඉහළම ප්‍රමුඛතාව ලබා දිය යුතුය. මීළඟ වසර සඳහා අමාත්‍යවරුන්ට පරිපාලන හෝ උප පරිපාලන හෝ කාර්ය මණ්ඩල බඳවාගත නොහැක.

ගෑස් සහ විදුලිය ඉතිරි කර ගැනීම සඳහා ගිම්හාන කාලයේදී සියලු කාර්යාල උදෑසන 7.30 විවෘත කිරීමට උපදෙස් ලබාදී තිබේ. එසේම රාජ්‍ය උත්සවවලදී සංග්‍රහ ලබාදීම එක් ආහාරයකට සීමා කර ඇති අතර තේ පැන් සංග්‍රහයකදී ලබාදිය හැක්කේ තේ සහ බිස්කට් වර්ගයක් පමණි.

අමාත්‍යවරුන්ගේත් ඔවුන්ගේ රාජ්‍ය ආයතනවලත් වියදම් සියයට 15කින් කපාහැර තිබේ. මේ ආහාර සහ වියදම් සීමා කිරීම් අග්‍රාමාත්‍ය කාර්යාලයට ද බලපාන සේ ක්‍රියාත්මක කෙරේ. අමාත්‍යවරුන්ගේ නිල නිවාස සඳහා මෙතෙක් එක් නිවසකට වෙන් කළ විශාල ඉඩ ප්‍රමාණය නිවෙස් දෙකක් සඳහා වෙන් කරනු ඇත.

අපේ රටට පාකිස්තානයේ ලද හැකි ආදර්ශ ඉතා සීමිත වුවද ඉහත සඳහන් ක්‍රමෝපාය අපේ රටටද අනුගමනය කළ නොහැක්කේ ඇයිදැයි විමසිය යුතු නොවේද? මෙරටද ජනාධිපති කාර්යාලය තුළ සංග්‍රහ කටයුතු ඉතා සීමිතව සිදුකෙරෙන ලෙසට ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක වුවද සෙසු අමාත්‍යාංශවල එසේ සිදුවන බවත් දැනගන්නට නැත. රාජ්‍ය උත්සව සඳහා අපි තවමත් විශාල මුදලක් වැය කරමින් සිටිමු.

රාජ්‍ය නිලධාරීන්ගේ එතෙර ගමන් සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර සහ තරු හෝටල් පහසුකම් සීමාකර ඇති වුවද අමාත්‍යවරුන්ට එය අදාළ බවක් පෙනෙන්නට නැත. කැබිනට් අමාත්‍යවරුන් පමණක් නොව සෙසු රජයේ ඇමතිලාද භාවිත කරන්නේ ඉතා අධික මුදලක් ඉන්ධන සඳහා වැයවන බෝනස්, බී.එම්.ඩබ්ලිව්. සහ වී-8 වර්ගයේ සුපිරි වාහණයි.

එකක් පමණක් නොව කිහිපයක්ම ඔවුහු භාවිත කරති. එකම ස්ථානයක පැවැත්වෙන රැස්වීම් සඳහා මේ මැති ඇමැතිලා සිය පරිවාරක රථද සමග වෙන් වෙන්ව පැමිණෙන පුරුද්ද තවමත් එසේවමය. මේ ඇමතිලා මෙසේ සුපිරි වාහන වෙන්දේසි කර රජයට මුදල් සපයා දීමට සුදානම් වනු ඇතැයි සිතීමත් මුළාවකි. 

අඩුම තරමින් පාකිස්තානයෙන් හෝ ආදර්ශයක් ගෙන මෙරට සියලු දේශපාලකයන් රටේ මහජනතාවගේ බදු මුදල් නාස්ති කිරීම දැන්වත් නතර කළ යුතුය.

(***)



අදහස් (3)

පාකිස්තානයේ ආදර්ශය ලංකාවටත් වැදගත්

කරුම කන්නා Wednesday, 08 March 2023 03:26 PM

කපුටාට වණයේ රුදාවක් නැත. කපටියන් රැලක්...!

:       2       6

prasanna Wednesday, 08 March 2023 08:56 PM

අපේ රට කවදාවත් ගොඩයන්නේ නැහැ... මේක අමුතුම මිනිස්සු ජාතියක් ඉන්න රටක්...

:       2       5

fairoos Monday, 13 March 2023 03:26 PM

අපේ අය නම් කියන්නේ ජනතාවට පටි තදකරන්න කියලා විතරයි.. ඔවුන්ට සැප...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site