ලෝක කුසලාන තරගාවලිය අත පොවන මානයේ තිබියදී ආරම්භ වන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සත්කාරක දකුණු අප්‍රිකානු පිලට මෙන්ම සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමටද එක ලෙසින් වැදගත් වී තිබේ.
මෑත කාලයේදී පරාජයන් වැලක හිමිකරුවා වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සතුටු වීමට ඇත්තේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජය පමණි. ගෙවී ගිය මාස 12 ක කාලය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම එකම එක්දින තරගාවලියකින් හෝ ජයගෙන නැත. එම මාස 12 ක කාලයේදී සහභාගි වූ එක්දින තරග 15 අතුරින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 3 ක් පමණි.
ශ්‍රී ලංකාව අවසන් වරට එක්දින තරගාවලියක් ජයගත්තේ 2018 ජනවාරියේදී බංග්ලාදේශ පිලට එරෙහිව බංග්ලාදේශයේදීය. එබැවින් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට, එක්දින තරගාවලිය, තමන්ගේ අහිමි වූ කීර්තිය සොයාගැනීමට කදිම වේදිකාවකි.
අනෙක් අතට ශ්‍රී ලංකා පිලේ අලුත්ම ටෙස්ට් නායකයා වන දිමුත් කරුණාරත්න තරගාවලිය 2-0 කින් ජයගැනීමෙන් පසුව ආපසු සියරට ආවේය. එක්දින පිලේ හිටපු නායක තිසර පෙරේරා සමග පැවැති හීතල යුද්ධයෙන් පසුව නැවත වරක් නායකත්වයේ ඔටුන්න දා ගත් ලසිත් මාලිංගගේ මීළඟ උත්සාහය විය හැක්කේ එක්දින පිලේ නායකත්වයට සුදුස්සා තමන් බව ඔප්පු කිරීමය. ඇරත් ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් එක්දින තරගාවලිය වන නවසීලන්ත පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ 3-0 ක් ලෙසින් පරාජය වී තිබේ.
වසර 1992 දී නැවතත් ලෝක ක්‍රිකට් පිටියට පිවිසි දා පටන් දිගින් දිගටම බිඳ වැටෙමින් තිබෙන ලෝක කුසලාන සිහිනය දෙස දෑස් දල්වා බලා සිටින දකුණු අප්‍රිකානුවන්ට නම් වැඩිපුර සිතන්නට දෙයක් නැත. එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිල තලා පෙළා දැමීම ඉදිරියේ එන ලෝක කුසලාන තරගාවලියට කදිම පෙරහුරුවකටත් වඩා ටෙස්ට් තරගාවලියේදී ලද නින්දාව වසා ගැනීමටත් ඉවහල් වන කාරණයකි.
එබැවින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය හොඳ උණුසුමක් ඇති තරගාවලියක් වීමට ඕනෑවටත් වඩා කාරණා තිබේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දෙපිලම දෙගිඩියාවෙන්
S.Rathnayake Tuesday, 05 March 2019 06:26 AM
අපේ කණ්ඩායමේ මේ එකලොස්දෙනා ගහනවානම් දිනන්න පුළුවන්. 1. උපුල් තරංග. Bat 2. අවිශ්ක ප්‍රනාන්දු. Bat 3. ඔෂද ප්‍රනාන්දු. Bat 4. කුසල් මෙන්ඩිස්. Bat 5. අන්ජෙලොව් පෙරේරා.[ තුන් ඉරියව්] 6.අන්ජෙලොව් මතෙව්ස්..[තුන් ඉරියව්] 7.තිසර පෙරේරා. [තුන් ඉරියව්] 8. කමිදු මෙන්ඩිස්. [තුන් ඉරියව්] 9. ඉසුරු උදාන. [තුන් ඉරියව්] 10. ලසිත් මාලිංග. [ පන්දු යැවීම] 11. විශ්ව ප්‍රනාන්දු. [පන්දු යැවීම]