IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජාත්‍යන්තර කුරුමානම් දැනගෙන සිටීම පොලිසියේ වගකීමක්

ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ට ස්කොට්ලන්තය මගින් ලබා දෙමින් තිබූ පුහුණු වැඩසටහන අත්හිටුවීමට තීන්දුවක් ගෙන ඇතැයි පසුගිය සති අන්තයේදී වාර්තා විය. මේ තොරතුරු හෙළිකරන අපගේ සහෝදර සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබුණේ එවැනි තීන්දුවක් ගනු ලැබුවත් ශ්‍රී ලංකාවේ බලධාරීන්ට නිල වශයෙන් ඒ බව දැනුම් දීමට ඒ වන විට කටයුතු කර නොතිබූ බවය.

පසුගිය ජනවාරි මාසයේදී ස්කොට්ලන්ත සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පවතින පොලිස් නිලධාරී පුහුණු වැඩසටහන සම්බන්ධ ගිවිසුම ඉදිරි වසර දෙකක කාලයක් සඳහා දීර්ඝ කෙරුණු අතර ඒ අනුව 2023 වසර දක්වා එය ක්‍රියාත්මක වීමට සැලසුම් කර තිබිණි. විදෙස් මාධ්‍ය මගින් සිද්ධිය වාර්තා කරමින් හෙළිකර තිබුණේ එකී වැඩසටහන අත්හිටුවන ලද්දේ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහ මානව හිමිකම් සංවිධාන ගණනාවක් විසින් සිදුකෙරුණු විවේචන හේතුවෙන් බවය. අද‌ාළ පුහුණු වැඩසටහනට සම්බන්ධ වූ නිලධාරීන් ඇතුළත් පොලිස් ඒකක වල මානව හිමිකම් වාර්තා පිළිබඳව පසුගිය මැයි මාසයේ සිටම ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වෙමින් තිබූ බව ද සඳහන් වෙයි.

නිව් යෝක් නගරය මූලස්ථානය කරගත් ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය පසුගිය සතියේදී ස්කොට්ලන්ත පොලිස් බළකාය අමතා ‘ශ්‍රී ලංකාව තුළ වගවීම් සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගතියක් පෙන්වනතුරු ඔවුන්ට සහාය දක්වන වැඩසටහන් අත්හිටුවන ලෙසට’ ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා කෙරිණි. වසංගත කාලය තුළදී අත්තනෝමතික රඳවා ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ නීතියට පටහැණි මරාදැමීම් සම්බන්ධව ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ට එරෙහිව අනිසි බලය යෙදවීම යටතේ චෝදනා එල්ල වීමේ වැඩිවීමක් දකින්නට ඇති බව එම සංවිධානය ප්‍රකාශ කර ඇතැයි ද සඳහන්ය.

ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් පිරිසකට මෙවැනි චෝදනා එල්ල වූ පමණින් එය ජාත්‍යන්තරයේ සාකච්ඡාවෙන ගැටලුවක් බවට පත්වීම මහත් අවාසනාවක් බව පෙන්වා දිය යුතුය. ඒ අර්ථයෙන් ගත් කල  ඇමෙරිකාවේ නිව් යෝක් පොලිසියට එරෙහිව පසුගිය කාලයේදී එල්ල වූ පොලිස් සැහැසිකම් පිළිබඳ වාර්තාව පිරික්සීම පමණක් ප්‍රමාණවත් යැයි අපි සිතමු. පසුගිය කාලයේ ලොව පුරා මහත් අන්දෝලනයකට ලක්වූ කළු ජාතික ජෝර්ජ් ප්ලොයිඩ් ඝාතනය මීට ආසන්නම උද‌ාහරණයකි.

එහිදී නිව් යෝක් පොලිසියේ සුදුජාතික පොලිස් නිලධාරියකු විසින් කළු ජාතිකයා මියයන තුරු තම දණහිසෙන් ඔහුගේ ගෙල පාගා ගෙන සිටි දර්ශනය දැක මුළු ලොවම කම්පනයට පත් වුවද ඒ හේතුවෙන් මුළු නිව් යෝක් පොලිසියටම දඬුවම් කළ යුතු බවට ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය වාර්තාවක් සකසා තිබේදැයි අපි නොදනිමු. එම සිද්ධිය ශ්‍රී ලංකාවේ පොලිසියට එරෙහිව චෝදනා එල්ල කරන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිහිප දෙනකුට අමතක වීම ද ගැටලුවකි.

එය කෙසේ වුවද ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක වීමේදී පොලිස් නිලධාරීන් විමසිලිමත්ව ක්‍රියාත්මක වීම අවශ්‍ය බවට ස්කොට්ලන්ත පුහුණුව නවතා දැමීමට බලකෙරුණු චෝදනා මගින් පෙන්වා දී තිබේ. මොනම රටක වුවද නීතිය ක්‍රියාත්මක කිරීමේ අයිතිය තිබෙන්නේ පොලිසියට වුවද එම අයිතිය මහජනතාවගේ අයිතිවාසිකම් වලට හරස් විය යුතු නැත. සාධාරණ සටන් වලදී ඊට සහභාගි වන පිරිස් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමත් ඔවුන් අමානුෂික ලෙසින් පොලිස් වාහන තුළට ඔසොවා දැමීමත් ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ ඡායාරූප බවට පත් විය. ඒවායින් ජාත්‍යන්තරය තුළ අපගේ පොලිසියට එරෙහිව ඇතිවන කළු පැල්ලම් මකාදැමීම ලෙහෙසි නැත.

අමාත්‍ය සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව විදෙස් මානව හිමිකම් සංවිධාන මගින් එල්ල කරන චෝදනා නිෂ්ප්‍රභ කර තිබිණි. ඔහු ප්‍රශ්න කර තිබුණේ එම චෝදනා ඔප්පු කිරීමට ඔවුන් සැබෑ ලෙස විමර්ශනය කර තිබේ ද යන්නය. එවැනි චෝදනා මත මේ වැඩසටහන අත්හිටුවීම බලවත් අසාධාරණයක් බව ද ඇමැතිවරයා පෙන්වා දී තිබිණි.

අප කොතරම් අකමැති වුවද ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් පිළිබඳව පැමිණිල්ලක් කිරීමට ඇහැට ඇඟිල්ලෙන් අනින තුරු ජාත්‍යන්තරය බලා සිටින්නේ නැත. අතට අසුවන ඕනෑම සුළු අවියකින් හෝ පහරදීමට සූද‌ානමින් සිටින පිරිසකට අපේ පොලිසිය බර අවි ලබා දෙන ආකාරයට කටයුතු කිරීමෙන් වැළකී සිටීම හොඳම පිළිවෙතය.

නිව් යෝක් පොලිසියේ නිලධාරියාට එරෙහිව ඉක්මනින් නඩු පැවරී ඔහුට බරපතළ දඩුවම් හිමි කර දීමට ගතවූයේ ඉතාම කෙටි කාලයකි. එහෙත් අපේ රටේ වැරදි කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව ඒ ආකාරයට නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට දකින්නට තිබෙන්නේ පොලිස් නිලධාරියා මොන වැරැද්දක් කළත් ඔහු බේරා ගැනීමට සූද‌ානමින් දේශපාලන බලධාරීන් සැදී පැහැදී සිටින බවය. එය අතීතයේදීත් සිදුවිය. වර්තමානයේත් සිදුවෙමින් පවතී. එය පොලිසියේ සාධාරණව සහ නීතියට අනුකූලව කටයුතු කරන නිලධාරීන්ට පවා මහත් අවාසියකි.

ජාත්‍යන්තරය සමග ශක්තිමත් සබඳතා පැවැත්වීමට අපොහොසත්ව සිටින රටක් මෙවැනි අවස්ථාවකදී ක්‍රියා කළ යුත්තේ ‘අත්ත බිඳෙයි පය බුරුලෙන්’ ආකාරයට බව අමුතුවෙන් කිවයුතු නැත.

(***)



අදහස් (1)

ජාත්‍යන්තර කුරුමානම් දැනගෙන සිටීම පොලිසියේ වගකීමක්

Don kumars Thursday, 19 August 2021 08:29 AM

හරිම වටිනවා කියම වැකියක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site