IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දේශගුණික විපර්යාසවලින් තේ වගාව රැකීමට නව මං සොයමු

නිමාවක් නොදැක පීඩා විඳින මෙරට ජනයාට සොබාදහමත් නොනැවතී ප්‍රහාර එල්ල කරමින් සිටී. අප පුවත්පත ඉකත්දා වාර්තා කළ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් තේ ඉඩම් අක්කර හය ලක්ෂ හැටහත් දහසකට පමණ දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසන බවය.

කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා තේ වගාව බරපතළ අර්බුදයකට ගොදුරු විය. එය ස්වාභාවික විපතක් නොවේ. උද්ධච්ඡකම නිසා ගත් අනුවණ තීරණයක් මත එම තත්ත්වය නිර්මාණය විය. ඊට පසුපසින් පැමිණි ඩොලර් අර්බුදයද තේ වගාවට මාරාන්තික බලපෑමක් එල්ල කළේය.

කුඩා තේ වතු හිමියන්ට පමණක් නොව මහ පරිමාණ තේ වතු හිමියන්ට සහ රටේ ආර්ථිකයට ද බරපතළ බලපෑම් ඇතිවිය. එමගින් හතර ගාතෙන් වැටුණු තේ කර්මාන්තයට දැන් නියඟය පහර දෙමින් සිටී.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රකාශකයකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් කුඩා තේ වතු හිමියන් ලක්ෂ පහකට අයත් තේ ඉඩම් අක්කර හාර ලක්ෂ හත්දහස් පන්සියයකට බලපෑම් එල්ල වී ඇති බවය. වියළි කාලගුණ තත්ත්වයෙන් තේ අස්වැන්න විශාල වශයෙන් අඩු වී ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළ බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. 

තේ දලු කිලෝවක මිල ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අවස්ථාවක අස්වැන්නත් අඩු වීමෙන් කර්මාන්තය පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇතැයි තේ වතු හිමියන් පවසන අතර ඒ හේතුවෙන් තමන් දැඩි ආර්ථික දුෂ්කර තත්ත්වයට පත්ව ඇති බව ද ඔවුහු පවසති. රුපියල් 300ත් 320ත් අතර පැවැති අමු තේ දලු කිලෝවක මිල මේ වනවිට රුපියල් 160ත් 170ත් අතර මිලක් දක්වා පහත වැටී ඇති බව ද කුඩා තේ වතු හිමියෝ පවසති.

මේ වූ කලී විශේෂ අවධානය යොමු කළ යුතු බරපතළ තත්ත්වයකි. ලක්ෂ ගණනක් ජනයා තේ කර්මාන්තයෙන් ජීවත් වෙති. එමෙන්ම අප රටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධානම කර්මාන්තයක් ලෙස ද තේ කර්මාන්තය හැඳින්විය හැකිය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය තුළට රැගෙන ගිය මේ කර්මාන්තය රැක ගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි.

 නියඟය ස්වාභාවික විපතකි. එහෙයින් එයට මුහුණ දීම හැර වෙනත් විකල්පයක් ද නැත. එමෙන්ම මෙම තත්ත්වය කවදා තුරන් වී යනු ඇතැයි ද කිව නොහැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දැනට පවතින නියං තත්ත්වය තවත් මාස දෙකක් පමණ පවතිනු ඇති බවය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මහ වැසි ඇදවැටෙන්නේ ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකිකරණ) ශිරෝමනි ජයවර්ධන මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදී දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන මාසයක් බවත්, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් මෙවර වැසි හිඟ තත්ත්වය ප්‍රබල වූ බව ද එම මහත්මිය ප්‍රකාශ කර තිබිණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයට අනුව රට තිබෙන්නේ ඉතා අවදානම් කලාපයකය. ස්ථිර වශයෙන්ම වැසි වැටෙන දිනයක්, කාල සීමාවක් නොමැති තත්ත්වය තුළ අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු රඳවාගත නොහැකි පරිසරයක් නිර්මාණය වී තිබේ. 

නියං තත්ත්වය තේ වගාවට පමණක් නොව වී වගාව ඇතුළු සෑම වගාවකටම මාරාන්තික ලෙස බලපෑම් එල්ල කරමින් තිබේ. සතා සීපාවා පවා මෙම තත්ත්වය තුළ බලවත් දුෂ්කරතාවට පත්ව සිටිති.

නියඟය ස්වාභාවික යැයි කියා වසිනතුරු බලා සිටිය නොහැක. මෙබඳු තීරණාත්මක මොහොතකදී ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පර් යේෂණ සිදුකර විසඳුම් සොයාගත යුතුය. මෙතුවක් කලකට නොකළ එම පර් යේෂණ ආරම්භ කිරීමට දැන්වත් ක්‍රියා කළ යුතුය. නොඑසේනම් තම ජීවිතවලින් වන්දි ගෙවීමට පුරවැසියන්ට සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇත.

(***)



අදහස් (2)

දේශගුණික විපර්යාසවලින් තේ වගාව රැකීමට නව මං සොයමු

nimal Thursday, 24 August 2023 05:19 PM

නියං තත්ත්වය තේ වගාවට පමණක් නොව වී වගාව ඇතුළු සෑම වගාවකටම මාරාන්තික ලෙස බලපෑම් එල්ල කරමින් තිබේ. සතා සීපාවා පවා මෙම තත්ත්වය තුළ බලවත් දුෂ්කරතාවට පත්ව සිටිති. තේ වගාවට පමණක් නොව වී වගාව ඇතුළු සෑම වගාවක්ම සාර්ථක වූ අවස්ථවලදී සියලු කණ්ඩායම් නිහඬයි. නියං තත්ත්වය, ජලගැලීම් හමුවේ සිදුවන හානිය වළක්වා ගැනීම සඳහාත්, පිළියම් රජය ලබාදෙන තුරු නොසිටිය යුතුවේ. රටේ ස්වභාවිකව සිදුවන හානියට රජය වගකිව යුතුද?

:       0       1

බද්‍ර යව්වනිය Friday, 01 September 2023 10:14 AM

"තේ වල ගාන වහාම අඩු නොකොරොත් අපි වෙන රටකින් තේ ගේනවා! " කියලා, ලංකාවෙන් තේ ගන්න රටවල් කිව්වොත් මොකක් වෙයිද දන්නේ නැහැ නේද? අපේ යක්ඛ පුත්තු ටික රට රැකගන්න එන්න ඕනේ වෙලාව තමයි මේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 151 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2049 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1576 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site