IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


දේශපාලන ඇඟිලි ගැසීම්වලින් පොලිසිය මුදාගන්න ඕනෑ

‘‘වළක වැටීම මොළයට ලාභයක්’’ බවට පැරැණි කියමනකි. එහෙත් එය ‘ලාභයක්’ කර ගැනීමට ‘මොළයක්’ තිබිය යුතුය. ‘මොළය’ නැත්තෙකු ‘වළක’ වැටුණද එය ‘ලාභයක්’ කර නොගනී. ඒ වෙනුවට රෑ වැටුණු වළේ මහ දවාලේත් වැටී බරපතළ අනතුරු කරගනි.

මෙරට ජරපත් ත්‍රාඩ දේශපාලනයට ඉතා පහසුවෙන් ඉහත තත්ත්වය ගළපා ගත හැකිය. ඒ බව සනාථ කෙරෙන සිදුවීම් මෙරට දේශපාලන ක්ෂේත්‍රයෙන් එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වේ.

‘‘ගෝල්ෆේස් අරගලය’’ නමින් හැඳින්වෙන නිර්පාක්ෂික නිරුත්සාහක ජනතා නැගිටීමෙන් නික්මුණ ‘පණිවිඩය’ එළැඹගත් සිහියෙන් යුතු කිසිඳු දේශපාලනඥයකුට අමතක විය නොහැක. හිරිකිතයකින් තොරව ක්‍රියාවට නැඟුණු ජුගුප්සාජනක දේශපාලන නාඩගම්වලට එරෙහි රළ නගන විරෝධය එම ජන අරගලයට මූල බීජය සැපයුවේය.

විනාශය – විනෝදයක් කර ගැනීම ජාතික සිරිතක්ව වරනගන සෙයකි. රටේ සාතිශය බහුතරයක් ජනයාගේ අභිමතාර්ථ එයට හිමි නිසි බරින් හඳුනා නොගෙන එම අභිමතාර්ථයන්ට ‘කොළොප්පම්’ කිරීම ශිෂ්ට ජනයා නොඉවසති. එහෙත් ජනහද ගැස්ම හඳුනා නොගන්නා සදාචාරාත්මක දේශපාලන නොදන්නා දේශපාලනඥයන්ට අනුව ඔහු නියෝජනය කරන බලප්‍රදේශය සදාකාලිකවම ඔහුට ලියාදුන් නින්දගමකි. එහෙයින් එහි සියලු කටයුතු තමන්ට ඇවැසි පරිදි සිදුවිය යුතු යැයි මෙම දේශපාලනඥයෝ සිතති. එම සිදුවීමට ලිංග බේදයක් ද නැත. පුත්තලමේ සහ රත්නපුර සිදුවීම් දෙකකින් ඒ බව මනාව ඔප්පුවී තිබේ.

අප පුවත්පත වාර්තාකළ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කරනු ලැබූ මීගමුව කොට්ඨාසයේ රාජකාරී කරන පොලිස් නිලධාරියකුගේ පත්වීම පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුපක්ෂ දේශපාලකයකුගේ මැදිහත්වීම මත අත්හිටුවා ඇති බවය.

දේශපාලකයාගේ අනුදැනුමකින් තොරව තමන් නියෝජනය ඡන්ද කොට්ඨාසයේ පොලිස් ස්ථානයට පොලිස් ස්ථානාධිපතිවරයකු පත් කළේ යැයි කියමින් එම දේශපාලකයා ඉහළ බලධාරීන්ට බලපෑම් කර මෙම පත්වීම අවලංගු කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කළ බවද එම ප්‍රවෘත්තියේ වැඩි දුරටත් සඳහන්ය. තමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ කිසිදු පොලිස් ස්ථානයකට තමාගේ අනුදැනුමකින් තොරව පොලිස් ස්ථානාධිපතිවරයකු පත් කිරීමට ඉඩ නොතබන බව මෙම දේශපාලකයා ප්‍රකාශ කර ඇතැයි ද එම ප්‍රවෘත්තියේ වැඩි දුරටත්  සඳහන්ය.

තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ රත්නපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා බස්නාහිර පළාත් රථවාහන අංශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර තිබෙන බවය. මෙම මාරුකිරීම පිටුපස රත්නපුර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක සිටින බවද එම මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.

පොලිස් සැරයන්වරයකුගේ ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරිය ලබාදුන් දුරකථන ඇමතුමකට නියෝජ්‍ය පොලිස්පතිවරයා සවන්දීමක් නොකළ නිසා තමන් අපහසුතාවට පත්වූ බව පවසමින් අදාළ මන්ත්‍රීවරිය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනත් ප්‍රදේශයකට මාරුකර යවන ලෙස යැයි ද එම මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන්ය.

තම බල ප්‍රදේශ නින්දගම් ලෙස නොසලකන්නේ නම් තම දේශපාලන බලය මෙතරමට නිර්ලජ්ජිත ලෙසත් නිහීන ලෙසත් ප්‍රදර්ශනය නොකරනු ඇත. තමන්ට  කැමැති පොලිස් ස්ථානාධිපතිවරයකු පත් කර ගත නොහැකිනම් දේශපාලන බලයෙන් පලක්වේදැයි රාජ්‍ය ඇමැතිවරයා සිතුවා විය හැකිය. තමන් අකමැති නියෝජ්‍ය පොලිස්පතිවරයකු වෙනත් පළාතකට මාරු කර යැවිය නොහැකිනම් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන තමන්ගේ මන්ත්‍රී ධුරයෙන් ඇති ඵලය කුමක්දැයි මන්ත්‍රීවරිය සිතුවා විය හැකිය. රට මෙතෙක් පැමිණියේ මේ ශාපලත් මාවතේය.

සියලු ස්ථාන මාරුවීම් රාජකාරි අවශ්‍යතා සඳහා යැයි කියමින් පහසුවෙන් ඇඟ බේරා ගැනීමේ හැකියාවක් බලධාරීන්ට  තිබේ. එහෙත් එය ‘මොනර නැටුමකින්‌’ කිසිලෙසකින් හෝ  වෙනස් නොවන්නකි.  දේශපාලන බලය ඉදිරියේ තම වෘත්තීය ගරුත්වය පාවා දෙමින් මහජන මුදලින් යැපීම කෙතරම් දුරට ශිෂ්ට සම්පන්න දැයි පොලිසියේ ඉහළ නිලධාරීන් කල්පනා කළ යුතුය.

මෙරට පොලිස් කොමිසමක් තිබේ. එය ස්වාධීන යැයි ද කියති. එය ස්වාධීන ද දීනද යන්න තීරණය වන්නේ ‘බෝඩ්ලෑල්ලට’ අනුව නොව ක්‍රියාමාර්ග හරහාය.

(***)



අදහස් (2)

දේශපාලන ඇඟිලි ගැසීම්වලින් පොලිසිය මුදාගන්න ඕනෑ

ලසන්ත Wednesday, 26 April 2023 11:56 AM

අපේ රටේ ව්‍යවස්ථාව ලියවිල්ලක් පමණද? විනය ක්‍රියාමාර්ගයක් නොවේ නම් සහ හදිසි අවශ්‍යතාවයක් බව තහවුරු කළ නොහැකි නම් කොමිසමේ අනුමැතිය කලින් ගන්න බැරි ඇයි? සේවා අවශ්‍යතා මත, කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව කියමින්, එකතැනකින් තව තැනකට.., තවටික දවසකින් තව කොහෙටහරි, මාරුකිරීම හරිද? මේක මහ පිස්සු රටක්නේ...!

:       0       7

swene Sunday, 30 April 2023 03:42 PM

මේ වෙසක් සතියේ සතර අගතිය ගැන කතාකළහොත්..., ඡන්ද, ද්වේශ, භය සහ මෝහ යන දේවලට (සතර අගති) සිත පත්වුවහොත් පාලනය නිසියාකාරව සිදු නොවේ. එවැනි අගතිවලින් වැළැකී පාලනය කළහොත් ස්වාධීනව වැඩ කටයුතු සිදුවේ. එසේ නොවන විට, කොමිෂන් පවා පරාධීන වේ. අපගේ ස්වාධින කොමිෂන් සහ දේශපාලකයින්ට මේ කරුණ පසක් වී තම සේවාව සහ රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට මානසික ශක්තිය ලැබේවා!...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 364 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1293 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 760 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1094 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1911 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1462 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 40 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site