IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ජනතා හඬට සවන්දීමත් බලවතුන්ගේ වගකීමක්

අයවැයක් ආසන්න වන විට විවිධ ආකාරයේ සහන ඉල්ලා වෘත්තීය සමිති, වෘත්තිකයන්ගේ සංවිධාන ඇතුළු කණ්ඩායම් උද්ඝෝෂණය කිරීම මේ රටට හුරුපුරුදු ක්‍රියාවකි. එහෙත් මෙවර එම ක්‍රියාවලියේ කිසියම් වෙනසක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.

රජයේ සේවකයන් රුපියල් විසි දහසක වැටුප් වර්ධකයක් ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වන අතර ගුරු විදුහල්පති සංගම් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවත් හේතු මත උද්ඝෝෂණයේ සහ වැඩවර්ජනයේ යෙදී සිටි බව දැකගන්නට තිබිණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ද තම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සටනට පැමිණ එක්දින වැඩවර්ජනයක ද නිරත විය.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ සහ සේවා මිල ගණන් දරාගත නොහැකි තරමින් ඉහළ යමින් තිබේ. විදුලි බිලේ තුන්වැනි වර සිදුකෙරුණු වැඩි කිරීම පොදු ජනතාවගේ හදවතටම වැදී තිබේ.

ඒ තත්ත්වය කොතරම් උග්‍ර වී දැයි කිවහොත් විදුලි බිල් නොගෙවූ පාරිභෝගිකයන් ලක්ෂ 07කට අධික පිරිසකගේ විදුලිය විසන්ධි කිරීමට සිදුවී ඇතැයි යන ප්‍රවෘත්තියක් ද මාධ්‍ය ඔස්සේ අනාවරණය විය.

මේ ජරමර අස්සේ ලබන ජනවාරි 01 වැනිදා පටන් වැට් බද්ද තවත් සියයට 03කින් ඉහළ දමන බවට රජය කළ ප්‍රකාශය ඉහත කී පීඩා මැද ජීවත් වන ජනතාවගේ ආර්ථික ගින්නට පෙට්‍රල් වත්කිරීමක් වී තිබේ. වැටුප් වර්ධක ඇතුළු විවිධ සහන ඉල්ලා සිදුකෙරෙන උද්ඝෝෂණ ව්‍යාපාරද දක්නට ලැබේ.

රජයේ සේවකයන් සඳහා මෙවර අයවැයෙන් වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගියදා ප්‍රකාශ කළේය. ජනතාව පත්ව සිටින පීඩනය කල්පනාවට ගෙන මේ වැටුප් වැඩි කිරීම සිදු කරන බව ද සඳහන් විය. එහෙත් මෙහිදී පෙන්වා දීමට සිදුවන්නේ රජයේ සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබාදුන් පමණින් රටේ පොදු මහජනතාව පෙළෙන බරපතළ ආර්ථික ගැටලු‍ නොවිසඳෙන බවය.

විශේෂයෙන් ලබන වසරේ මුල සිට වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කෙරෙන බවද ප්‍රකාශ වී තිබෙන බැවින් වැටුප් වැඩි කිරීමෙන් එක අතකට ලැබෙන වාසිය අනෙක් අතින් වැඩි වූ වැට් බදු හැටියට ගෙවන්නට සිදුවීම නියතයකි.

එසේම රජයේ සේවකයන් සිටින සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් අධික පිරිසක් පෞද්ගලික අංශයේ සේවය කරති. ඔවුහු සියලු‍ බදු කපා ගැනීම්වලට ද මුහුණ දී සිටිති. ඔවුන්ගේ වැටුප් වැඩි කරන්නැයි සිදුකෙරෙන ඉල්ලීම් බොහෝ විට පෞද්ගලික ආයතන හිමිකරුවන් ගණන් ගන්නේ නැත. එයට එක් හේතුවක් වන්නේ රටේ ආර්ථික අර්බුදයත් සමඟ ඇතිවූ ආදායම් අහිමිවීම නිසා වැටුප් වැඩි කිරීම කෙසේ වෙතත් ගෙවන වැටුප ගෙවීමට පවා ඇතැම් ආයතන කටයුතු කරන්නේ ඉතා අපහසුවෙන් වීමය.

එසේම ව්‍යාපාරික ආයතන පවත්වාගෙන යාම සඳහා දරන්නට සිදුවී තිබෙන අධික විදුලි බිල ඇතුළු වියදම් ද තවත් හේතුවකි. එහෙත් රජයේ සේවකයෝ මේ ගැටලු‍වලට මුහුණ නොදෙති. ඔවුන්ගේ වැටුප වැඩි කිරීම යනු ආර්ථිකයේ සර්ව රෝග නිවාරණය වීමක් නොවන්නේ එබැවිනි.

මේ රටේ කිසිදු ධනවත් බලවත් පවුලක සාමාජිකයන් මේ රටේ සාමාන්‍ය ජනතාව පත්ව සිටින ගැටලු‍වලට මුහුණ දෙන්නේ නැත. ජනතාවට දැනෙන ජීවත්වීමේ පීඩනය ද ඔවුන්ට උරුම නැත. මේ හේතුවෙන් ඔවුන්ට ඉතා පහසුවෙන් රටේ ආර්ථිකය නිවැරදි කෙරෙන තුරු ජනතාව ඉවසිල්ලෙන් සිටිය යුතු බවට බොහෝ රසවත් කතා කියන්නට නිදහස තිබේ.

මේ රටේ දේශපාලකයන් බොහෝ වැටෙන්නේ අප ඉහතින් සඳහන් කළ ධනවත්, බලවත් පවුල් අතරට බව නොරහසකි. මේ සමහරුන් දේශපාලනයට පිවිසෙන්නේ කෑලි හැලෙන මෝටර් සයිකලයක් පැදගෙන එන මට්ටමිනි. එහෙත් දේශපාලනයේ කාලයක් නිරතව සිටිය දී ඔවුන්ගේ කඳ, බඩ පමණක් නොව බැංකු ගිණුම් ද තර වෙයි.

ඉන්පසුව ආර්ථික පීඩනය හේතුවෙන් පාරට බසින ජනතාව ඔවුන්ට පෙනෙන්නේ තේරුමක් නැති අරගල සිදු කරන ගංජාකාරයන්, කුඩුකාරයන් සහ ගණිකාවන් හැටියටය. රටම දුප්පත් වී බංකොලොත් වෙද්දී පවුල් සීමිත සංඛ්‍යාවක් මහා ධනවතුන් බවට පත්වීම පිටුපස ඇති කතා ගැන උනන්දු වීමට ඔවුන්ට වෙලාවක් ද නැත.

උද්ගතව තිබෙන ආර්ථික පීඩනය දිගින් දිගට ඉහළ යාමේ ඇති බලපෑම් පිළිබඳ දැනට වඩා සංවේදීව කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමක් බව පෙන්වා දිය යුතුය. දිගටම විදුලි බිල ඉහළ යන විට, වැට් බදු නගින විට ජනතාවගේ ඉවසීමේ සීමාව ද ඉහළ යන බව ආණ්ඩුවට වැටහීමක් තිබිය යුතුය. මේ සීමාවේ අග ඇත්තේ රතු කට්ට පැනීම බවද පෙන්වා දීමට කැමැත්තෙමු.

(***)

 



අදහස් (0)

ජනතා හඬට සවන්දීමත් බලවතුන්ගේ වගකීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 363 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1293 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 760 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1094 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1907 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1460 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 809 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 207 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1251 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site