IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දේශීය ගිනිපෙට්ටි කර්මාන්තයත් අවසන්

මොහොමඩ් ආසික්

ගිනි පෙට්ටි සඳහා ගිනි  කූරු නිෂ්පාදනය ලොව ආරම්භ වන්නේ බොහෝ ඈත කාලයේ වන අතර එයට මුල් වන්නේ 1669 දී ජර්මන් ජාතික හෙනිග් බ්රෑන්ඩ් නැමැති විද්‍යාඥයා විසින් සොයා ගත් පොස්පරස් රසායනයයි. ගිනි කූරක අඩංගු රසායන ද්‍රව්‍ය අතර ප්‍රධාන වන්නේ පොස්පරස් වෙයි. එයට අමතරය ඇන්ටිමන් සල්ෆයිට් සහ මැලියම් විශේෂයක්ද එහි අඩංගු වෙයි. ගිනි පෙට්ටියේ දෙපැත්තේ ගල්වා ඇත්තේ රතු පොස්පරස් සමඟ වීදුරු කුඩු මිශ්‍ර කරමිනි.එම මිශ්‍රණයේ ගිනි කූර ඇතිල්ලීමෙන්  ගිනි ගැනීම සිදු වෙයි.

 ගිනි පෙට්ටි නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස අපේ රටේ වර්ධනය වී දැනට වසර 50  ක්  60  ක්  පමණ ගතව තිබෙන අතර එහි ස්වර්ණමය යුගයක් ලෙස 70 – 80 දශක හැඳින්විය හැකියි. නමුත් මේ වන විට ගිනි පෙට්ටි කර්මාන්තයේ අනාගතය යළිත් අවිනිශ්චිත තත්වයට පත්ව තිබේ.

ගිනි පෙට්ටි කර්මාන්තය වළපල්ලට යැවිය හැකි ප්ලාස්ටික් ලයිටරයක් විදෙස් රටවල සිට ආනයනය කර වෙළඳ පොළට නිකුත් කර තිබීම නිසා තම කර්මාන්තය වසා දැමීමට සිදුව ඇති  බවත් එම නිසා සෘජුව රැකියාවල නියුතු 25,000 කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇති බවත් ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති බී.ඩි.ආර්. රාජන් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

“දැනට අවුරුදු දෙක හමාරක පමණ කාලයක සිට  විදේශ රටවල සිට ප්ලාස්ටික් ලයිටර් වගයක් ආනයනය කරනවා. මේකට නමක් නෑ. වර්ගයක් නෑ.නිෂ්පාදන වර්ෂයක් නෑ.  ප්‍රමිතියක් නෑ. මේව ගෙනල්ලා මුළු ලංකාවටම  බෙදා හරිනවා. මේ ලයිටර් වර්ගය  එක් වරක් භාවිතා කරල විසි කරන එකක්. මේ නිසා පරිසරයට සිදු වන හානිය අති විශාලයි. දේශීය ගිනි පෙට්ටි කර්මානතය  දීර්ග කාලයක් පුරා මේ රටේ තිබුණ ප්‍රධාන කර්මාන්තයක්. ලක්ෂයකට වැඩි පිරිසක් මේ කර්මාන්තයේ රැකියාවන් කළා. මේ වන විට 25,000 කටත් වඩා    අඩු වෙලා  තියෙනවා. මේ යන විදිහට ඒ අයගෙත් රැකියා අහිමි වෙන්න පුළුවන්. ලයිටර් ආනයනය කරනවනම්  නැවත පුරවන්න පුළුවන් ප්‍රතිචක්‍රිය කළ හැකි ලයිටර් ගේන්න ඕන. ඒකට වැඩි සෙස් බද්දක් ගහන්න ඕන.

මුලින්  ආනයනය කරන ලයිටරයක් සඳහා තිබුණ සෙස් බද්ද රුපියල් 60 ක් පසුගිය රජයන් කාලයේ ඒක අඩු කරල කිලෝ එකකට රුපියල් 150 ක බද්දක් පනවලා තියෙනවා. එතකොට එක ලයිටරයකට එන්නේ  රුපියල් 1.50 යි. මේ නිසා   ඇතැම් ව්‍යාපාරිකයින්  කිසිදු ප්‍රමිතියක් නැති බාල ලයිටර් ගෙනල්ල රුපියල් 25 කට විකුණනවා. ගිනි පෙට්ටියක් අපි විකුණන්නේ රුපියල් 20 කට. අපි රජයට හැම බද්දක්ම ගෙවනවා. එස්.එල්.එස්. සහතිකය ලබා ගන්නවා. නමුත් මේ ලයිටර්  ගේන  අය සුළු ගානක්  ගෙවල ගෙනත් අඩු මුදලට විකුණනවා. මේක අපි නවත්වා ගත්තේ  නැත්නම් දේශීය ගිනි පෙට්ටි කර්මාන්ත ශාලා ඔක්කොම වහන්න වෙනවා. අපි මැති ඇමතිවරු හම්බවුණා. වෙළඳ ඇමතිතුමාට ලියුම් දැම්මා. සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමා හමුබ වුණා. එතුමා පාර්ලිමේන්තුවෙත් කතා කරල තිබුණා. මුදල් අමාත්‍යාංශයටත් අපි ලියුම් දාල තියෙනවා. අපි ඉල්ලන්නේ කලින් එක ලයිටරයකට තිබ්බ රුපියල් 60 ක සෙස් බද්ද රුපියල් 100 ක් කරන්න කියලයි. ඒ වගේම පරිසරයට හානි නොවන ලයිටර් ගෙන්න කියලත් අපි ඉල්ලලා තියෙනවා. මේක පරිසරයට හානි වන  එකක්. ඉන්දියාවේ මේ වගේ ලයිටර් ගෙන් එක නවත්තලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් රේගුවෙන් විමසුවහම අවුරුදු දෙකකට බිලියන හතරක මුදලක අලාභයක්  වෙලා තියෙනවා. මේ බදු අඩු කිරීම නිසා දැන ගත්තා. රජයේ ආදායම් නැති වෙනවා. නමුත් අපි ඔක්කොම බදු ගෙවනවා.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි  නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් සාකිර් අලි මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

‘ මෙයට වසර තුනකට පමණ  පෙර  ගිනි පෙට්ටි කර්මාන්තයේ ලක්ෂයක් විතර සේවය කළා. නමුත් මේ වන විට 20,000 කට විතර අඩු වෙලා තියෙනවා. මේකට ප්‍රධාන  හේතුව මෙම බාල ලයිටර් ආනයනයයි. මේ නිසා සියයට 60 ක් 70 ක් නිෂ්පාදනය අඩු කරන්න වෙලා තියෙනවා. මේ ලයිටර් නිසා පරිසරයට විශාල හානියක් සිද්ධ වෙනවා.දවසකට  ලයිටර් ලක්ෂයක් විතර පරිසරයට මුදා හරිනවා. මේක විශාල පරිසර හානියක්.අපි රජයෙන් ඉල්ලන්නේ මේකට විසඳුමක් ලබා දෙන ලෙසයි. පසුගිය රජයන් කාලයේ අපි  වග කිව යුතු හැම අංශයකටම මේ ගැන දැනුම් දුන්නත් කිසිදු විසඳුමක් ලැබුණේ නෑ. අපේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරන කොට අපට සිද්ධ වෙලා තියෙනවා. හැම බද්දක්ම ගෙවන්න. විකුණන කොට ආදායම් බදු ගෙවන්න වෙලා තියෙනවා ප්‍රමිති සහතිකය ලබා ගන්න වෙලා තියෙනවා. මේ ලයිටර් ආනයනය කරන අයට මේ කිසිම දෙයක් නෑ. අපි නැවතත් රජයෙන් ඉල්ලන්නේ මේකට නිසි පියවරක් ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික මොහමඩ් උදුමාන් මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

“ අවුරුදු දෙක හමාරක් තිස්සේ අපි මේ ලයිටර් ගැටළුවත් එක්ක දුක් විඳිනවා. මැති ඇමතිවරු හම්බ වෙන්න ගියා. මේ ගැන කිව්වා ලයිටර් අරන් ගිහින් පෙන්නුවා.  ක්ලීන් ශ්‍රී ලංකා කියල ජනාධිපතිතුමා වැඩසටහනක් ගෙන යනවා. දවසකට ලයිටර් ලක්ෂයක් පරිසරයට මුදා හැරීම මගින් ක්ලීන් ශ්‍රී ලංකා අවක්ලීන් වෙනවා. මේ ලයිටර් ප්‍රතිචක්‍රිය කරන්න බෑ.  මහා පාරේ හැම තැනම ලයිටර්   බලා ගන්න පුළුවන්. ඇමතිවරු නම් කියනවා මේක  විසඳලා දෙන්නම් කියලා  නමුත් කිසිම විසඳුමක් ලැබෙන්නේ නෑ. අපට කියන්න තියෙන්නේ ජනාධිපතිතුමාට විතරයි. මේ කර්මාන්තය දැන් අන්තිම අනතුරේ තියෙන්නේ. ලංකාවේ ගිනි පෙට්ටියක්වත් හදා ගන්න අපට බැරි නම් අපි ශ්‍රී ලංකා කියල කියන්නේ මොකටද? අවුරුදු 50 කට ආසන්න කාලයක් පවත්වාගෙන යන කර්මාන්තයක් මේක රැක ගන්න ඕන නැද්ද? අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ ලයිටර් ආනයනය කළාට කමක් නෑ ප්‍රමිතියෙන් යුක්ත ලයිටර් ගේන්න අවසර දෙන්න.  එක ලයිටරයකට රුපියල් 100 ක බද්දක් ගහන්න . එහෙම වුනොත්  ලයිටර් ආනයනය කරන්නත් පුළුවන්  .

ගිනි පෙට්ටි කර්මාන්තය මුහුණ දීල තිවෙන අර්බුදය ගැන තව දුරටත්  කතා කළොත් මේ වන විට කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වැහිල තියෙනවා. අනෙකුත් කර්මාන්ත ශාලාවලට   වැඩ කරන නියමිත දින ගණන වැඩ කර ගන්න බැරි වෙලා තියෙනවා. මේ වන විට කර්මාන්ත ශාලා පහක් විතර වැහිල තියෙනවා. ඉතිරි වෙලා තියෙන්නේ 10 ක්  විතරයි මේ ලයිටර් මේ විදිහට ඉදිරියටත් වෙළඳ පොළට ආවොත් මේ ඉතිරි වෙලා තියෙන කර්මාන්ත ශාලා ටිකත් වැහිල යයි.  මේ වගේ කාරණා නිසා මේ කර්මාන්තය වැහිල ගියොත්  නැවත ආරම්භ කරන්න බැරි වෙනවා. දේශිය ගිනි පෙට්ටි නැති වුනහම විදේශීය  රටවලින් ගිනි පෙට්ටි ආනයනය කරන්න සිද්ධ වෙනවා. එතකොට ආයෙත් වෙන්නේ  අපේ රටේ  තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් නැති වෙලා යන එකයි රටේ තියෙන ඩොලර් ටික පිට රටවල්වට ඇදිල යන එකයි.

දේශිය කර්මාන්තයට පණ පොවන ප්‍රතිපත්තියක් ඇති රජයක් පවතින අවස්ථාක දේශිය කර්මාන්තයක් වන මෙම ගිනි පෙට්ටි කර්මාන්තය රැක ගන්න රජය මැදිහත් වනු ඇති බව  ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමය වගේම මෙම කර්මාන්තය සිය ජීවනෝපාය කර ගත් 25,000 ක් පමණ වන පිරිසත් මෙන්ම  මේ රටේ සමස්ත ජනතාවත් අපේකෂා කරති.

මෙම ගැටළුවට විසඳුමක් නොලැබුණහොත් ඉතා ඉක්මනින් දැවැන්ත උද්ඝෝෂණයක් කරා  ගමන් කිරීමට සිදු විය හැකි බව මෙම සංගමය සඳහන් කරයි.

 



අදහස් (0)

දේශීය ගිනිපෙට්ටි කර්මාන්තයත් අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 194 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2072 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site